00Days00Hrs00Mins00Secs
2021-gis-day-institue-of-archaeology-and-heritage-studies
Nov 17 2021
2021-11-17

GIS Applications for Archaeology and Heritage Management

  • 06:00 PM
  • Online

To celebrate 2021 GIS Day, the Institute of Archaeology and Heritage Studies is hosting an online event to demonstrate GIS Applications for Archaeology and Heritage Management in Sri Lanka. The IAHS is involved in developing GIS Applications and conducting online courses for the archaeology and heritage sector in Sri Lanka.

gis-for-archaeology

This event will be conducted online due to the prevailing situation in the country. This event will demonstrate three GIS applications in archaeology and heritage management in Sri Lanka following a discussion on these three applications. Since we focus on the Sri Lankans in Archaeology and Heritage Management, we will conduct this event in Sinhala.

The following applications will be demonstrated at the event.

  • National Shipwreck Database of Sri Lanka: A project by Central Cultural Fund, Institute of Archaeology and Heritage Studies, Cultural Heritage Agency of the Netherlands – Eng. Anuradha Piyadasa, Institute of Archaeology and Heritage Studies
  • National Spatial Data Infrastructure Sri Lanka: Archaeology Tools – Ms. Nilanka Karunaratne, Information and Communication Technology Agency of Sri Lanka
  • GIS-Based Archaeological Data Management System for Anuradhapura – Dr. Nuwan Abeywardana, Rjarata University of Sri Lanka

In addition to these demonstrations Ms. Ashani (Ash) Jayasinghe – Dabare, CEO, GIS Solutions (Pvt). Ltd will talk about their contribution to the GIS applications in the archaeology and heritage sector in Sri Lanka.

Stand a chance to win an ArcGIS for Personal Use licenses

One lucky participant of this online event will get an ArcGIS for Personal Use license. The ESRI sponsors this license. A random winner will be selected during the event from the registered participants who will be present during the live event. Please register for the event using the following link.

https://us06web.zoom.us/meeting/register/tZ0ud-uqqjooE9LHR-8vS3J595xuulF5uIEM

Date: November 17, 2021
Time: 06:00 pm – 07:00 pm IST
Location: Online

2021 වර්ෂයේ GIS දිනය සැමරීම සඳහා, පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය සඳහා GIS භාවිතය පිළිබඳව ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත වැඩසටහනක් සවිධානය කර ඇත. පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සහ උරුම ක්ෂේත්‍රය සඳහා GIS භාවිතය වැඩිදියුණු කිරීම සහ මාර්ගගත පාඨමාලා පැවැත්වීම සිදු කරනු ලබයි.

රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මෙම වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය සඳහා GIS මෘදුකාංගය යොදා ගැනෙන ආකාර ත්‍රිත්වයක් පිළිබඳව සාකච්ජා කිරීමෙන් අනතුරුව එම ආකාරයන් යොදාගැනෙන අයුරු පෙන්නුම් කරනු ඇත.ශ්‍රී ලාංකික පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බැවින්, මෙම වැඩසටහන සිංහල භාෂාවෙන් පවත්වනු ලැබේ.

පහත සඳහන් GIS යොදාගැනෙන අවස්ථාවන් පිළිබඳව මෙහිදී ඉදිරිපත් කරනු ඇත.

  • ශ්‍රී ලංකාවේ මුහුදුබත් වූ නැව් පිළිබඳ ජාතික දත්ත ගබඩාව: මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, නෙදර්ලන්තයේ සංස්කෘතික උරුම නියෝජිතායතනය මගින් සිදු කරන ලද ව්‍යාපෘතියක් – ඉංජිනේරු. අනුරාධ පියදාස, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
  • ශ්‍රී ලංකාවේ ජාතික අවකාශීය දත්ත යටිතල පහසුකම් : පුරාවිද්‍යා මෙවලම් – නිලංක කරුණාරත්න මෙනවිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
  • GIS මත පදනම් වූ අනුරාධපුර පුරාවිද්‍යා දත්ත කළමනාකරණ පද්ධතිය – ආචාර්ය නුවන් අබේවර්ධන, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
    මෙම පැහැදිලි කිරීම් වලට අමතරව අශානි ජයසිංහ මෙනවිය – දාබරේ, ප්‍රධාන විධායක නිලධාරී, GIS Solutions Pvt.(Ltd) විසින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සහ උරුම අංශයේ GIS යොදගැනීම් සඳහා ඔවුන්ගේ දායකත්වය පිළිබඳව කරුණු දක්වනු ඇත.

මෙහිදී ඔබට පුද්ගලික භාවිතය සඳහා ArcGIS බලපත්‍රයක් දිනා ගැනීමට අවස්ථාවක් ඇත.
මෙම මාර්ගගත වැඩසටහනේ එක් වාසනාවන්ත සහභාගිවන්නෙකුට පුද්ගලික භාවිතය සඳහා ArcGIS බලපත්‍රයක් ලැබෙනු ඇත. මෙම බලපත්‍රය සඳහා ESRI විසින් අනුග්‍රහය දක්වයි. සජීවී ලෙස අවස්ථාවට සහභාගී වන ලියාපදිංචි සහභාගිවන්නන්ගෙන් අහඹු ජයග්‍රාහකයෙකු වැඩසටහන අතරතුර තෝරා ගනු ලැබේ. කරුණාකර පහත සබැඳිය භාවිතා කර වැඩසටහන සඳහා ලියාපදිංචි වන්න.

https://us06web.zoom.us/meeting/register/tZ0ud-uqqjooE9LHR-8vS3J595xuulF5uIEM

දිනය: 2021 නොවැම්බර් 17
වේලාව: ප.ව. 06:00 – ප.ව. 07:00 IST
ස්ථානය: මාර්ගගත