Members - සුපුන් සිරිවර්ධන

සුපුන් සිරිවර්ධන

දේශක

සුපුන් සිරිවර්ධන සිය ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිය කොළඹ විශ්වසුපුන් සිරිවර්ධනවිද්‍යාලයෙන් සම්පූර්ණ කරන ලද අතර විද්‍යාපති උපාධිය (Masters) භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සන්නිවේදනය යන අංශයෙන් ඉහළ සාමාර්ථයන් සහිතව සම්පූර්ණ කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි.

ඔහු මේ වන විට GIS Solutions Pvt Ltd ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වශයෙන් කටයුතු කරයි. තවද විද්‍යුත් දත්ත කළමනාකරණය සඳහා ArcGIS Server Solution ව්‍යාපෘතියෙහි GIS ව්‍යාපෘති කළමනාකරු සහ GIS විශේෂඥවරයා වශයෙන් ද කටයුතු කරයි.

සාගර විශ්වවිද්‍යාලයේ Transport Geography විෂය සඳහා බාහිර දේශකවරයෙකු වශයෙන් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධි විෂයමාලාවෙහි භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සන්නිවේදනය විෂය පිළිබඳ බාහිර දේශකයෙකු වශයෙන් ද සුපුන් සිරිවර්ධන කටයුතු කර ඇත. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය මඟින් රජයේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් සඳහා මාර්ගගත පුහුණුවක් වශයෙන් ක්‍රියාත්මක කෙරුණු GIS as an Effective Decision Supporting Tool යන දේශන සඳහා ද සුපුන් සිරිවර්ධන මහතා සම්බන්ධ විය. තවත් විවිධ වූ මාර්ගගත දේශන සඳහා ද සම්පත්දායකයෙකු වශයෙන් ද ආරාධිත දේශකයෙකු වශයෙන් ද ඔහු සම්බන්ධ වී ඇත.

2016 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙහි Esri User Conference, Community Driven Development (CDD) ඇතුළු ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබාගැනීමට ද මොහුට හැකියාව ලැබී තිබෙයි.