ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව: හැඳින්වීම

මිනිස් අතීතය පිළිබඳව භෞතික අවශේෂ තුළින් අවබෝධයක් ලබාගැනීම සඳහා වර්ධනය කර ඇති ශික්ෂණයකි, පුරාවිද්‍යාව. එකී විෂය මඟින් විධිමත් ව හදාරනු ලබන පුරාවිද්‍යා සහ සංස්කෘතික උරුමය බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් හා උද්යෝගයක් මතු කිරීමට හේතු වී ඇත. පුරාවිද්‍යාව විෂය ශුද්ධ විද්‍යාත්මක මෙන් ම සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පදනමක සිට අධ්‍යයනය කළ යුතු විෂයකි. වසර මිලියන කීපයක් ඈතට දිවෙන මානව අතීතය අධ්‍යයනය කිරීමට අවශ්‍ය සංකල්පීය රාමුව හා තාක්ෂණික පදනම පුරාවිද්‍යාවෙන් ලබා දෙනු ලැබේ. පුරාවිද්‍යාව පිළිබඳ නිසි අවබෝධයකින් තොර ව අතීත මානවයා විසින් ශේෂ කර ගොස් ඇති දෑ හැදෑරීම හෝ ඒ හරහා අතීතය අරුත් ගැන්වීම අපහසු කාර්යයකි.

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මාර්ගගත දේශන පාඨමාලා ඔස්සේ පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයනයන් සඳහා ජනතාවට පහසු ප්‍රවේශයක් ඇති කරමින් ශ්‍රී ලංකාව සතු අද්විතීය සංස්කෘතික උරුමය සොයා යෑමට මං එළි පෙහෙලි කිරීම යන අපගේ අරමුණ මත සිට ආරම්භ කරන නවතම පාඨමාලාව “ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කඩිනම් පාඨමාලාව 2021″ වේ.

පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික උරුම පිළිබඳ උනන්දුවක් දක්වන ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබාගැනීමට කැමැත්තක් දක්වන අයවලුන් වෙනුවෙන් මෙම මාර්ගගත, කඩිනම් පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. විශේෂයෙන් ම විධිමත් අධ්‍යාපනය තුළ දී පුරාවිද්‍යාව පිළිබඳ හැදෑරීමට අවස්ථාවක් නොලැබූ පුද්ගලයින් වෙත මෙම විෂය පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීම අරමුණු කරමින් මෙම පාඨමාලාව සකස් කර ඇත.

මෙම පාඨමාලාව හරහා විෂයක් වශයෙන්   පුරාවිද්‍යාව හා එහි අන්තර්ගත මූලික සංකල්පත් අවබෝධ කරගැනීමට සලසා දෙන ඉඩකඩ තුළින් පුරාවිද්‍යාව, එහි භාවිතය මෙන් ම ඒ හා සම්බන්ධ සමාජ කථිකාවත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාර්ථියාට හැකියාව ලැබේ.

පැය 2 බැගින් සංවිධානය වූ දේශන වාර 13ක් ඔස්සේ ඉදිරිපත් වන මෙම පාඨමාලාව සම්පත් දායකත්වය පුරාවිද්‍යා කේෂත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති විද්වතුන් පිරිසක් විසින් ලබා දෙනු ලැබේ. ඔබගේ නිවසේ සිටම  පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් මෙම පාඨමාලාව මඟින් ඔබට හිමි කර දෙනු ඇත.

[/vc_column_text][vc_btn title=”ලියපදිංචිය වන්න” style=”modern” color=”primary” size=”lg” align=”center” link=”url:https%3A%2F%2Fforms.office.com%2Fr%2FZTpBcYiGWC|title:%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1|target:_blank”][/vc_column][vc_column width=”1/2″][vc_column_text]

මෙම පාඨමාලාව කවුරුන් සඳහා ද?

• පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධයාපනයක් නොලැබූ එහෙත් ඒ පිළිබඳ රුචිකත්වයක් ඇති අයවලුන් සඳහා
• පුරාවිද්‍යාව හා ඒ ආශ්‍රිත ආයතනයන්හි සේවය කරනු ලබන පුරාවිද්‍යා උපාධිධාරි නොවන අයවලුන් සඳහා
• ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හැදෑරීමට අපේක්ෂා කරන හා බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යා විෂය හදාරන්නන් සඳහා
• පාසලෙහි ඉතිහාස විෂය උගන්වනු ලබන ගුරුවරුන් සඳහා
• ඉතිහාස විෂය හදාරනු ලබන උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පාසල් සිසුන් සඳහා

පාඨමාලාවේ අරමුණු

මෙම පාඨමාලාව සාර්ථකව හදාර්න විද්‍යාර්ථීන්,
I. පුරාවිද්‍යාව යන විෂය හා සංකල්පය අවබෝධ කරගනී
II. පුරාවිද්‍යාව හා එහි මූලික සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබා ගනී

ඉගෙනුම් ඵල

මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන විද්‍යාර්ථීන්ට,
I. පුරාවිද්‍යාව යනු කුමක්ද යන්න පැහැදිලි කළ හැකි වේ
II. මිනිස් අතීතය හදාරන විධිමත් විෂයක් වශයෙන් පුරාවිද්‍යාව අර්ථදැක්විය හැකි වේ.
III. පුරාවිද්‍යාව හා ඒ හා සම්බන්ධ මූලික සංකල්ප පැහැදිලි කළ හැකි වේ
IV. පුරාවිද්‍යා දැනුම හා ඒ හා සම්බන්ධ සමාජ කථිකාව පැහැදිලි කළ හැකි වේ

පාඨමාලාව පිළිබඳ තොරතුරු

දේශන ක්‍රමය: මාර්ගගත
පාඨමාලා ආරම්භක දිනය: 2021.06.21
ලියාපදිංචි වීමට අවසන් දිනය: 2021.06.18
මාධ්‍ය: සිංහල

වේලාව : පැය දෙක බැගින් වූ සැසි 13 (පැය 26)

(සෑම සැසියකම පැය 01 යි විනාඩි 40ක් දේශන සඳහා හා ඉතිරි විනාඩි 20 සාකච්ඡාව සඳහා වෙන් වේ.)

දේශන සෑම සතියේ දිනකම සඳුදා හා බ්‍රහස්පතින්දා ප.ව.8 සිට ප.ව. 10 දක්වා පැවැත්වේ

විෂය ඒකකය

විෂය ඒකකය දිනය
සමාරම්භය 2021 ජුනි 21
01 දේශනය – පුරාවිද්‍යාව හඳුනා ගනිමු 2021 ජුනි 24
02 දේශනය – ලෝක පුරාවිද්‍යාවේ ආරම්භය හා විකාශනය 2021 ජුනි 28
03 දේශනය – පුරාවිද්‍යා විෂයේ ස්වභාවය 2021 ජුලි 01
04 දේශනය – මිනිස් අතීතයේ යුග බෙදීම 2021 ජුලි 05
05 දේශනය – පුරාවිද්‍යා ගවේෂණය 2021 ජුලි 08
06 දේශනය – පුරාවිද්‍යා කැනීම 2021 ජුලි 12
07 දේශනය – පුරාවිද්‍යා කාලනීර්ණය 2021 ජුලි 15
08 දේශනය – විවිධ පුරාවිද්‍යා ක්ෂේත්‍ර, ඒවායේ ස්වභාවය හා ඒවා හඳුනා ගැනීම 2021 ජුලි 19
09 දේශනය – ජලාශ්‍රිත හා මුහුදු පුරාවිද්‍යාව 2021 ජුලි 22
10 දේශනය – පුරාවිද්‍යාව හා නූතන තාක්ෂණය 2021 ජුලි 26
11 දේශනය – පුරාවිද්‍යා නීතිය හා පුරාවස්තු ආඥාපනත 2021 ජුලි 29
12 දේශනය – පුරාවිද්‍යාව, නව ප්‍රවණතා හා ජනතාව 2021 අගෝස්තු 02
13 දේශනය – සාරාංශය හා පොදු සාකච්ඡාව 2021 අගෝස්තු 05

පාඨමාලා ගාස්තු පිළිබඳ තොරතුරු

මුළු පාඨමාලා ගාස්තුව රු. 7500.00 ක් වන අතර එම මුළු මුදල 2021 ජුනි 18 දිනට පෙර ගෙවිය යුතු වේ. ඔබට මුදල් බැංකුවට, අන්තර්ජාලය හරහා ක්‍රෙඩ්ට් කාඩ්, මොබයිල් මනි, හා වෙනත් ඔබට පහසු ආකාරයට මුදල් ගෙවිය හැක. ඔබ ලියාපදිංචි වු පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙනු ඇත.

අදාළ දිනයට පෙර ගාස්තුව ගෙවූ පුද්ගලයෙකුට කිසියම් හේතුවක් නිසා මෙම පාඨමාලාවට සහභාගී වීමට නොහැකි නම්, 2021.06.18 දින හෝ ඊට පෙර කරන ලද ලිඛිත ඉල්ලීමක් මත පාඨමාලා ගාස්තුව ඔහුට / ඇයට ආපසු ගෙවනු ලැබේ. කෙසේ වෙතත්, පරිපාලන ගාස්තුව රු. 500 / = සම්පූර්ණ මුදලෙන් අඩු කරනු ලැබේ.

සහතික පත්‍රය

පාඨමාලාව අවසානයේදී සහභාගී වූ සියලු දෙනාට ආයතනය විසින් සහතික පත්‍රයක් නිකුත් කරනු ලබන අතර 80% සහභාගීත්වය ද අනිවාර්ය වේ.

පාඨමාලාවේ අන්තර්ගතය

01 දේශනය

පුරාවිද්‍යාව හඳුනා ගනිමු 

(අර්ථ දැක්වීම , මූලාශ්‍රය, ඉතිහාසය හා පුරාවිද්‍යාව, පුරාවිද්‍යාවේ අධ්‍යයන ක්‍රියාවලිය ඇතුළු තවත් උප මාතෘකා)

02 දේශනය

ලෝක පුරාවිද්‍යාවේ ආරම්භය හා විකාශනය
(විෂය ආරම්භ වීමේ පසුබිම, විධිමත් විෂයක් දක්වා වර්ධනය වූ ආකාරය මෙන්ම ලෝක පුරාවිද්‍යාවේ වැදගත් පුද්ගලයින් පිළිබඳ)

03 දේශනය

පුරාවිද්‍යා විෂයේ ස්වභාවය
(සම්භාවය පුරාවිද්‍යාව හා නව පුරාවිද්‍යාව, අන්තර් හා බහූ විෂයීය ස්වාභාවය, විෂයීය බෙදීම හා අනු/උප විෂයයන්, නයායාත්මක හා ප්‍රායෝගික පුරාවිද්‍යාව)

04 දේශනය
මිනිස් අතීතයේ යුග බෙදීම
(මිනිස් අතීතය අධ්‍යයනය කිරීමේ දි දලෝක මට්ටමින් සකසා ඇති කාල පරිච්ජේදකරණය පිළිබඳ)

05 දේශනය
පුරාවිද්‍යා ගවේෂණය
(පුරාවිද්‍යා දත්ත සොයා ගැනීම සඳහා සිදුකරන ගවේෂණය හා විවිධ්‍ ගවේෂණ ක්‍රම පිළිබඳ)

06 දේශනය
පුරාවිද්‍යා කැනීම
(පුරාවිද්‍යා දත්ත අනාවරණය කරගන්නා ක්‍රමයක් වශයෙන් පුරාවිද්‍යා කැනීම, අරමුණු, ක්‍රම හා දත්ත වාර්තා කරන ආකාරය)

07 දේශනය
පුරාවිද්‍යා කාලනීර්ණය
(පුරාකෘතිවල කාලය නියම කිරීම සඳහා භාවිත කරනු ලබන සාපේක්ෂ හා නිරපේක්ෂ කාලනීර්ණ ක්‍රම පිළිබඳ පැහැදිලි කිරීම)

08 දේශනය
විවිධ පුරාවිද්‍යා ක්ෂේත්‍ර, ඒවායේ සේවභාවය හා ඒවා හඳුනා ගැනීම
(පුරාවස්තු, පුරාවිද්‍යා ස්ථාන, පුරාවිද්‍යා ක්ෂේත්‍ර හා පුරාවිද්‍යා කලාප, පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීම හා ඒවා අනාවරණය වන ක්‍රම පිළිබඳ)

09 දේශනය
ජලාශ්‍රිත හා මුහුදු පුරාවිද්‍යාව
(ජලාශ්‍රිත හා මුහුදු පුරාවිද්‍යාව යනු කුමක් ද්‍? ඒ සඳහා භාවිත කරන විධික්‍රම හා මේ දක්වා සිදුකර ඇති අධ්‍යයන කීපයක්.)

10 දේශනය
පුරාවිද්‍යාව හා නූතන තාක්ෂණය
(පුරාවිද්‍යා දත්ත එක්රැස් කිරීම, අධ්‍යයන කටයුතු හා දැනුම බෙදාදීම සඳහා භාවිත කළ හැකි නොමිලේ ලබාගත හැකි මෘදුකාංග, මෙවළම් හා උපකරණ පිළිබඳ)

11 දේශනය
පුරාවිද්‍යා නීතිය හා පුරාවස්තු ආඥාපනත
(පුරාවස්තු හා පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක වන නීතිය පිළිබඳ අවබෝධයක් මෙම දේශනය මඟින් ලබා දෙනු ඇත)

12 දේශනය
පුරාවිද්‍යාව, නව ප්‍රවණතා හා ජනතාව
(පුරාවිද්‍යාව විෂයක් වශයෙන් ජනසමාජයට ඉහළ සංවේදීතාවක් ඇති විෂයකි. එබැවින් පුරාවිද්‍යා විෂයෙන් බිහිකරන දැනුම පිළිබඳ දැඩි සංවේදීතාවක් ජනසමාජය තුළ පවතින බැවින්ම ඒ පිළිබඳ අධි අර්ථකතන හා ව්‍යාජ අර්ථකථන ලබා දීමට පෙළඹීමක් ඇති වී ඒ තුළින් ‘ව්‍යාජ පුරාවිද්‍යාවක්’ බිහි වී ඇත. එබැවින් මෙහි දී මෙකී ධාරණවේ විවිධ පරාමිතීන් පිළිබඳ සාකච්ඡා කෙරේ)

13 දේශනය
සාරාංශය හා පොදු සාකච්ඡාව
(ඉහත දේශන පිළිබඳ සාරාංශගත කිරීමක් හා අදාළ විෂය පරාසය පිළිබඳ සියලු දේශකයින්ගේ සහභාගීත්වයෙන් පොදු සාකච්ඡාවක් සඳහා අවස්ථාව ඇත. මෙහි දී අපැහැදිලි විෂය කරුණු පැහැදිලි කරගැනීම ඇතුළු විවෘත සාකච්ඡාවන් සඳහා අවස්ථාව ලැබේ.)

ආචාර්ය මණ්ඩලය

1.මහාචාර්ය සෙනරත් දිසානායක

හිටපු අධ්‍යක්ෂ ජනරාල් – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

පුරාවිද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය (කැළණිය විශ්වවිද්‍යාලය),දර්ශනපති උපාධිය (කැළණිය විශ්වවිද්‍යාලය),  දර්ශනසූරී උපාධිය, දකුණු ආසියානු පුරාවිද්‍යා සංගමයේ උප සභාපති, ICOMOS ශ්‍රී ලංකා ආයතනයේ  හිටපු සභාපති,ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සංගමයේ හිටපු සභාපති

2. මහාචාර්ය ගාමිණී රණසිංහ

ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

අධ්‍යක්ෂ ජනරාල් – මධ්‍යම සංස්කෘතික අරමුදල

පුරාවිද්‍යා ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), විද්‍යාපති උපාධිය (කැළණිය විශ්වවිද්‍යාලය), දර්ශනපති උපාධිය (ෂියාමන් විශ්වවිද්‍යාලය)

3. ආචාර්ය වැලිවිටගේ ඉශංක මල්සිරි

කථිකාචාර්ය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය

පුරාවිද්‍යා ශාස්ත්‍රෙව්දී උපාධිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය ), දර්ශනපති උපාධිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය ) පුරාවිද්‍යාව දර්ශනසූරී උපාධිය (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය)

4. රසික මුතුකුමාරණ

මුහුදු පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි (මධ්‍යම සංස්කෘතික අරමුදල)

පුරාවිද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය, දර්ශනපති උපාධිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), දර්ශනසූරී උපාධිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය).

5. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

පුරාවිද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), විද්‍යාපති උපාධිය (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)

6. ඉංජිනේරු අනුරාධ පියදාස

ඉංජිනේරු ශාස්ත්‍රපති උපාධිය (මොරටුව විශ්වවිද්‍යාලය), ඉංජිනේරු විද්‍යාපති උපාධිය (මොරටුව විශ්වවිද්‍යාලය), පුරාවිද්‍යා විද්‍යාපති උපාධිය (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)

පාඨමාලා සම්බන්ධීකාරක 

සිතානි ජයතිස්ස

 දු.ක. අංකය – +91712447624

ඊමේල් ලිපිනය—sithani@iahs.lk

 

 

හර්ෂනී පත්මකුලසූරිය

දු.ක. අංකය – +94714105567

ඊමේල් ලිපිනය – harshani.pathmakulasooriya@gmail.com