📜 මහාවංශය: වංශකතාවෙන් ඉතිහාසයට

මහාවංශය කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාස පොතක් ද?

මහාවංශය රචනා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ඉතිහාසය ලිවීමේ අරමුණින් නොවේ. එබැවින්, ඉතිහාසය හැදෑරීමේදී අපට වැදගත් වන ඇතැම් කරුණු එහි නොමැති අතර, එහි සඳහන් තොරතුරු ද කෘතිය රචනා කළ අරමුණ හා එහි දෘෂ්ටිකෝණය තේරුම් ගනිමින් විමර්ශනය කළ යුතුය.

එසේ නම්, මහාවංශයෙන් ඉතිහාසය කියවන්නේ කෙසේද?
එහි සඳහන් කරුණු වෙනත් සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක සාධක සමඟ සසඳන්නේ කෙසේද?
මහාවංශයේ වටිනාකම්, සීමාවන් හා නූතන විවාද අප තේරුම් ගත යුත්තේ කෙසේද?

මේ සියල්ල විමර්ශනාත්මකව හැදෑරීමට ඔබට අවස්ථාව ලබාදෙන,

🎓 “මහාවංශය: වංශකතාවෙන් ඉතිහාසයට”
මාර්ගගත පාඨමාලාව

Institute of Archaeology and Heritage Studies – IAHS විසින් සංවිධානය කරනු ලැබේ.

🔎 පාඨමාලාවෙන් ඔබ අධ්‍යයනය කරන්නේ

• ශ්‍රී ලාංකේය සාහිත්‍ය සම්ප්‍රදායේ ආරම්භය, වර්ධනය හා මහාවංශය
• මහාවංශයේ රචනා අරමුණු, දුර්වලතා හා වටිනාකම්
• ප්‍රාග් බෞද්ධ අවධිය පිළිබඳ මහාවංශ සටහන්
• මහින්දාගමනය හා බුදුදහම ස්ථාපිත වීම පිළිබඳ මහාවංශ කියවීම
• එක්සේසත් රාජ්‍යය හා මහාවංශ දැක්ම
• රාජවංශ, ආක්‍රමණ හා ආක්‍රමණිකයන් පිළිබඳ මහාවංශ දෘෂ්ටිය
• අනුරාධපුරයෙන් පොළොන්නරුවට සහ ඉන් පසු ඓතිහාසික ගමන්මඟ
• මහාවංශයේ සඳහන් කරුණු පුරාවිද්‍යාත්මක සාධක මඟින් විමර්ශනය කිරීම
• මහාවංශය පිළිබඳ නූතන සැකසංකා හා මතවාද
• ජාතික කෘතියක් ලෙස මහාවංශයේ වැදගත්කම

💻 මාර්ගගත පාඨමාලාව
🗣️ දේශන මාධ්‍යය – සිංහල
⏱️ දේශන කාලය – පැය 30
📅 පාඨමාලා කාලය – මාස 2
🕗 අඟහරුවාදා සහ සිකුරාදා | රාත්‍රී 8.00 – 10.00
🌐 Microsoft Zoom ඔස්සේ

✅ විශේෂ පූර්ව සුදුසුකම් අවශ්‍ය නොවේ.

ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට, ගුරුවරුන්ට, පාසල් සිසුන්ට, පර්යේෂකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට මෙම පාඨමාලාව විවෘතයි.

📚 වංශකතාවක් ලෙස පමණක් නොව, මූලාශ්‍ර විමර්ශනයෙන් ඉතිහාසය සොයා යමු.

🔗 වැඩි විස්තර හා ලියාපදිංචිය:
https://lms.iahs.lk/courses/mahavamsa-2026/

💬 WhatsApp: +94 712 211 233

Institute of Archaeology and Heritage Studies – IAHS