පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=

පාඨමාලව හදාරන සියලු දෙනාට Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Volume I පොත නොමිලේ ලබා දේ.

අයදුම්පත් භාර ගැනීම
2022 ඔක්තෝබර් මස 01 වන දින සිට
2022 ඔක්තෝබර් මස 14 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2022 ඔක්තෝබර් මස 17 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2022 ඔක්තෝබර් මස 1

 

හැඳින්වීම:

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය – පළමු වැනි පාඨමාලාව” ශ්‍රී ලංපුරා අක්‍ෂර හා අභිලේඛනකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය – පළමු වැනි පාඨමාලාව, අප ආයතනය හඳුන්වා දෙන නවතම පාඨමාලාවයි.

පුරාවිද්‍යා විෂය වනාහි වර්තමානය වන විට ශීඝ්‍ර ජනප්‍රියතාවක් අත්කරගෙන ඇත්තා වූත්, මහජන ආකර්ශනයට පත් වන්නා වූත් විෂයකි. මේ සඳහා සමාජ මාධ්‍යය හා විවිධ ජනමාධ්‍යය තුළින් ලැබී ඇති දායකත්වය ද හේතු වී ඇත. එකී ජනප්‍රියතාවට තදානූරූපීව ශ්‍රී ලාංකේය ඉතිහාසය හා පුරාවිද්‍යාව වැනි විෂය පරාසයන් තුළින් පසුගිය කාලයේ දී නිර්මාණය කර ඇති දැනුම සම්බන්ධ ව්‍යාජ හා මිත්‍යාසහගත නොමැති නම් සාධක සමඟ තදානුරූපී නොවන විප්‍රකාර ද සමාජගතවන බව දැකගත හැකි වේ. ඊට සමාන්තරව, මෙරට පැරණිම අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ විවිධ අශාස්ත්‍රීය පුද්ගලයින් හා සංවිධාන විසින් ලබා දී ඇති ව්‍යාජ මුහුණුවරයන් ද දැකගත හැකි වේ.

අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ සමාජයේ බහුතර පුරවැසින්ගේ අවම දැනුවත් බව හේතුවෙන් පුරාකෘති හා අභිලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිනෙන් දින සමාජයට අහිමි වීම ද මෙම නොදැනුවත් බවේ තවත් ඛේදනීය පැතිකඩකි. අභිලේඛන හා අභිලේඛනයන්ගේ අන්තර්ගතයන් පිළිබඳ ලබා දී ඇති ව්‍යාජ අර්ථකථන හා වරදවා වටහා ගැනීමේ හේතුවෙන් මෙරට ඉතිහාසය මෙන් ම පැරණි සමාජය පිළිබඳ ලබාදෙන අර්ථදැක්වීම් ද තදබල ආකාරයෙන් විකෘති වීම ද තවත් සැලකිය යුතු ඛේදවාචකයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පීඨ හා මානවශාස්ත්‍ර පීඨයන් හි විද්‍යාර්ථිනට හා පිරිවෙන් විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරා අක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ සිංහල බස වහරනු ලබන පුරවැසියනට අවබෝධයක් ලබා දීමේ පොදු අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. මාර්ගගත ආකාරයෙන් පැවැත්වෙන මෙම කෙටිකාලීන පාඨමාලාව පහත දැක්වෙන විවිධ කණ්ඩායම් නියෝජනය කරන සාමාජිකයින් වෙත විධිමත් දැනුමක්, අවබෝධයක් හා විෂය පිළිබඳ පරිචයක් ලබා දීම ඉලක්ක කර ඇත.

  • බාහිර උපාධි පාඨමාලා සඳහා අභිලේඛන විද්‍යාව හා පුරා අක්‍ෂර විද්‍යාව, පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • පශ්චාත් උපාධි අපේක්‍ෂකයින් විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හා ඉතිහාසය පාඨමාලා හැදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්
  • ශ්‍රී ලංකාවේ සංචාරක මඟපෙන්වන්නන්, ඉතිහාස විෂය උගන්වනු ලබන පාසල් ගුරුවරුන්
  • විනෝදාංශයක් වශයෙන් හෝ සංචාරක අරමුණින් පුරාවිද්‍යා සොයාබැලීම් කටයුතුවල නියැලෙන පුරවැසියන්
  • ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ විධිමත් හා නිවැරදි කරුණු පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීම සඳහා උනන්දු පුරවැසියන්
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ නිවැරදි විෂය දැනුමක් ලබා ගැනීමට උනන්දු දිවයිනෙන් බැහැරව සිටින අයවළුන්

සම්පත් දායකයින් කවුද?

ඉන්දිය අර්ධද්වීපක කලාපයේ විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ භාවිත ප්‍රමුඛ අක්‍ෂර පද්ධතියක් වූ බ්‍රාහ්මී අක්‍ෂර මාලාව හා පැරණිම බ්‍රාහ්මී ලේඛන පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් හා පරිචයක් ලබා දීම අරමුණු කරමින් මාර්ගගත ආකාරයන් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. වසර දශකයකට වැඩි කාලයක් තුළ මාර්ගගත ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්‍රමුඛ ආයතනය වන archaeology.lk/Institute of Archaeology and Heritage Studies (IAHS) ආයතනය විසින් මෙම පාඨමාලාව සම්බන්ධිකරණය කොට ඉදිරිපත් කරනු ලැබේ. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය මේ වන විට පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත දැනුම මාර්ගගත ආකාරයෙන් බෙදාහරින දිවයිනේ ප්‍රමුඛ ආයතනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ පුරා අක්‍ෂර හා අභිලේඛන විද්‍යාව පිළිබඳ ඉගැන්වීම පිළිබඳ පරිචයක් සහිත ඒ විෂය පරාසය පිළිබඳ පර්යේෂණාත්මක නැඹුරුවක් සහිත ශාස්ත්‍රාලීය විද්වතුන් විසින් මෙම ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාවේ සම්පත් දායකත්වය දරනු ලැබේ. මෙම සම්පත් දායකයින් වසර ගණනාවත් තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රම මෙන් ම ජනමාධ්‍යය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට විධිමත් පුරාවිද්‍යා දැනුම සාමාජගත කිරීමේ කාර්යයේ දී ප්‍රමුඛ කාරයභාරයක් සිදුකළ විද්වතුන් වීම ද විශේෂත්වයකි.

පූර්ව සුදුසුකම්

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් / සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. මාර්ගගත පාඨමාලා ව සමඟ සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ අභිලේඛන/සෙල්ලිපි පිළිබඳ උනන්දු හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් පැවතීම මෙම විෂය මැනවින් ග්‍රහණය කරගැනීම සඳහා හේතු වනු ඇත.

පාඨමාලාවේ අරමුණ

  • මාර්ගගත (කෙටි කාලින) මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීම මඟින් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.
  • ශ්‍රී ලංකාවේ අභිලේඛන අධ්‍යයනයන්ගේ ආරම්භය හා විකාශය පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ඉන්දීය උප මහාද්වීපික කලාපයේ භාවිත පැරණිම බ්‍රාහ්මි අක්ෂර මාලාව පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ඉන්දීය උප මහාද්වීපික කලාපයේ හා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද බ්‍රාහ්මි අක්ෂර මාලාව පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ඉන්දීය උප මහාද්වීපික කලාපයේ හා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද බ්‍රාහ්මි අක්ෂර මාලාව පිළිබඳ පරිචයක් ලබා දීම
  • ශ්‍රී ලංකාවේ ආරම්භ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා කාලසීමාවට අයත් බ්‍රාහ්මී අභිලේඛන කියවීම පිළිබඳ පුහුණුවක් ලබා දීම
  • ශ්‍රී ලංකාවේ ආරම්භ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා කාලසීමාවට අයත් බ්‍රාහ්මී අභිලේඛන වටහා ගැනීම හා අර්ථකතනය කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දීම

අධ්‍යයන ඵල

  • මෙම කෙටි කාලීන (මාර්ගගත) පාඨමාලාව හදාරණ විද්‍යාර්ථිනට අදාළ පාඨමාලා කාලය සාර්ථක ව අවසන් කිරීමෙන් පසු ව;
  • ශ්‍රී ලංකාවේ අභිලේඛන අධ්‍යයනයන්ගේ ආරම්භය, විකාශය හා මෙරට අභිලේනඥයින් පිළිබඳ විස්තර කළ හැකි වේ
  • බ්‍රාහ්මි අක්ෂර මාලාවේ ප්‍රභවය හා විකාශය පැහැදිලි කළ හැකි වේ.
  • බ්‍රාහ්මි අක්‍ෂර හඳුනා ගැනීම, කියවීම හා එම අක්‍ෂර භාවිතයෙන් වාක්‍ය ගොඩනැඟිය හැකි වේ.
  • මෞර්ය අසෝක අධිරාජ්‍යයා විසින් ලියවන ලද සෙල් ලිපි කියවීමේ හැකියාව ලැබේ
  • ශ්‍රී ලංකාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන (ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා) කියවීමේ හැකියාව ලැබේ
  • ශ්‍රී ලංකාවේ පැරණිම බ්‍රාහ්මී අභිලේඛන වටහා ගැනීමේ හැකියාව හා ඒවා අර්ථකථනය කිරීමේ හැකියාව ලැබේ

පහත වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට බ්‍රාහ්මි අක්ෂර වලින් ලියු සෙල් ලිපියක් කියවීමේ හැකියාව මෙම පඨමාලාව හැදැරීමෙන් හා ඔබගේ කැපවීමෙන් ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය: පාඨමාලා අන්තර්ගතය

අන්තර්ගතය

දේශන කාලය (පැය)

සම්පත් දායකයින්

1 ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව හඳුන්වා දීම (පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය) 2 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල
2 පුරාඅක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව 2 චන්දිම අඹන්වල
3 ඉතිහාස මූලාශ්‍රයක් වශයෙන් අභිලේඛන හැදැරීමේ වැදගත්කම 2 ඉසංඛ මල්සිරි
4 ශ්‍රී ලංකාවේ අභිලේඛන හැදෑරීමේ අතීතය 2 චන්දිම අඹන්වල
5 බ්‍රාහ්මි අක්ෂර මාලාවේ ප්‍රභවය හා විකාශය 2 ඉසංඛ මල්සිරි
6 බ්‍රාහ්මි අක්ෂර මාලාව : බ්‍රාහ්මි හෝඩිය 2 චන්දිම අඹන්වල
7 බ්‍රාහ්මි අක්ෂර මාලාව : පිළි භාවිතය 2 චන්දිම අඹන්වල
8 බ්‍රාහ්මි අක්ෂර මාලාව : චවන තැනීම 2 චන්දිම අඹන්වල
9 ඉන්දියාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන ¸ 2 චන්දිම අඹන්වල
10 ඉන්දියාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන ¸¸ 2 චන්දිම අඹන්වල
11 ශ්‍රී ලංකාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන (ක්‍රි.පූ. 3 සි. – 1 සි. දක්වා) 2 චන්දිම අඹන්වල
12 ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මි ලේඛන (ක්‍රි.ව. 1 සි. – 3 සි. දක්වා ලිපි) ¸ 2 චන්දිම අඹන්වල
13 ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මි ලේඛන (ක්‍රි.ව. 1 සි. – 3 සි. දක්වා ලිපි)  ¸¸ 2 චන්දිම අඹන්වල
14 විශේෂ දේශනය : අනුරාධපුරයෙන් හමු වූ පැරණිම බ්‍රාහ්මී අක්ෂර 2 චන්දිම අඹන්වල
15 පොදු සාකච්ඡාව (දේශන මාලාවේ දී ඉදිරිපත් කළ මාතෘකා හා අදාළ පොදු සාකච්ඡාවකි. විද්‍යාර්ථින්ගේ හා සම්පත් දායකයින්ගේ අදහස් සඳහා ද මෙම සැසියේ දි අවස්ථාව ලැබේ.) 2 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල
සම්පුණ දේශන කාලය 30

 

දේශන පැවැත් වෙන ආකාර

දේශන

මාර්ගගත දේශන කාලය පැය 30කි.

මෙම ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ.  මේ සඳහා Microsoft Teams මෘදුකාංගය භාවිතා කරනු ඇත.  මෙම දේශන අඟහරුවදා හා සිකුරාදා රාත්‍රි 8 සිට 10 දක්වා  පැවැත්වේ.  මේ දිනවල පවතින විදුලි කප්පාදුව අනුව මෙම දේශන පැවැත්වෙන වේලාව වෙනස් විය හැක.  මෙහිදී දේශකයාට විදුලිය ඇති අවස්ථාවක දේශන ත් වනු ඇත.  ඒ පිළිබඳව අඩුම වශයෙන් එක් දිනකට පෙර ඔබව දැනුවත් කරනු ඇත. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් කරුණාකර අප හටහට යොමු කරන්න. අප එම දේශනය පැවැත්වූ දේශකයාගෙන් එම ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාගෙන ඔබ වෙත දැනුම් දෙනු ඇත.

මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

සටහන – රටේ පවතින වාතාවරනය අනුව මෙම දේශන පැවැත් වෙන දින වල වෙනසක් ඇති විය හැක. සෑම විටම එවැනි වෙනස් විම් කල් ඇතුව ඔබට දැනුම් දිමට අප උත්සහ කරමු.

ප්‍රායෝගික

සහභාගි වන විද්‍යාර්ථින්ගේ රුචිකත්වය මත අනුරාධපුර / පොළොන්නරු ඓතිහාසික ප්‍රදේශ අළලා ක්‍ෂේත්‍ර සංචාරය. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවේ.)

අප ආයතනයේ ලියාපදිංචි වන සිසුන්ට ලැබෙනා අමතර වාසි

අප ආයතනයේ ලියාපදිංචි වන සියළුම සිසුන් සඳහා අප ආයතනය මගින් ඊමේල් ලිපිනයක් ලබා දෙනු ඇත. මෙම ඊමේල් ලිපිනය භාවිතා කර Microsoft Team මෘදුකාංගය හරහා අපගේ දේශන වලට සම්බන්ධ විය හැක.

මෙයට අමතරව Micorsoft Word, Microsoft Excel හා Microsoft PowerPoint යන මෘදුකාංග වල වෙබ් භාවිතයන් සඳහා බලපත්‍රයක් ලෙස නිම ඊමේල් ලිපිනය භාවිතා කළ හැක.

මෙම ලියාපදිංචිය හාරහා ඔබට අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට(Learning Management System) සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලැබෙන අතර එමඟින් පාඩම් වල පටිගත කළ වීඩියෝ, පාඩම් වලට අදාල ඉදිරිපත් කිරීම්, හා අමතර සටහන් ඔබ හට ලබාගත හැකි වනු ඇත. තවද මේ හරහා ඔබට ඇති ගැටළු ද ඉදිරිපත් කළ හැක.

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම

මෙම පාඨමාලාවේ දී දේශකයාගේ අවධානය සිසුන් වෙනුවෙන් වැඩිපුර යෙදවීමට සිදු වන බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2022 ඔක්තෝබර් මස 01 වන දින සිට 2022 ඔක්තෝබර් මස 14 වැනිදා දක්වා වේ. 2022 ඔක්තෝබර් මස 17 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 20% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2022 ඔක්තෝබර් මස 18 වන දින පාඨමාලාව ආරම්භ වේ.

ලියාපදිංචි වන සියලු දෙනාට Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Volume I පොත නොමිලේ ලබා දෙනු ඇත. මෙරට තැපැල් ගාස්තු අප ආයතනය දරණ අතර වෙනත් රටකට මෙම පොත ගෙන්වා ගැනීමට අවශයය නම් තැපැල් හෝ කූරියර් ගාස්තු ගෙවිය යුතුය.

ශිෂ්‍ය ඇඟයීම

මෙම ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දි දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වනු ඇත.

සම්පත් දායකයින්

 

නම

ආයතනය

1 චන්දිම බණ්ඩාර අඹන්වල ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

අධ්‍යක්ෂ, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

2 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි කථිකාචාර්ය, බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලය, හෝමාගම

පාඨමාලා කළමනාකරණය

ඉංජිනේරු අනුරාධ පියදාස, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.

පාඨමාලා සම්බන්ධීකරණය

සිතානි ජයතිස්ස, පර්යේෂණ සහකාර, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.

සිතානි ජයතිස්ස

දු.ක. අංකය – 0707899789

ඊමේල් ලිපිනය—sithani@iahs.lk

තෝරා ගත් පරිශීලන ග්‍රන්ථ , ලේඛන, හා වෙබ් අඩවි නාමාවලිය

  1. අභිලේඛන (1990), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය (1890-1990), සමරු පොත් පෙළ දෙවන වෙළුම, ප්‍රධාන සංස්කාරක’ නන්දදේව විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,කොළඹ.
  2. අමරවංශ හිමි, කොත්මලේ (1969), ලක්දිව සෙල්ලිපි, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  3. ගුණසේකර, බන්දුසේන (1996), සිංහල අක්‍ෂර සම්භවය හා එහි විකාශනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ
  4. ධර්මදාස, කේ.එන්.ඕ. (1999), භාෂාවේ සම්භවය හා සංස්කෘතික මුහුණුවර, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  5. පඤ්ඤාසාර හිමි, ඔක්කම්පිටියේ (2004), සිංහල අක්‍ෂර රූප විකාසය හා භාරතීය ආභාසය, කර්තෘ ප්‍රකාශන, කැලණිය.
  6. ධීරානන්ද හිමි, හඟුරන්කෙත (2004), රාජත්වය, රාජ්‍යය සහ ආගම, ආරිය ප්‍රකාශකයෝ, වරකපොල.
  7. රණවැල්ල, සිරිමල් (2004), සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  8. Epigraphia Zeylanica Vol.1, 2,3, 4, 5 (Part.1&2), 6 (Part.1, 2 & 3), 7, 8, 9, Published by the Department of Archaeology, Sri Lanka.
  9. Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Volume I, Department of Archaeology, Sri Lanka.
  10. Paranavitana, S. (1983), Inscriptions of Ceylon, Volume II, Part I, Department of Archaeology, Sri Lanka.
  11. Paranavitana, S. (2001), Inscriptions of Ceylon, Volume II, Part II, Department of Archaeology, Sri Lanka.
  12. ශ්‍රී ලංකා අභිලේඛන වෙබ් අඩවිය