වැදගත් කරුණු

ලියාපදිංචි වන්න

අයදුම්පත් භාර ගැනීම 2022 ජුනි මස 27 වන දින සිට 2022 ජූලි මස 11 වැනිදා දක්වා

පාඨමාලාව ගාස්තුව රුපියල් 12,000/-

දේශන සඳුදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රි 8 සිට 10 දක්වා*

පාඨමාලා කාලය 2022 ජුලි 14 සිට 2022 සැප්තැම්බර් 01 දක්වා

*රටේ පවතින විදුලි අර්බුදය සමඟ දේශන ‌ෙවේලාවන් වෙනස් විය හැක.

ලියාපදිංචි වන්න

link=”url:https%3A%2F%2Fwww.iahs.lk%2F%3Fp%3D1139%26preview%3Dtrue%23%25E0%25B6%25BD%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B6%25B4%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B6%25A0%25E0%25B7%2592_%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B8″][vc_btn title=”පාඨමාලා ගාස්තු ගෙවන්න” color=”sandy-brown” size=”xl” align=”center” link=”url:https%3A%2F%2Fwww.iahs.lk%2Fai5h”][/vc_column_inner][/vc_row_inner][vc_empty_space][vc_column_text]

හැඳින්වීම : ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු

පුරාවිද්‍යා විෂය වනාහි වර්තමානය වන විට ශීඝ්‍ර ජනප්‍රියතාවක් අත්කරගන්නා වූත්, මහජන ආකර්ශනයට පත් වන්නා වූත් විෂයකි. මේ සඳහා සමාජ මාධ්‍යය හා වෙනත් මහජන මාධ්‍යය තුළින් ලැබී ඇති දායකත්වය ප්‍රමුඛ වශයෙන් ඉවහල් වී ඇත. එහෙත්, එකී ජනප්‍රියතාවට තදානූරූපීව ශ්‍රී ලංකා පුරාවිද්‍යාව හා පසුගිය කාල සීමාව තුළ එකී විෂය මඟින් උත්පාදනය කර ඇති දැනුම පිළිබඳ ව්‍යාජ හා මිත්‍යා ස්වරූපයේ හා සාධක සමඟ නොසැසදෙන විප්‍රකාර ද සමාජගතවන බව හඳුනාගත හැකි වේ.

එබැවින්, වසර 150ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත විෂයන් පිළිබඳ ගොඩනැඟී ඇති දැනුම හා දැනුම් කථිකාවන් පිළිබඳ ශ්‍රී ලාංකේය මහජනයා ස්වකීය මව් බසින් ම, විධිමත්ව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත අනෙකුත් විෂයයන්ගෙන් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම හා ඒවායේ උත්පාදනය කෙරී ඇති දැනුම පිළිබඳ මූලිකාංග ආවරණය වන ආකාරයට මෙම පාඨමාලාව පෙළ ගසා ඇත. අදාළ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දිගු කාලීන පරිචයක් ලබාගත් ප්‍රාමාණික විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව දියත් වේ.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව කා සඳහා ද?

මාර්ගගත ආකාරයෙන් පැවැත්වෙන මෙම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව පහත දැක්වෙන කණ්ඩායම් සඳහා දැනුමත් අවබෝධයත්, විෂය පිළිබඳ පරිචයත් ලබා ගැනීම සඳහා වැදගත් වනු ඇත.

  • ඉතිහාස විෂය උගන්වනු ලබන පාසල් ගුරුවරුන්
  • බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සමාගාමි ආයතනයන්හි සේවය කරනු ලබන පුරාවිද්‍යා උපාධිධාරීන් නොවන නිලධාරින්
  • උසස් පෙළ ඉතිහාස විෂය හදාරණු ලබන පාසල් සිසුන්
  • විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හා ඉතිහාසය පාඨමාලා හැදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්
  • දිවයිනෙන් බැහැරව සිටින එහෙත් මෙරට අතීතය පිළිබඳ විධිමත් දැනුමක් ලබා ගැනීමට උනන්දු අයවළුන්
  • ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ විධිමත් හා නිවැරදි කරුණු පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීම සඳහා උනන්දු පුරවැසියන්

සම්පත් දායකයින් කවුද?

පසුගිය වසර සියයකට වැඩි කාලයක් තිස්සේ දේශීය හා විදේශීය විද්වතුන් විසින් අනාවරණය කරන ලද ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ විවිධ පැතිකඩ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා දීම ඉලක්ක කරමින් ඉදිරිපත් කරනු ලබන මෙම පාඨමාලාව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබේ.

පසුගිය වසර දශකයකට වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්‍රමුඛ ආයතනය archaeology.lk/Institute of Archaeology and Heritage Studies (IAHS)  ආයතනය විසින් මෙම පාඨමාලාව සම්බන්ධිකරණය කොට ඉදිරිපත් කරනු ලබයි. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය මේ වන විට පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත දැනුම මාර්ගගත ආකාරයෙන් බෙදාහරින දිවයිනේ ප්‍රමුඛ ආයතනය වේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ ශාස්ත්‍රාලීය විද්වතුන් මෙන්ම ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ දිර්ඝ කාලීන අද්දැකීම් සහිත විද්වතුන් මෙන්ම අදාළ විෂයයන් පිළිබඳ ජාත්‍යන්තර අද්දැකීම් බහුල කීර්තිමත් විද්වතුන් මඬුල්ලක් විසින් මෙම දේශන මෙහෙයවනු ලැබේ.

පූර්ව සුදුසුකම්

මෙම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. එහෙත් පාඨමාලා ව සමඟ මාර්ගගත ආකාරයෙන් සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ.

පාඨමාලාවේ අරමුණ

කෙටිකාලින මාර්ගගත මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීම මඟින් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ ආරම්භය හා එම විෂයේ කාලානුරූපව සිදු වූ විකාශය පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නෛතික පසුබිම පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා එහි විෂය පරාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • පසුගිය වසර 150ක පමණ කාලය තුළ මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ සිදු වූ පුරාවිද්‍යා ක්‍රියාකාරකම්, පර්යේෂණ හා බිහි කළ නව දැනුම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම.
  • මෙරට අතීතය පිළිබඳ විධිමත් අවබෝධයක් ලබාගැනීම තුළින් රට පිළිබඳ අභිමානයෙන් යුතු විධිමත් සාදකගත දැනුමින් පෝෂිත පුරවැසියෙකු බිහිකිරීමට දායක වීම.

 අධ්‍යයන ඵල

මෙම කෙටි කාලීන (මාර්ගගත) ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව හදාරණ විද්‍යාර්ථියාට අදාළ පාඨමාලා කාලය අවසන් කිරීමෙන් පසු ව;

  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂයේ ආරම්භය හා එම විෂයේ විකාශය පැහැදිලි කළ හැකි වේ.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නෛතික පසුබිම විස්තර කළ හැකි වේ.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ එක් එක් ප්‍රධාන විෂ්‍ය ක්‍ෂේත්‍ර තුළ අනාවරණය කර ඇති දැනුම දළ වශයෙන් විස්තර කළ හැකි වේ.
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ නව අධ්‍යයන ප්‍රවනතා හා අවකාශ පෙන්නුම් කළ හැකි වේ.
  • ව්‍යාජ හා මිත්‍යා පුරාවිද්‍යා දැනුමෙන් සාධක සහිත පුරාවිද්‍යා දැනුම වෙන්කර දැක්විය හැකි වේ.
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ ප්‍රමුඛ ඥාන පරිදර්ශ පැහැදිලි කළ හැකි වේ.

දේශන පැවැත් වෙන ආකාර

මෙම පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ.  මේ සඳහා Microsoft Teams මෘදුකාංගය භාවිතා කරනු ඇත.  සාමාන්‍යයෙන් මෙම දේශන රාත්‍රි 8 සිට 10 දක්වා  පැවැත්වේ.  මේ දිනවල පවතින විදුලි කප්පාදුව අනුව මෙම දේශන පැවැත්වෙන වේලාව වෙනස් විය හැක.  මෙහිදී දේශකයාට විදුලිය ඇති අවස්ථාවක දේශන ත් වනු ඇත.  ඒ පිළිබඳව අඩුම වශයෙන් එක් දිනකට පෙර ඔබව දැනුවත් කරනු ඇත. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් කරුණාකර අප හටහට යොමු කරන්න. අප එම දේශනය පැවැත්වූ දේශකයාගෙන් එම ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාගෙන ඔබ වෙත දැනුම් දෙනු ඇත. 

මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

සටහන – රටේ පවතින වාතාවරනය අනුව මෙම දේශන පැවැත් වෙන දින වල වෙනසක් ඇති විය හැක. සෑම විටම එවැනි වෙනස් විම් කල් ඇතුව ඔබට දැනුම් දිමට අප උත්සහ කරමු.

අප ආයතනයේ ලියාපදිංචි වන සිසුන්ට ලැබෙනා අමතර වාසි

අප ආයතනයේ ලියාපදිංචි වන සියළුම සිසුන් සඳහා අප ආයතනය මගින් ඊමේල් ලිපිනයක් ලබා දෙනු ඇත. මෙම ඊමේල් ලිපිනය භාවිතා කර Microsoft Team මෘදුකාංගය හරහා අපගේ දේශන වලට සම්බන්ධ විය හැක.

මෙයට අමතරව Micorsoft Word, Microsoft Excel හා Microsoft PowerPoint යන මෘදුකාංග වල වෙබ් භාවිතයන් සඳහා බලපත්‍රයක් ලෙස නිම ඊමේල් ලිපිනය භාවිතා කළ හැක.

මෙම ලියාපදිංචිය හාරහා ඔබට අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට(Learning Management System) සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලැබෙන අතර එමඟින් පාඩම් වල පටිගත කළ වීඩියෝ, පාඩම් වලට අදාල ඉදිරිපත් කිරීම්, හා අමතර සටහන් ඔබ හට ලබාගත හැකි වනු ඇත. තවද මේ හරහා ඔබට ඇති ගැටළු ද ඉදිරිපත් කළ හැක.

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 12,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2022 ජුනි මස 27 වන දින සිට 2022 ජූලි මස 11 වැනිදා දක්වා වේ. 2022 ජූලි මස 14 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය.

දේශනය හා අන්තර්ගතය

දේශනය හා අන්තර්ගතය දේශන කාලය (පැය) සම්පත් දායකයින් දිනය
1

පාඨමාලාව හඳුන්වාදීමේ සැසිය

(පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය හඳුන්වා දීම, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය, පාඨමාලාවේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය හඳුන්වා දීම)

1 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ නිළධාරි මඬුල්ල හා පාඨමාලාවේ සම්පත් දායකයින් 2022 ජුලි 14
2

ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ ඉතිහාසය

(ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ ආරම්භය, විකාශනය හා වර්තමාන තත්ත්වය පිළිබඳවත් ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ වැදගත් පුද්ගලයින් පිළිබඳ මූලික අවධානයක් මෙම දේශනයේ දී යොමු කරනු ලැබේ.)

2 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි 2022 ජුලි 18
3

ශ්‍රී ලංකා පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය, පුරාවිද්‍යා නීතිය, අණපනත් හා ස්ථාවර නියෝග

(ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ගාලු උරුම පදනම ආදි ශ්‍රී ලංකා පුරාවිද්‍යාව සම්බන්ධ ආයතන පද්ධතියත්, පුරාවස්තු ආඥාපනත ඇතුළු ශ්‍රි ලංකා පුරාවිද්‍යා කටයුතු වල දි බලාත්මක නෛතික එලඹුම් හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ ස්ථාවර නියෝග ආදිය පිළිබඳ මූලික අවධානයක් යොමු කරනු ලැබේ.)

2 මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල 2022 ජුලි 21
4

ශ්‍රී ලංකාව ජනාවාස වීම: ප්‍රාග් ඉතිහාසය

(ශ්‍රී ලංකාවේ ජනාවාස වීම එනම්, ප්‍රාග් ඓතිහාසික කාලපරිච්ඡේදය වශයෙන් සැලකෙන පුරාශිලා යුගය, ක්‍ෂුද්‍රශිලා යුගය හා නව ශිලා යුගය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම අපේක්ෂා කෙරේ.)

2 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, චන්දිම බණ්ඩාර අඹන්වල 2022 ජුලි 25
5

ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසය: පූර්ව ඉතිහාසය

(ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවසත් ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසත් අතර කාලය එනම්, දිවයිනේ පූර්ව ඓතිහාසික කාල පරිච්ඡේදයේ සංස්කෘතික ලක්ෂණ වෙත ප්‍රමුඛ අවධානය යොමු කරමින් මහාශිලා සංස්කෘතිය හා එහි ලක්ෂණ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.)

2 මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් 2022 ජුලි 28
6

ශ්‍රී ලංකාවේ පුරාණ නගර නිර්මාණය හා පුරාණ වාස්තු විද්‍යාව

(ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු වැනි නගරය වන අනුරාධපුර නගරයේ ආරම්භය හා වර්ධනය මෙන්ම පොළොන්නරුව, සීගිරිය හා මහනුවර වැනි ඓතිහාසික නගර සැලසුම් පිළිබඳවත් අනුරාධපුර යුගයේ ආරාමිය වාස්තු විද්‍යාව පිළිබඳවත් මූලික අවබෝධයක් ලබා දීම අපේක්ෂා කරනු ලැබේ.)

2 ආචාර්ය ගාමිණී විජේසූරිය 2022 අගෝස්තු 01
7

ශ්‍රී ලංකාවේ කලා ඉතිහාසය:සිතුවම්, කැටයම් හා මූර්ති

(ප්‍රාග් ඓතිහාසික කලාවෙන් ඇරඹෙන මෙරට කලාවේ සම්භාව්‍ය යුගයේ ඇති වූ කලාකෘති මෙන්ම එම කලාවේ වර්ධනය හා එහි ලක්ෂණත් විශේෂයෙන් මෙරට ප්‍රමුඛ කලා මාධ්‍යය වශයෙන් ප්‍රතිමා, සිතුවම් හා කැටයම් පිළිබඳ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.)

3 මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි  2022 අගෝස්තු 04
8

ශ්‍රී ලංකාවේ අභිලේඛන

(සංකේත භාවිතයේ සිට අක්ෂර භාවිතාවේ ආරම්භයේ පටන් මහනුවර යුගය දක්වා මෙරට දක්නට ලැබෙන අභිලේඛන හා ඒවායේ අන්තර්ගතය, ලක්ෂණ හා පුරා අක්ෂර විද්‍යාත්මක විකාශය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම මෙම දේශනයේ දි අපේක්ෂා කෙරේ.)

2 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි  2022 අගෝස්තු 08
9

ශ්‍රී ලංකාවේ පුරාණ කාසි පද්ධතිය

(ආරම්භක කාලයේ පටන් යටත් විජිත අවධිය දක්වා මෙරට තුළ භාවිත කරන ලද දේශිය මෙන්ම විදේශීය කාසි පද්ධතිය පිළිබඳ මූලික හඳුන්වා දීමක් සිදුකිරීම මෙම දේශනයේ දී අරමුණු කෙරේ)

2 පුරාවිද්‍යාඥ චිත්‍රමාලා තරංගණි  2022 අගෝස්තු 11
10

වාරි-කෘෂි ශිෂ්ටාචාරය හා වාරි තාක්ෂණය

(මෙරට වාරි කර්මාන්ත මත පදනම් වූ කෘෂි ශිෂ්ටාචාරය හා එහි ලක්ෂණ මෙන්ම වාපි කර්මාන්ත පිළිබඳවත් වාරි කර්මාන්තයන්ගේ තාක්ෂණික ලක්ෂණ පිළිබඳවත් මෙම දේශනයේ දී ප්‍රමුඛ වශයෙන් සාකච්ඡාවට බදුන් වේ.)

2 මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි 2022 අගෝස්තු 15
11

ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව

(ශ්‍රී ලංකාව වටා වූ මුහුදේ හා රට ඇතුළට ජලය තුළ හා ජලය ඇසුරු කරමින් ස්ථානගත වී ඇති පුරාවිද්‍යාත්මක උරුමය හා ඒවා පිළිබඳ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක ගවේෂණ පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම සැසියේ දි අපේක්ෂා කෙරේ.)

2 පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ 2022 අගෝස්තු 18
12

කාර්මික පුරාවිද්‍යාව හා ශ්‍රී ලංකාවේ යටත්විජිත උරුමය

(යටත්විජිත පාලන කාලය අතරතුර හා ඉන් පසු කාලයේ දී මෙරට දක්නට ලැබෙන, බටහිර කාර්මීකරණ ක්‍රියාවලිය හේතුවෙන් මෙරටට ලැබුණු තාක්ෂණික මෙවළම් හා වෙනත් කටයුතු සඳහා භාවිත වූ මෙවළම්, උපාංග මෙන් ම අනෙකුත් සමගාමි නිරූපණ පිළිබඳ මේ දක්වා මෙරට සිදු වී ඇති අධ්‍යයනත් ඒවා තුළින් අනාවරණය වී ඇති දැනුමත් පිළිබඳවත් මෙම සැසියේ දි සාකච්ඡාවට බඳුන් කරනු ලැබේ)

2 ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු 2022 අගෝස්තු 22
13

ශ්‍රී ලංකාවේ ලෝක උරුම හා වෙනත් වැදගත් පුරාවිද්‍යා/උරුම ස්ථාන

එක්සත් ජාතින්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් නම් කර ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම ක්‍ෂේත්‍ර වෙත ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් මෙරට ඇති වෙනත් වැදගත් පුරාවිද්‍යා/උරුම ස්ථාන, ඒවායේ ලක්ෂණ හා ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම සැසියේ දි අපේක්ෂා කෙරේ.

2 ආචාර්ය ගාමිණී විජේසූරිය 2022 අගෝස්තු 25
14

ශ්‍රී ලංකාවේ ස්පර්ෂණීය සංස්කෘතික උරුම ස්ථාන සංරක්ෂණය

(ශ්‍රී ලංකාවේ ඇති පුරාණ ආගමික හා ආගමික නොවන ස්මාරකයන්ගේ ද්‍රව්‍යාත්මක සංරක්ෂණය, සංකල්ප හා භාවිතාවන් පිළිබඳ මුලික අවබෝධයක් ලබා දීම මෙම සැසියේ දී අපේක්ෂා කෙරේ. එමෙන්ම, මේ වන විට සමාජමය වශයෙන් සාකච්ඡාවට පාත්‍ර වී ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඇවිදින මං තීරුව වැනි සමගාමි ප්‍රස්තූත පිළිබඳවත් දළ අවදානයක් යොමු කරනු ලැබේ.)

2 වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බී. රත්නායක 2022 අගෝස්තු 29
15

විශේෂ දේශනය: ශ්‍රී ලංකාවේ බලකොටු

(ආරක්ෂක අරමුණු ඉලක්ක කරමින් සමුද්‍රාසන්නව හා රට අභ්‍යන්තරයේ නිර්මාණය කර ඇති පුරාණ බටකොටු පිළිබඳ මෙම දේශනයේ දි සාකච්ඡාවට බඳුන් කරනු ඇත. මෙහි දි යටත් විජිතවාදින් විසින් මෙන්ම ඊට පූර්ව සමයේ බලකොටු පිළිබඳ අවධානය යොමු කරනු ඇත.)

2 ශාස්ත්‍රපති ක්‍රිෂේන් මෙන්ඩිස් 2022 අගෝස්තු 29
16

පොදු සාකච්ඡාව

(දේශන සැසි 14 තුළ සාකච්ඡාවට බඳුන් කළ එකිනෙක මාතෘකා පිළිබඳ පොදු සාකච්ඡාවක් සිදුකිරීමට මෙම කාලය වෙන් කෙරේ. එමෙන්ම, පාඨමාලාව පිළිබඳ සම්පත් දායක මඬුල්ලේ හා විද්‍යාර්ථින්ගේ අදහස් ද ඉදිරිපත් කිරීමට මෙම සැසියේ දි අවස්ථාව ලැබෙනු ඇත.)

1 සම්පත් දායක මඬුල්ලේ සහභාගිත්වයෙන් 2022 සැප්තැම්බර් 01

ශිෂ්‍ය ඇඟයීම

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දි දේශන සඳහා ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වනු ඇත.

දේශක මඬුල්ල

  නම ආයතනය
1 මහාචාර්ය ඔස්මන්ඩ් බොපේආරච්චි The Emeritus Director of Research of the French National Centre for Scientific Research
2 ආචාර්ය ගාමිණි විජේසූරිය සංස්කෘතික උරුමය සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය අධ්‍යයනය කිරීම පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානය ෂක්‍ක්‍ඍධඵ (විශ්‍රාමික)
3 මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (විශ්‍රාමික)
4 මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
5 මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
6 චන්දිම බණ්ඩාර අඹන්වල ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
7 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලය, හෝමාගම
8 වාස්තු විද්‍යාඥ ප්‍රසන්න රත්නායක ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
9 ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මධ්‍යම සංස්කෘතික අරමුදල
10 පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මධ්‍යම සංස්කෘතික අරමුදල
11 පුරාවිද්‍යාඥ චිත්‍රමාලා තරංගණි මධ්‍යම සංස්කෘතික අරමුදල
12 ශාස්ත්‍රපති ක්‍රිෂේන් මෙන්ඩිස් ස්වාධීන පරේෂක

 පාඨමාලා කළමනාකරණය

ඉංජිනේරු අනුරාධ පියදාස, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.

පාඨමාලා සම්බන්ධිකරණය

සිතානි ජයතිස්ස, පර්යේෂණ සහකාර, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.

යෝජිත පරීශීලන ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අභිලේඛන (1990), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය (1890-1990), සමරු පොත් පෙළ දෙවන වෙළුම, ප්‍රධාන සංස්කාරක නන්දදේව විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • අඹන්වල, චන්දිම බණ්ඩාර (2021), ශ්‍රී ලංකා පුරාවිද්‍යාව : කෙටි සටහන් පණහක්, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.
  • අඹන්වල, චන්දිම බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පාඩම් මාලාව
  • අමරවංශ හිමි, කොත්මලේ (1969), ලක්දිව සෙල්ලිපි, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • අව්සදහාමි, උදුල බණ්ඩාර (2015), වැව, ප්‍රාචී ප්‍රකාශන, හෝකන්දර.
  • කුමාරස්වාමි, ආනන්ද කේ. (1994), මධ්‍ය කාලීන සිංහල කලා, පරි. එච්.ඇම්. සෝමරත්න, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • කුලතුංග, ටී.ජී. (2015), ශ්‍රී ලංකාවේ කාසි හා මුදල් ව්‍යවහාරය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • ගුණවර්ධන, ප්‍රිශාන්ත (2010), බෞද්ධ සංඝාරාම, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජා-ඇල.
  • ගුරුගේ, ආනන්ද (2014), දඹදිව බෞද්ධ කලාව, සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, කොළඹ.
  • ගුණසේකර, බන්දුසේන (1996), සිංහල අක්‍ෂර සම්භවය හා එහි විකාශනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ
  • දැරණියගල එස්.යූ. (1991), ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.
  • පඤ්ඤාසාර හිමි, ඔක්කම්පිටියේ (2004), සිංහල අක්‍ෂර රූප විකාසය හා භාරතීය ආභාසය, කර්තෘ ප්‍රකාශන, කැලණිය.
  • පරණවිතාන, එස්. (1963), ලංකාවේ ස්තූපය, ලංකා පුරාවිද්‍යා ගවේෂණයේ ශාස්ත්‍රීය නිබන්ධනය, V කාණ්ඩය, ලංකාණ්ඩුවේ මුද්‍රණාලය.
  • පාකර්, හෙන්රි (2008), පුරාණ ලංකාව, පරිවර්තනය නිස්සංක පෙරේරා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ප්‍රේමතිලක, පී. එල්. (2001), පුරාණ ඉන්දියාවේ කාසි, ශ්‍රී ලංකා සංස්කෘතික ශාස්ත්‍රායතනය, කොළඹ.
  • ප්‍රේමතිලක, ටී.ආර්. හා සෙනෙවි එපිටවත්ත (2007), පරාග විද්‍යාව හෝර්ටන් තැන්න හා දකුණු ආසියාවේ අති පුරාණ කෘෂිකාර්මික පරිසරය, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්ගලික) සමාගම, පන්නිපිටිය.
  • රත්නපාල, නන්දසේන (2010), ජනශ්‍රැති විද්‍යාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • රණවැල්ල, සිරිමල් (2004), සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ලගමුව, ආරිය (2006), ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව, සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, කොළඹ.
  • වත්තල, ශරත් (2016), පුරාවිද්‍යාව හැදෑරීම, සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, කොළඹ.
  • වාස්තු විද්‍යාව (1990), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය (1890-1990), සමරු පොත් පෙළ දෙවන වෙළුම, ප්‍රධාන සංස්කාරක. නන්දදේව විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • විජේසේකර, නන්දදේව (2015), ලංකා ජනතාව, සී/ස ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, කොළඹ.
  • විජේසේකර, නන්දදේව (1990), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, සියවස් සමරු ප්‍රකාශනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • Bandaranayake, Senaka (1974), Sinhalese Monastic Architecture, E.J. Brill, Leiden.
  • Codrinton, H.W. (1993), Ceylon coins and currency, Department of National Museums, Colombo.
  • Deraniyagala, S.U. (2007), The Prehistory and Protohistory of Sri Lanka, The Central Cultural Fund, Sri Lanka.
  • Deraniyagala, P.E.P. (2001), The Pleistocene of Ceylon, Ceylon National Museum, Colombo.
  • Epigraphia Zeylanica 1, 2,3, 4, 5 (Part.1 & 2), 6 (Part.1, 2 & 3), 7, 8, 9, Department of Archaeology, Sri Lanka.
  • Kennedy, Kenneth A.R. (2003), God-Apes and Fossil Men: Paleoanthropology of South Asia, The University of Michigan Press, United State of America.
  • Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Volume I, Department of Archaeology, Sri Lanka.
  • Perera, H. Nimal (2010), Prehistoric Sri Lanka, Late Pleistocene rock shelters and an open-air site, BAR Publications, England.
  • Silva, Roland (2004), Thupa, Thupaghara and Thupa-pasada, Memories of The Archaeological Survey of Ceylon, Department of Archaeology, Colombo
  • Wijesuriya, Gamini (1998), Buddhist Meditation Monasteries of Ancient Sri Lanka, Department of Archaeology, Colombo.

ලියාපදිංචි විම

කරුණාකර පහත පෝරමය පුරවා ලියාපදිංචි වන්න. වැඩි දුර විස්තර ඔබගේ ඊමේල් ලිපිනයට එවනු ඇත.[/vc_column_text][/vc_column][vc_column css=”.vc_custom_1656204204271{background-color: #e8e8e8 !important;}”][wpforms id=”1740″ title=”false” description=”false”][/vc_column][/vc_row]