Blog

gis for archaeology 2022 iahs

පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධති 2022

පුරාවිද්‍යාව හා උරුම අධ්‍යයන ආයතනය මඟින් ‘පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS for Archaeology) 2022’ මාර්ගගත GIS පුහුණු පාඨමාලාව 2022 ‌ජනවාරි 31 ආරම්භ කිරීමට අපේක්‍ෂා කර ඇත. ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇත.

සිතියම් සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණයේ දී ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරයි. පුරාවිද්‍යාව යනු භූගෝලීය සංසිද්ධි හා දැඩි ලෙස සම්බන්ධ වන විෂය ක්ෂේත්‍රයක් වන බැවින් GIS තාක්ෂණය විවිධ ආකාරවලින් භාවිතා කළ හැකිය. ක්ෂේත්‍ර කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති උපාංග භාවිතයෙන් ක්ෂේත්‍ර දත්ත රැස් කිරීම වැදගත් වන අතර රැස්කරන ලද දත්ත GIS භාවිතයෙන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට හැකියාව ඇත. ඊට අමතරව චන්ද්‍රිකා ඡායරූප, ගුවන් ඡායාරූප සහ වෙනත් ඓතිහාසික දෘඩ පිටපත් සිතියම් බොහෝ පුරාවිද්‍යාත්මක භාවිතයන් සඳහා ඉතා වැදගත් දත්ත ප්‍රභවයන් වේ. පුරාවිද්‍යාත්මක දත්ත සිතියම්ගත කිරීම පුරාවිද්‍යාත්මකව පමණක් නොව තවත් බොහෝ තිරසාර සංවර්ධන කටයුතු සහ සංරක්ෂණ කටයුතු සැලසුම් කිරීම යනාදිය උදෙසා වැදගත් වෙයි.

ඉගෙනුම් අරමුණු

සංකීර්ණ අවස්ථා වල දී, පුරාවිද්‍යාත්මක ස්ථාන පුරෝකථන විශ්ලේෂණය කිරීම සඳහා මෙන්ම ක්ෂේත්‍රයන් වෙත ආරක්‍ෂිත කලාප හඳුනාගැනීම සඳහා ද GIS භාවිතා කරයි. ත්‍රිමාණ භූමි ආකෘති නිර්මාණය සහ සාගර අගාධ මිතික ආකෘති නිර්මාණය බොහෝ ක්‍රියාකාරීත්වයන් සඳහා ප්‍රයෝජනවත් වේ. පුරාණ නගර, බලකොටු සහ විහාරාරාමයන් හි ත්‍රිමාණ ආකෘති නිර්මාණය තුළින් භූගෝලීය දත්ත දෘශ්‍යකරණය කිරීම ඔස්සේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සඳහා ප්‍රබල වටිනාකමක් ලබාදිය හැකි වෙයි.

මෙම පාඨමාලාව තුළින් GIS හි මූලික කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ලබා දෙයි. ඵලදායී දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයන් ඉගෙනීම සඳහා GPS දත්ත එකතු කිරීම සහ එම දත්ත භාවිතය පිළිබඳව ඇතුළත් කර ඇත. සිතියම්ගත කිරීම වෙත ආරම්භයේ දී ම ප්‍රමුඛතාවය දී ඇතත් එයට වඩා වැඩි විශ්ලේෂණ හැකියාවන් එදිනෙදා භාවිත යෙදුම් ඔස්සේ සාකච්ඡා කරනු ඇත. නවීන භූ අවකාශීය ප්‍රවේශයන් ඵලදායී තොරතුරු නිරූපණ කාර්ය ප්‍රවාහයක් ලෙස ද සාකච්ඡා කෙරේ.

ලියාපදිංචි වීමෙන් පසු පාාඨමාලා හා ගාස්තු ගෙවීම පිළිබඳ වැඩි දුර විස්තර ඔබ වෙත අප ආයතනය මඟින් දැනුම් දෙනු ඇත.

වැඩි විස්තර සඳහා 070 789 9 789 / info@iahs.lk

පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාවට සමගාමීව ඉහළ නිරවද්‍යතාවයකින් යුත් ජීපිඑස් (High Accuracy GPS) සහ කාර්මික ඩ්‍රෝන යානා (Industrial Drones) පුරාවිද්‍යාවේ දී භූගෝලීය තොරතුරු පද්ධති සඳහා භාවිතා කිරීම පිළිබඳ එක් දින වැඩමුළුවක් මෙම පාඨමාලාව හදාරන සිසුන් සඳහා 2022 පෙබරවාරි මාසයේ පැවැත් වනු ඇත.

මෙම පාඨමාලාව සම්පූර්ණ කරන ශිෂ්‍යයෙකු හට :
  • GIS හි මූලධර්ම අවබෝධ කර ගැනීම
  • අවකාශීය දත්ත වර්ග තේරුම් ගැනීම
  • දත්ත රැස් කිරීම සහ සිතියම්ගත කිරීම පිළිබඳ තමන්ගේ කුසලතා වර්ධනය කරගැනීම
  • දත්ත කළමනාකරණයේ ගුණාත්මකභාවය වැඩි කිරීම
  • දත්ත විශ්ලේෂණ කාර්ය ප්‍රවාහ අවබෝධ කර ගැනීම
  • දත්ත බෙදා හැරීමේ කාර්ය ප්‍රවාහ අවබෝධ කර ගැනීම
  • රාස්ටර් (Raster) දත්ත විශ්ලේෂණය කිරීම
  • ත්‍රිමාණ ආකෘති දියුණු කිරීම
  • GIS හි නව ප්‍රවණතා හඳුනා ගැනීම

යන කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලැබෙයි.

පාඨමාලා අන්තර්ගතය

 පළමුවන සැසිය

  1. සිතියම්කරණයේ ඓතිහාසික පසුබිම සහ GIS හි මූලික කරුණු

1.1 සිතියම්වල ඉතිහාසය සහ පරිණාමය

1.2 පුරාණ ලෝකයේ බැබිලෝනියානු සිතියම

1.3 තීරණ ගැනිමේදී ප්‍රබල ආධාරක මෙවලමක් ලෙස සිතියමෙහි උපයෝගීතාවය

1.4 1854 දී ආචාර්ය ජෝන් ස්නෝගේ කොලරා සිතියම සහ ගැටළු විසඳීමේ ක්‍රම

1.5 GIS සහ මූලික සංකල්ප

1.6 දෛශික (Vector) සහ රාස්ටර් (Raster) දත්ත ආකෘති

1.7 දෛශික දත්ත ආකෘතිය (ලක්ෂ්‍යය, රේඛාව සහ බහුඅස්‍ර දත්ත)

දෙවන සැසිය

  1. පුරාවිද්යා විෂය ක්ෂේත්රය තුළ අවකාශීය දත්ත සමඟ වැඩකටයුතු කිරීම

2.1 පුරාවිද්‍යාවේ GIS යෙදුම්වල වැදගත්කම

2.2 GIS හි දත්ත එකතු කිරීමේ ක්‍රම

2.3 ප්‍රාථමික සහ ද්විතියික දත්ත මූලාශ්‍ර

2.4 GIS මෘදුකාංගය සමඟ වැඩ කිරීම

2.5 ArcGIS මෘදුකාංග අතුරුමුහුණත (interface), සංරචක සහ අත්‍යාවශ්‍ය කාර්යාත්මකත්වයන්

තෙවන සැසිය

  1. සංකේතවත් කිරීම, ලේබල්ගත කිරීම සහ සිතියම් සැකසුම

3.1 වර්ගීකරණ දත්ත සංකේතවත් කිරීම – පුරාවිද්‍යාත්මක ස්ථාන වර්ග ආදිය.

3.2 සංඛ්‍යාත්මක දත්ත සංකේතවත් කිරීම – පුරාවිද්‍යාත්මක ස්ථාන ඝනත්වය ආදිය.

3.3 දත්ත නාමකරණය කිරීම සඳහා Labeling යොදාගැනීම

3.4 සිතියම් සැලසුම් සකස් කිරීම

3.5 වෘත්තීමය සිතියමක මූලිකාංග

3.6 පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා ව්‍යාප්තිය දක්වන සිතියමක් නිර්මාණය කිරීම

3.7 මුද්‍රණය, ඉදිරිපත් කිරීම්, පර්යේෂණ පත්‍රිකා සහ වාර්තා ආදිය සඳහා සිතියම් නිමැවුම් නිර්යාත (Export) කිරීම.

සිව්ව්වන සැසිය

  1. ඛණ්ඩාංක පද්ධති

4.1 ඛණ්ඩාංක පද්ධති අවබෝධ කර ගැනීම

4.2 සිතියම් ප්‍රක්ශේපන

4.3 භූගෝලීය සහ ප්‍රක්ෂේපිත ඛණ්ඩාංක පද්ධති

4.4 ශ්‍රී ලංකා දේශීය ඛණ්ඩාංක පද්ධති (කඳවල, SLD 99)

4.5 විවිධ ඛණ්ඩාංක පද්ධති වලින් දත්ත පරිවර්තනය කිරීම

පස්වන සැසිය

  1. භූ අවකාශීය දත්ත එකතු කිරීම සහ කළමනාකරණය GPS තාක්ෂණය අවබෝධ කර ගැනීම

5.1 GPS තාක්ෂණය හැඳින්වීම

5.2 ක්ෂේත්‍ර දත්ත එක්රැස් කිරීමේ නිවැරදි භාවිතය

5.3 GPS උපාංග වලින් දත්ත ආනයනය කිරීමේ ක්‍රම

5.4 ජංගම පාදක (Mobile-based)  ස්ථානීය දත්ත එකතු කිරීම

හයවන සැසිය

  1. විවිධ දත්ත වර්ග සහ දත්ත ප්‍රභවයන් සමඟ කටයුතු කිරීම

6.1 Excel වගු සහ සිතියම්කරණ ස්ථාන, XY ඛණ්ඩාංක

6.2 අවකාශීය දත්ත සමඟ බාහිර වගු/Excel පත්‍ර සම්බන්ධ කිරීම

6.3 Virtual Earth browser මෘදුකාංග සහ KML දත්ත ආකෘතිය

6.4 KML දත්ත ආයාත (Importing) කිරීම

6.5 දත්ත පරිවර්තන මෙවලම් සහ ශිල්පීය ක්‍රම

හත්වන සැසිය

  1. පුරාවිද්යාව සහ භූ විමර්ශනය පිළිබඳ රාස්ටර් දත්ත

7.1 රාස්ටර් දත්ත ආකෘතිය සහ දත්ත වර්ග

7.1.1. ඓතිහාසික දෘඪ පිටපත් සිතියම්

7.1.2. ගුවන් ඡායාරූප

7.1.3. චන්ද්‍රිකා ඡායාරූප

7.2 භූ විමර්ශන සිතියම් සහ චන්ද්‍රිකා ඡායාරූප

7.3 ඓතිහාසික සිතියම් භූ විමර්ශන ගත කිරීමේදී ඇතිවන අභියෝග

අටවන සැසිය

  1. අවකාශීය දත්ත සංස්කරණ කාර්ය ප්රවාහ

8.1 දෘඪ පිටපත් සිතියමකින් දත්ත ඩිජිටල්කරණය කිරීම

8.2 චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් පුරාවිද්‍යාත්මක ලක්ෂණ නිර්මාණය කිරීම

8.2.1 ලක්ෂ්‍ය දත්ත – ක්ෂේත්‍ර  ස්ථාන ආදිය.

8.2.2. බහු රේඛා දත්ත – පැරණි බිත්ති/ඇළ

8.2.3 බහුඅස්‍ර දත්ත – ක්‍ෂේත්‍ර  ප්‍රදේශ, භූමි  පරිහරණය/භූමි ආවරණය ආදිය.

8.3 දත්ත සංස්කරණය කිරීමේ වඩාත් උචිත භාවිතයන් සහ අභියෝග

8.4 පුරාවිද්‍යාව ව්‍යාපෘතිය  සකස් කිරීම: ස්ථර සහ ගුණාංග වගු

නවවන සැසිය

  1. පුරාවිද්යාත්මක යෙදුම් සඳහා භූ දත්ත සමුදායන් සහ දත්ත ආකෘති නිර්මාණය කිරීම

9.1 භූ දත්ත සමුදායන් අවබෝධ කර ගැනීම

9.2 විශේෂාංග දත්ත සමූහ සහ විශේෂාංග වර්ග (Feature datasets and feature classes)

9.3 පුරාවිද්‍යාත්මක යෙදුම් සඳහා GIS දත්ත ආකෘති වැඩි දියුණු කිරීම

දස වන සැසිය

  1. දෛශික භූ සැකසුම් සහ දත්ත විශ්ලේෂණය සඳහා හැඳින්වීම

10.1 භූ සැකසුම් මෙවලම් සමඟ කටයුතු කිරීම

10.2 ස්වාරක්ෂක කලාප (Buffer zones) නිර්මාණය කිරීම

10.3 Clip, Dissolve, Merge, Intersect, Union, Select ආදි මෙවලම් භාවිතය.

10.4 Model Builder භාවිතයෙන් භූ සැකසුම් ආකෘති ගොඩනැගීම

10.5 මෙවලම් භාවිතය සඳහා  සුදුසු ක්‍රම තේරුම් ගැනීම සහ හඳුනා ගැනීම

එකොළොස්වන  සැසිය

  1. සංකීර්ණ විශ්ලේෂණය

11.1 රාස්ටර් විශ්ලේෂණය සහ ඩිජිටල් භූමි ආකෘති (DTM)

11.2 ද්‍රව්‍ය හෝ පුරාවිද්‍යාත්මක ස්ථාන සොයා ගැනීම සඳහා ජල විද්‍යාත්මක විශ්ලේෂණය

දොළොස්වන   සැසිය

  1. ත්රිමාණ GIS ආකෘති, නවීන ප්රවණතා සහ දත්ත විභජන කාර්ය ප්රවාහ (Data Sharing Workflows)

12.1 ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම

12.2 පුරාවිද්‍යාත්මක යෙදුම් සඳහා ඩ්‍රෝන ඡායාරූප යොදාගැනීම පිළිබඳ   හැඳින්වීම

12.3 පුරාවිද්‍යාත්මක දත්ත නිරූපණය සඳහා Story Maps හි දායකත්වය

පාඨමාලා ව්‍යුහය හා තොරතුරු

  • වැඩසටහන් මාතෘකාව : පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණය කිරීම, සිතියම්ගත කිරීම සහ විශ්ලේෂණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය
  • ක්‍රමය   : මාර්ගගත පාඨමාලාවකි
  • ආරම්භක දිනය : 2022.01.31 
  • ලියාපදිංචි විය යුතු අවසාන දිනය : 2022.01.26
  • මාධ්‍යය : සිංහල හා ඉංග්‍රීසි
  • වෙන්කර ඇති කාලය : සැසි 12 කි (පැය 24)
  • සැසියක පැවතුම් කාලය : සෑම සැසියක් සඳහා ම පැය 02 ක් වෙන්කෙරෙයි. රාත්‍රී 08.00 සිට 10.00 දක්වා

                                                : දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැය 01 සහ විනාඩි 40

                                                : සාකච්ඡාව සඳහා විනාඩි 20

  • පාඨමාලා ගාස්තු : රු.10,000.00

ලියාපදිංචි වීම සඳහා මෙම පෝරමය පුරවන්න. පඨමාලා හා ගාස්තු ගෙවීම පිළිබඳ වැඩි දුර විස්තර ඔබ වෙත අප ආයතනය මඟින් දැනුම් දෙනු ඇත.

  • ප්‍රථම උපාධි අපේක්ෂකයින් සඳහා 50% ක වට්ටමක් ලබා දෙනු ලැබේ. මේ සඳහා ඔබගේ ශිෂ්‍යභාවය සනාථ කල යුතුය.
  • මුළු පාඨමාලා ගාස්තුව 2022.01.31 දිනට පෙර ගෙවිය යුතු අතර එදිනට පසුව ගෙවීම් සිදු කරන අයෙකුගේ ගාස්තුව කිසිදු අයුරකින් ආපසු ලබා දීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
  • අදාල දිනයට පෙර(2021.01.31) ගෙවීම් සිදු කරන අයෙකුට යම්කිසි හේතුවක් නිසා මෙම පාඨමාලාව සදහා සහභාගී වීමට නොහැකි වේ නම්, පාඨමාලා ගාස්තුව ඔහු වෙත ආපසු ලබා දීමට කටයුතු කෙරෙනු ඇත. පරිපාලන ගාස්තු වශයෙන් රුපියල් 500/= මුදලක් මුලු ගාස්තුවෙන් අඩු කරනු ඇත.
  • යම්කිසි හේතුවකින් අදාල දිනයට පසු (2022.01.31) ඔහුට/ඇයට මුදල් ගෙවා පළමු වාරයේදී මෙම පාඨමාලාවට සදහා වීමට නොහැකි වේ නම් ඊළඟ වාරයේදී නැවතත් මෙම පාඨමාලාව ආරම්භ වීමෙන් පසු එයට එක් වීමට අවස්ථාව සැලසෙනු ඇත.

පාඨමාලාව සම්පූර්ණ කරන අය සඳහා සහතිකයක් නිකුත් කරනු ලබන අතර 80% සහභාගීත්වය ද අනිවාර්ය වේ.

සහභාගිවන්නන් සඳහා ArcMap හි නවතම අනුවාදයේ පුහුණු (trail) අනුවාදයක් ලබා දෙනු ඇත.

සම්පත්දායකයින්

පාඨමාලා දේශකයින් :

සුපුන් සිරිවර්ධන මහතා

සුපුන් සිරිවර්ධන සිය ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කරන ලද අතර විද්‍යාපති උපාධිය (Masters) භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සන්නිවේදනය යන අංශයෙන් ඉහළ සාමාර්ථයන් සහිතව සම්පූර්ණ කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි.

ඔහු මේ වන විට GIS Solutions Pvt Ltd ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වශයෙන් කටයුතු කරයි. තවද විද්‍යුත් දත්ත කළමනාකරණය සඳහා ArcGIS Server Solution ව්‍යාපෘතියෙහි GIS ව්‍යාපෘති කළමනාකරු සහ GIS විශේෂඥවරයා වශයෙන් ද කටයුතු කරයි.

සාගර විශ්වවිද්‍යාලයේ Transport Geography විෂය සඳහා බාහිර දේශකවරයෙකු වශයෙන් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධි විෂයමාලාවෙහි භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සන්නිවේදනය විෂය පිළිබඳ බාහිර දේශකයෙකු වශයෙන් ද සුපුන් සිරිවර්ධන කටයුතු කර ඇත. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය මඟින් රජයේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් සඳහා මාර්ගගත පුහුණුවක් වශයෙන් ක්‍රියාත්මක කෙරුණු GIS as an Effective Decision Supporting Tool යන දේශන සඳහා ද සුපුන් සිරිවර්ධන මහතා සම්බන්ධ විය. තවත් විවිධ වූ මාර්ගගත දේශන සඳහා ද සම්පත්දායකයෙකු වශයෙන් ද ආරාධිත දේශකයෙකු වශයෙන් ද ඔහු සම්බන්ධ වී ඇත.

2016 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙහි Esri User Conference, Community Driven Development (CDD) ඇතුළු ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබාගැනීමට ද මොහුට හැකියාව ලැබී තිබෙයි.

බාහිර දේශකයින්

  1. ආචාර්ය නුවන් අබේවර්ධන
    ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / අංශ ප්‍රධානි
  2. අනුරාධ පියදාස
    අධ්‍යක්ෂ, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
  3. ක්‍රිශේන් මෙන්ඩිස්
    ස්වාධීන පර්යේශකයෙක්

වැඩි විස්තර සඳහා: 070 789 9 789 / info@iahs.lk

Share this post