ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයෙන් සාහිත්යසූරි උපාධියෙන් (D.Lit.) පුදනු ලැබූ, සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාරයනට පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනයේ සුබ පැතුම්
anuradha2026-10-13T20:26:25+05:30ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලය විසින් ගෞරව සාහිත්යසූරී ආචාර්ය උපාධියකින් (D.Lit.) පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාරයන් වෙත පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනයේ (IAHS) උණුසුම් සුබපැතුම් පිරිනමමු. ශාස්ත්රීය පර්යේෂණ, උසස් අධ්යාපනය, විශ්වවිද්යාල පරිපාලනය සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් එතුමා දිගු කලක් පුරා ඉටු කළ සේවයත්, ශ්රී ලංකාවේ සාම්ප්රදායික ජල කළමනාකරණ පද්ධති පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට ලබා දුන් දායකත්වයත් උපාධියෙන් ඇගයීමට පාත්ර වේ.


