උරුම කළමනාකරණය : හැඳින්වීම

‘උරුමය’ යනු ආවේණික හෝ සමාජ ආරෝපිත අගයන් මත පදනම්ව අධ්‍යාපනය, පෙලඹවීම, සැමරීම සහ භාවිත කිරීම වෙනුවෙන් සමාජයන් විසින් ආරක්ෂා කිරීමට තීරණය කරන අනන්‍යතාවේ නිර්වචන සපයන සාධක යි. උරුමය කළමණාකරණය ඉතා සීග්‍රයෙන් ඉදිරියට ඇදෙන විෂයයක් ලෙස ප්‍රචලිත වෙමින් පවතී. වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල පුරාවිද්‍යා ක්ෂේත්‍රය සමග බැඳී පවති නමුත් ගෝලීය වශයේන ලබා ඇති දියුනුව අපේ උරුමය නිසි පරිදි හඳුනාගනිමින්, ආරක්ෂා කරමින් වර්ථමානය හා අනාගතය වෙනුවෙන් ඒවා විනාශ නොවී පවත්වා ගැනීමටත් සමාජයේ තිරසාර සංවර්ධනය වෙනුවෙනුත් යොදවා ගත ය්ත්ව ඇත.

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් ICOMOS – Sri Lanka ආයතනය සමඟ සංවිධානය කරනු ලබන ‘උරුම කළමණාකරණය සඳහා හැඳින්වීමක්’ පාඨමාලාව මෙරට උරුම කළමණාකරණය පිළිබඳව හැදෑරීමට කැමති එහෙත් එයට ඉඩක් නොලද සියලු දෙනා හට වටිනා අවස්ථාවක් වේ. උරුමය පිළිබඳ න්‍යායාත්මක ප්‍රවේශයන් සහ ඒවායේ භාවිතය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අරමූණු කරගත් මෙම පාඨමාලාව මඟින් උරුම පරිසරයේ බහු විෂයීය ස්වභාවය ගවේෂණය කරයි. මෙම වැඩසටහන මඟින් උරුම ක්‍ෂේත්‍රයේ වෘත්තියකට අවශ්‍ය ප්‍රධාන සංකල්ප හා කුසලතා ඔබට ලබා දීමට අපේක්ෂා කරන බැවින් එය පුරාවිද්‍යාව හෝ ඉතිහාසය හදාරන සිසුන්ට පමණක් නොව උරුම ක්ෂේත්‍රයේ වෘත්තියක් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට සුදුසු ය. උරුම කළමනාකරණය පිළිබඳ තිරය පිටුපස අවබෝධය ලබා ගැනීමට සහ ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව සොයා බැලීමට මෙමගින් අවස්ථාව උදා වනු ඇත.

උරුම කළමණාකරණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම විෂයෙහි ප්‍රාමාණික දැනුමක් හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට උරුම කළමණාකරණය පිළිබද අධ්‍යනයට ඇති අඩුපාඩුව මකා දැමීමට උත්සාහ දරයි.

පාඨමාලාවේ අරමුණු

  1. උරුම කළමනාකරණයේ මූලධර්ම හා ක්‍රම පිළිබඳ මූලික දැනුම ලබා දීම
  2. සංස්කෘතික උරුම වර්ගීකණය හඳුනා ගැනීම
  3. ලෝක සංස්කෘතික උරුම කළමනාකරණය සහ සමාජයේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කිරීම
  4. උරුම කළමනාකරණයේ සංරක්ෂණයේ කාර්යභාරය අවබෝධ කර ගැනීම
  5. උරුම කළමනාකරණය සහ තිරසාර සංවර්ධනය අතර සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම
  6. උරුමය කළමනාකරණය කිරීමේ මෙවලම් සහ ආකෘති හඳුනා ගැනීම.

මෙම පාඨමාලාව කවුරුන් සඳහා ද?

  1. බෞද්ධ හා වෙනත් ආගමික පූජකවරු
  2. විශ්ව විද්‍යාල උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින්
  3. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ කෞතුකාගාරවල නිලධාරීන්
  4. ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නිලධාරින්
  5. සංචාරක හා උරුම කළමනාකරණ අංශයේ පුද්ගලයින් – ජාතික සංචාරක මාර්ගෝපදේශ යනාදි.
  6. මාධ්‍යවේදීන්
  7. උරුම කළමනාකරණය ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්

පාඨමාලාව පිළිබඳ තොරතුරු

දේශන ක්‍රමය: මාර්ගගත
පාඨමාලා ආරම්භක දිනය: 2021.08.30
ලියාපදිංචි වීමට අවසන් දිනය: 2021.08.31
මාධ්‍ය: සිංහල

වේලාව : පැය දෙක බැගින් වූ සැසි 10 (පැය 20)

(සෑම සැසියකම පැය 01 යි විනාඩි 30ක් දේශන සඳහා හා ඉතිරි විනාඩි 30 සාකච්ඡාව සඳහා වෙන් වේ.)

දේශන සෑම සතියේ දිනකම සඳුදා හා බ්‍රහස්පතින්දා ප.ව.8 සිට ප.ව. 10 දක්වා පැවැත්වේ

විෂය ඒකක

විෂය ඒකකය දිනය
සමාරම්භක සාකච්ජාව – උරුම කළමනාකරණයට ප්‍රවේශයක් 2021 අගෝස්තු 30
01 දේශනය – උරුම කළමනාකරණය පිළිබඳ හැඳින්වීම 2021 සැප්තැම්බර් 02
02 දේශනය – සංස්කෘතික උරුම වර්ගීකරණය 2021 සැප්තැම්බර් 06
03 දේශනය – සංරක්ෂණය හා කළමනාකරණය 2021 සැප්තැම්බර් 09
04 දේශනය – උරුම අධ්‍යයන / වටිනාකම් / ඇතුළත් කිරීමේ ප්‍රවේශය (Inclusive Approach) / සහභාගීත්ව ප්‍රවේශයේ (Participatory Approach) ප්‍රධාන අංග 2021 සැප්තැම්බර් 13
05 දේශනය – උරුම කළමනාකරණ පද්ධති 2021 සැප්තැම්බර් 16
06 දේශනය – උරුමය සහ තිරසාර සංවර්ධනය 2021 සැප්තැම්බර් 20
07 දේශනය – ලෝක උරුමය 2021 සැප්තැම්බර් 23
08 දේශනය – අස්පර්ශිත උරුමය 2021 සැප්තැම්බර් 27
09 දේශනය – උරුමය කළමනාකරණය කිරීමේ මෙවලම් (Tools) සහ ආකෘති 2021 සැප්තැම්බර් 30
10 දේශනය – නිගමන සහ අවසාන පැවරුම් 2021 ඔක්තෝම්බර් 04

පාඨමාලා ගාස්තු පිළිබඳ තොරතුරු

මුළු පාඨමාලා ගාස්තුව රු. 10,000.00 ක් වන අතර එම මුළු මුදල 2021 අගෝස්තු 31 දින හෝ ඊට පෙර ගෙවිය යුතු වේ. ඔබට මුදල් බැංකුවට, අන්තර්ජාලය හරහා ක්‍රෙඩ්ට් කාඩ්, මොබයිල් මනි, හා වෙනත් ඔබට පහසු ආකාරයට මුදල් ගෙවිය හැක. ඔබ ලියාපදිංචි වු පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙනු ඇත. අප ආයතනයේ ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කෙටි පාඨමාලාව 2021 හැදැරු සිසුන් සඳහා 20% වට්ටමක් හිමිවේ. කරුණාකර ඔවුන් පාඨමාලා සම්බන්ධීකාරක ගෙන් වැඩි විස්තර දැන ගන්න.

අදාළ දිනයට පෙර ගාස්තුව ගෙවූ පුද්ගලයෙකුට කිසියම් හේතුවක් නිසා මෙම පාඨමාලාවට සහභාගී වීමට නොහැකි නම්, 2021 අගෝස්තු 31 දින හෝ ඊට පෙර කරන ලද ලිඛිත ඉල්ලීමක් මත පාඨමාලා ගාස්තුව ඔහුට / ඇයට ආපසු ගෙවනු ලැබේ. කෙසේ වෙතත්, පරිපාලන ගාස්තුව රු. 500 / = සම්පූර්ණ මුදලෙන් අඩු කරනු ලැබේ.

සහතික පත්‍රය

පාඨමාලාව අවසානයේදී සහභාගී වූ සියලු දෙනාට ආයතනය විසින් සහතික පත්‍රයක් නිකුත් කරනු ලබන අතර 80% සහභාගීත්වය ද අනිවාර්ය වේ.

පාඨමාලාවේ අන්තර්ගතය

  1. හැඳින්වීම: පුරාවිද්‍යා උරුම කළමනාකරණය කුමකටද?
  2. සංස්කෘතික උරුම වර්ගීකරණය
    1. උරුමය නිර්වචනය කිරීම: පුරාවස්තු හා ස්මාරක, උරුමය
    2. ප්‍රවර්ග: ස්මාරක / පුරාවිද්‍යාත්මක ස්ථාන / පුරාණ නගර මධ්‍යස්ථාන / සංස්කෘතික භූ දර්ශන යනාදිය
    3. ශ්‍රී ලංකාව ඇසුරින්
  3. සංරක්ෂණය හා කළමනාකරණය
    1. සංරක්ෂණ සංකල්පවල විකාශනය: ස්මාරක / ක්‍ෂේත්‍ර / සංස්කෘතික භූ දර්ශන / සිතුවම් / පුරාවස්තු
    2. ජාත්‍යන්තර ව්‍යාපාර
    3. සංරක්ෂණයේ සිට කළමනාකරණය දක්වා ගමන් කිරීම
    4. යටත් විජිත යුගයේ සිට ශ්‍රී ලංකාවේ වර්ධනය
  4. උරුම අධ්‍යයන / වටිනාකම් / ඇතුළත් කිරීමේ ප්‍රවේශය (Inclusive Approach) / සහභාගීත්ව ප්‍රවේශයේ (Participatory Approach) ප්‍රධාන අංග
    1. ඇතුළත් කිරීමේ ප්‍රවේශය/ සහභාගීත්ව ප්‍රවේශය
    2. වටිනාකම්
    3. වටිනාකම් තක්සේරු කිරීම
    4. වැදගත්කම පිළිබඳ ප්‍රකාශය
  5. උරුම කළමනාකරණ පද්ධති
    1. විකාශය.
    2. ගෝලීය අවධානය
    3. වත්මන් ප්‍රවේශයන්
    4. ශ්‍රී ලංකාව ඇසුරින්
  6. උරුමය සහ තිරසාර සංවර්ධනය
    1. තිරසාර සංවර්ධනය
    2. යුනෙස්කෝ තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය
    3. අයිතිවාසිකම් සහ දැනුම පිළිබඳ ගැටළු
  7. ලෝක උරුමය
    1. සංකල්ප හා කැපීපෙනෙන විශ්වීය අගයන් (Outstanding Universal Values) ඇතුළු ලෝක උරුම ලැයිස්තුව
    2. නාමයෝජනා
    3. කළමනාකරණය
    4. ස්වාභාවික හා සංස්කෘතික උරුමය
    5. ශ්‍රී ලංකාවේ ලෝක උරුම
    6. සමාජයේ කාර්යභාරය
  8. අස්පර්ශිත උරුමය
    1. අර්ථ දැක්වීම්
    2. ලැයිස්තුගත කිරීම සහ ආරක්ෂා කිරීම
    3. ශ්‍රී ලංකාවේ තත්වය
  9. උරුමය කළමනාකරණය කිරීමේ මෙවලම් (Tools) සහ ආකෘති
    1. උපායමාර්ගික සැලසුම්කරණය
    2. උරුම කළමනාකරණ සැලසුම්කරණය
    3. උරුම බලපෑම් ඇගයීම්
    4. සාම්ප්‍රදායික දැනුම පද්ධති
  10. නිගමන සහ අවසාන පැවරුම්

ආචාර්ය මණ්ඩලය

පහත දේශකයන්ගේ ප්‍රමුඛත්වයෙන් ICOMOS – Sri Lanka ආයතනයේ වෘත්තිකයන් හා වෙනත් ප්‍රවීන දේශකයන්ගෙන් සැදුම් ලත් ‌දේශක මඩුල්ලකින් මෙම පාඨමාලාව මෙහෙය වනු ඇත.

  1. ආචාර්ය ගාමිණි විජේසූරිය (ආචාර්ය උපාධිය)

ඉතාලියේ රෝමයේ ICCROM හි අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ උපදේශක

චීනයේ WHITRAP ෂැංහයි හි අධ්‍යක්ෂගේ විශේෂ උපදේශක

සභාපති, ස්මාරක හා ක්ෂේත්‍ර පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICOMOS), ශ්‍රී ලංකාව

  1. චන්දිම බණ්ඩාර අඹන්වල මහතා (විද්‍යාපති උපාධිය)

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය

පාඨමාලා සම්බන්ධීකාරක

සිතානි ජයතිස්ස

දු.ක. අංකය – +91707899789

ඊමේල් ලිපිනය—sithani@iahs.lk