කාර්මික පුරාවිද්‍යාව
කාර්මික පුරාවිද්‍යාව යනු 1950 දශකයේ දී පුරාවිද්‍යා ක්ෂේත්‍රයට එක් වූ උප විෂය ක්ෂේත්‍රයකි. ආරම්භයේ දී කාර්මික විප්ලවය හා සම්බන්ධ ස්ථානල ස්මාරකල යන්ත්‍ර සූත්‍ර ආදිය මත මෙම විෂය ක්ෂේත්‍රය පාදක වුවත්, පසුකාලීනව ඉදිරිපත් වූ මතවාද හා අදහස් සැලකිල්ලට ගෙන නූතන කාර්මික සංවර්ධනයෙහි මූලාරම්භය හා බැඳුණු ද්‍රව්‍යාත්මක සංස්කෘතිය අධ්‍යයනයට ලක් කරන විෂය ධාරාවක් ලෙස නිර්වචනය වී තිබේ. ඒ අනුව කාර්මික පුරාවිද්‍යාවට අයත් වනුයේ 18 වන සියවස දෙවන භාගයේ සිට නුදුරු අතීතය දක්වා කාලවකවානුවට අයත් වන කාර්මික සංස්කෘතිය හා බැඳුණු ස්ථානල ස්මාරක හා භාණ්ඩ ආදියයිග
ශ්‍රී ලංකාව කාර්මික රටක් නොවූවත්ල වතුවගාව හා එහි යටිතල පහසුකම් ලෙස නූතන යන්ත්‍ර මූලික සංස්කෘතියෙහි මුල්කාලයට අයත් කෘතීන් මෙරට ද ස්ථාපනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ “කාර්මික උරුමය” ලෙස දැනට හඳුනාගත හැකිවනුයේ ද එලෙස බිහි වූ අංගයන්ය. කෙසේවෙතත්, ශ්‍රී ලාංකේය සංදර්භය තුළ කාර්මික පුරාවිද්‍යාව හැදෑරීමේ දී බොහෝ කෘතීන් 19 වන සියවස හා ඉන් පසුව බිහි වූ ඒවා ලෙස හඳුනාගත හැකිවන බැවින් මේ සඳහා පාදක කොට ගනුයේ, ක්‍රි.ව. 1800 සිට 1980 දක්වා වූ කාලවකවානුවයි.
පටුන
මෙම පාඨමාලාව කා සඳහා ද?
මෙම (මාර්ගගත) පාඨමාලාව පහත දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් විශේෂයෙන් අරමුණු කර ඇත.
- විශ්වවිද්‍යාලයන්හි දී පුරාවිද්‍යාව හැදෑරීම සඳහා අපේක්‍ෂිත විද්‍යාර්ථින්
- විනෝදාංශයක් වශයෙන් පුරාවිද්‍යාව පිළිබඳ හැදෑරීමට රුචිකත්වයක් දක්වන වෘත්තිකයින්
- පැරණි වාහන පිළිබඳ උනන්දුවක් ඇති අයවලුන්
- බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
- විශ්වවිද්‍යාලීය මට්ටමෙන් පුරාවිද්‍යා උපාධිය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින් පුරාවිද්‍යාව හැදෑරීමට අපේක්‍ෂිත විද්‍යාර්ථීන්
- පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම පුරවැසියන්
පාඨමාලාවේ සම්පත් දායකයින් :
කාර්මික පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ විධිමත් අවබෝධයක් සහිත, ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයෙන් යුතු ශාස්ත්‍රාලීය පසුබිමක් සහිත අයවලුන් පමණක් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලබයි. පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ ක්‍ෂේත්‍රයන්හී දීර්ඝ කාලීන අත්දැකීම් සහිත විද්වතුන් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලැබේ.
නම | තනතුර |
---|---|
ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු | ස්වාධීන පරේෂක හා සීගිරිය කෞතුකාගාරයේ හිටපු කෞතුකාගාර |
වරලත් වාස්තු විද්‍යාඥ රසික වික්‍රමනායක | ස්වාධීන පරේෂක හා වරලත් වාස්තු විද්‍යාඥ |
පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්‍ෂා කරනු නොලැබේ. සිංහල බස අසා අවබෝධ කර ගැනීමේ හැකියාව ප්‍රමාණවත් වේ.
පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :
වසර දශක එකහමාරක් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම ක්‍රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies– IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේ දී මෙම ශීර්ෂය යටතේ ම මෙම පාඨමාලාව පළමු වැනි වරට මාර්ගගත ආකාරයෙන් අති සාර්ථකව ඉදිරිපත් කළ අතර කාලානූරුපීව වර්ධනය කරන ලද විෂය මාලාවකට අනුව මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්‍යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළුමහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්‍යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ, පුරෝගාමි ආයතයන වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්‍යාර්ථින් 500 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාකළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ආදායමක් වේ නම් එය නැවත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසාම කැප කරනු ලබයි.
පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
- විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
- විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
- පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
- දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
- සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
- විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
- පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
- සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
- මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම
පාඨමාලාවේ අරමුණු
- ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රයට මෑතකාලීනව එක් වූ නව උප විෂය ධාරාවක් ලෙස කාර්මික පුරාවිද්‍යාවේ විෂය පථය හා ඒ පිළිබඳ අර්ථකථන පිළිබඳ අවබෝධයක් ලබා දීම.
- අතීත මානව ක්‍රියාකාරිත්වය හා බැඳුණු ද්‍රව්‍යාත්මක සංස්කෘතියෙහි නව ප්‍රවණතා හඳුනාගැනීම.
- ශ්‍රී ලංකාවේ කාර්මික උරුමය පිළිබඳව අවබෝධයක් ලබා දිම හා ඒ තුළින් ඒවා රැකගැනීම පිළිබඳව ආකල්ප වැඩිදියුණු කිරීම.
- කාර්මික පුරාවිද්‍යාවේ දී භාවිත කරනු ලබන අධ්‍යයන ක්‍රමවේද හඳුන්වා දීම.
ඉගෙනුම් ඵල
- පුරාවිද්‍යා විෂය ධාරාව තුළ මෑත කාලවකවානුව නියෝජනය කරන කාර්මික පුරාවිද්‍යාවේ ස්වභාවය පැහැදිලි කරගත හැකිවේ.
- ජාත්‍යන්තර මට්ටමින් කාර්මික පුරාවිද්‍යාවේ ආරම්භය හා විකාශය පැහැදිලි කළ හැකිවේ.
- ශ්‍රී ලංකාවේ කාර්මික උරුමය යනු කුමක් දැයි පැහැදිලි කළ හැකිවේ.
- පුරාවිද්‍යා විෂය පථයට නූතන විද්‍යාත්මක හා තාක්ෂණික ද්‍රව්‍යාත්මක සංස්කෘතිය එක් වී ඇති අයුරු පැහැදිලි කළ හැකිවේ.
- පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැතිය යන පොදු සමාජ ආකල්පය නිසා විනාශ මුඛයට පත්ව යන කාර්මික උරුමය රැකගැනීම සඳහා දායකත්වයක් ලබාදීමට හැකිවේ.
පාඨමාලා අන්තර්ගතය :
අංකය | මාතෘකාව | කාලය පැය | දේශකවරයා |
---|---|---|---|
1 | ආරම්භක සැසිය | 2 | IAHS කණ්ඩායමේ සාමාජිකයින් හා සම්පත් දායකයින් |
2 | කාර්මික පුරාවිද්‍යාව හඳුනාගැනීම –
අර්ථ දැක්වීම්, විෂය පථය, කාර්මික පුරාවිද්‍යාවේ ප්‍රභවය හා විකාශය, කාලවකවානුමය අධ්‍යයනයක් ලෙස සාම්ප්‍රදායයික පුරාවිද්‍යා ප්‍රවාහය තුළ කාර්මික පුරාවිද්‍යාවේ වැදගත්කම |
2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
3 | කාර්මික විප්ලවය –
ආරම්භය, ප්‍රතිඵල හා මානව සංස්කෘතිය නව මගකට යොමු කිරීමේ සංධිස්ථානයක් ලෙස එහි වැදගත්කම |
2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
4 | ශ්‍රී ලංකාවේ කාර්මික පුරාවිද්‍යාව –
ආරම්භය, විෂය පථය හා කාර්මික උරුමය පවතින ආකල්ප හා ඒවා රැක ගැනීමට ගෙන ඇති පියවර |
C2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
5 | ශ්‍රී ලංකාවේ වතු වගාව ආශ්‍රිත කාර්මික පුරාවිද්‍යාව – වතු වගාවේ ආරම්භය, වතු ආශ්‍රිත කාර්මික උරුමය, වතු වගාව හා බැඳුණු අස්පර්ශනීය උරුමය | 2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
6 | ශ්‍රී ලංකාවේ දුම්රිය පුරාවිද්‍යාව හැඳින්වීම –
දුම්රිය පුරාවිද්‍යාව යනු කුමක්ද, ඊට ඇතුළත් ස්පර්ශනීය හා අස්පර්ශනීය අංග |
2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
7 | දුම්රිය මාර්ග පද්ධතිය හා ශ්‍රී ලංකාවේ පටු අමාන දුම්රිය මාර්ග (Narrow Gauge Railways) | 2 | වරලත් වාස්තු විද්‍යාඥ රසික වික්‍රමනායක |
8 | ශ්‍රී ලංකාවේ දුම්රිය උරුමය, දුම්රිය කෞතුකාගාර හා එවායේ ප්‍රදර්ශන භාණ්ඩවල සංරක්ෂණ කටයුතු | 2 | වරලත් වාස්තු විද්‍යාඥ රසික වික්‍රමනායක |
9 | ශ්‍රී ලංකාවේ මහාමාර්ග ඉතිහාසය හා මහාමාර්ග තැනීමේ තාක්ෂණික ක්‍රම හා යන්ත්‍ර සූත්‍ර | 2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
10 | ශ්‍රී ලංකාවේ මාර්ග පාලම් ඉතිහාසය –
ක්‍රි.ව. 1800 ට පෙර හා 1800න් පසුව 1950 දක්වා |
2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
11 | මහාමාර්ග ආශ්‍රිත උපරිව්‍යුහගත නිර්මාණ හා රථවාහන සැතපුම් කණු, මාර්ග සංඥා පුවරු, වතුරමල්, පහන් කණු ආදිය හා පැරණි රථවාහන | 2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
12 | සන්නිවේදනය හා පොදු පහසුකම් සම්පාදනය සම්බන්ධ කාර්මික පුරාවිද්‍යාව –
තැපැල්, මුද්‍රණ, සිනමාව, ගුවන්විදුලිය, රූපවාහිනී, ඔරලෝසු කණු, ප්‍රදීපාගාර |
2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
13 | ශ්‍රී ලංකාවේ කාර්මික කලාව –
කාර්මික නිර්මාණ හා බැඳුණු කලාව, කලා සම්ප්‍රදාය |
2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
14 | කාර්මික උරුමය හා සබැඳි ප්‍රඥප්ති හා අණපනත් – නිෂ්නි ටාජිල් ප්‍රඥප්තිය | 2 | ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු |
15 | අවසාන සැසිය | 2 | IAHS කණ්ඩායමේ සාමාජිකයින් හා සම්පත් දායකයින් |
දේශන පැවැත්වෙන ආකාරය :
මාර්ගගත දේශන කාලය පැය 30කි.
මෙම ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරනු ඇත. දේශන අගහරුවාදෙ හා සිකුරාදා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක. මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.
අයදුම්පත
ප්‍රායෝගික :
සහභාගි වන විද්‍යාර්ථින්ගේ රුචිකත්වය මත ක්‍ෂේත්‍ර සංචාරය. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවන බව කාරුණිකව සලකන්න.)
පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :
මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න.
මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2025 මැයි 25 දින සිට 2025 ජුනි 15 වැනිදා දක්වා වේ. 2025 ජුනි 19 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.
2025 ජුනි 20 වැනිදා වන දින පාඨමාලාව ආරම්භ වේ.
ශිෂ්‍ය ඇඟයීම :
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).