Loading Events

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව
පළමු වැනි ‌දේශනය

පුරවිද්‍යාවෙන් උරුමයට – මහාචාර්ය ජගත් වීරසිංහ

2023 ජුලි 07 වැනිදා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා

ජාතික උරුමයේ අයිතිය මෙන්ම වගකීමත් සැමටයි…

ජාතික උරුමය වනාහි ජාතියේ හෘදසාක්ෂියයි. හෘදසාක්ෂිය පිළිබඳ වගවීම සැමගේ යුතුකමකි, වගකීමකි. එබැවින් ම මෙම ජාතික උරුමය පිළිබඳ කථිකාව ශික්ෂිත සමාජයේ සියලු පාර්ශවවල අනුලංඝනීය වුවමනාවක් විය යුතු බව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයනයේ අදහසයි, අපේක්ෂාවයි. එබැවින් වත්මන් ලක්දිව උද්ගත වී ඇති උරුම කථිකාව සමඟ ඓන්ද්‍රීය සහසම්බන්ධය ශ්‍රී ලාංකික ජාතියේ සැමගේ යුතුකමක් වශයෙන් සලකා ඊට අදාළ වේදිකාවක් සැපයීම සඳහා ජාතික උරුමය පිළිබඳ සංවාදාත්මක කථිකාව දියත් වේ.මෙරට ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරික් සය දෙනෙකුගේ අදහස් ඔස්සේ මෙරට උරුම කථිකාව පෝෂණය කිරීමේ සුබවාදි බලාපොරොත්තුවෙන් මහාචාර්ය ජගත් වීරසිංහ, අරුන් සිද්ධාර් ථන්, මතුගම සෙනෙවිරුවන්, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුෆිසල් අබුබකර් හා ආචාර්ය ගාමිණි විජේසූරියගේ අදහස් සඳහා මෙම සංවාදාත්මක කථිකා දියත් වේ.

Join Zoom Meeting
https://us06web.zoom.us/j/81935791983?pwd=ZHE2QWZnZmh2b3hkMXpGVlBtbXBxQT09
Meeting ID: 819 3579 1983
Passcode: 633564

YouTube Live

New Courses

Contact Info

Institute of Archaeology and Heritage Studies, Vilegoda Walauwa, Vivekarama Road, Kalutara North, Sri Lanka.

Phone: +94 70 789 9 789

Web: IAHS

Recent Posts

Go to Top