Loading Events
‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා මාර්ගගත දේශන මාලාව – පස් වැනි දේශනය

ඉමැනුවෙල් කාන්ට්ගේ සදාචාර දාර්ශනික චින්තන සහ පෙරදිග චින්තාවන් අතර ඇති සබඳතාවන් – මහාචාර්ය නාමලී කුමාරි හඳගම

අංශාධිපතිනි, දර්ශන අධ්යයනාංශය, ශාස්ත්ර පීඨය, පේරාදෙණි විශ්වවිද්යාලය, පේරාදෙණිය.
2024 පෙබරවාරි 04 වන ඉරිදා රාත්රී 8.00 සිට 10.00 දක්වා
Meeting ID: 861 6194 4928
Passcode: 525399
YouTube Live
2023 වසරේ “ලෝක දර්ශන දින සැමරුම” නොවැම්බර් මස 16 වැනි (බ්රහස්පතින්දා) දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් පේරාදෙණිය විශ්වවිද්යාලයේ, ශාස්ත්ර පීඨයේ දර්ශන දෙපාර්තමේන්තුව විසින් ‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා (තෝරා ගත් තේමා කිහිපයක් ඇසුරින්) යන මැයෙන් ශාස්ත්රීය සම්මන්ත්රණයක් පවත්වන ලදි. භාරතය, ඉරානය, ශ්රී ලංකාව ඇතුලු දර්ශනය පිළිබඳ කැපී පෙනෙන උනන්දුවක් දක්වන බොහෝ ආසියාතික රටවල් මෙන්ම ජර්මනිය ඇතුලු දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ යුරෝපීය රටවල් ඉන්දු යුරෝපීය භාෂා කතා කරන ඉන්දු යුරෝපීය සභ්යත්වයකට අයත් රටවල් වේ. එමනිසාදෝ ජර්මන් පඬිවරු ආසියාතික ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය අධ්යයනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. පෙරදිග රටවල ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු වීමට ඒ අධ්යයන බලපා ඇත. එමෙන්ම ජර්මන් දාර්ශනික ආභාසය ද ආසියාතික රටවල්වලට ලැබී ඇත. මේ සම්මන්ත්රණයේ මූලික අරමුණ වූයේ ජර්මනිය සහ ශ්රී ලංකාව ප්රමුඛ ආසියාතික රටවල් අතර පැවති ආගමික – දාර්ශනික සබඳතා මොනවාද යන්න කෙරෙහි තෝරාගත් මාතෘකා කිහිපයක් ඔස්සේ ශාස්ත්රීය ගවේෂණයක් සිදු කිරීමයි.
මෙහිදී අනාවරණය කරගත් කරුණු පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනය හා පේරාදෙණිය විශ්වවිද්යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ දර්ශන සංගමය එක්ව මාර්ගගත ක්රමය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කිරීම මෙම දේශන මාලාව මගින් සිදු කිරීමට අපේක්ෂිත ය.
සංවිධානය
පුරාවිද්යා හා උරුම අධ්යයනය ආයතනය
දර්ශන සංගමය, ශාස්ත්ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්යාලය

New Courses

Contact Info

Institute of Archaeology and Heritage Studies, Vilegoda Walauwa, Vivekarama Road, Kalutara North, Sri Lanka.

Phone: +94 70 789 9 789

Web: IAHS

Recent Posts

Go to Top