ජනරජවංශය : වරුණගේ කතා හතක්
අපව පීඩාවට පත්කරලා තියෙන දේවල් අතර මේ රට පාලනය කරන නැත්නම් කරවන ක්‍රමය ඉස්සරහින් ම තියෙනවා. මේ අපි ම හදාගත්ත දෙයක් නෙවෙයි. උපදින්නේ 1833 දී ඉංග්‍රීසි යටත්විජිත පාලකයා විසින් බලගන්වපු කෝල්බෲක් ව්‍යවස්ථාවෙන්. එදා ඉඳලා මේ දක්වා අවුරුදු 190කට වැඩි කාලයක් ගිහිල්ලත් මේ යටත්විජිත සිස්ටම් එක අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න අපිට පුළුවන් වෙලා නැහැ. ඇත්ත කතාව නම් මේ යටත්විජිත සිස්ටම් එක වෙනස් කරගන්න තෙක් සැබෑ නිදහසක් නම් අපට ලබාගන්න බෑ. එහෙම නිදහසක් උදාකරගන්නේ නැතිව අපේ උරුමය තහවුරු කරගන්න කොහොමත් බෑ. ඒ කියන්නේ අපේ උරුමය පාදා ගන්න නම් මුළින් ම අපි අපේ සිත ගත පාලනය නිරවුල් කරගන්න වෙනවා. ඒ ගැන කතාකරන්න, කීප දෙනෙකු හරි ඒ සඳහා දැනුවත් කරන්න පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ආචාර් ය වරුණ චන්ද්‍රකීර්ති තුමා සමඟ එක් වෙලා ගන්න පුංචිම පුංචි වෑයක්මක් මේක.
වරුණ තුමා ගේ මේ කතා හත පෙළගැහෙන්නේ පහත විදිහට, දිනයත් එක්ක ම. වෙලාව ඒ සෑම දිනකම සවස 07.00 ඉදල 08.30 විතර වෙනකල්. සූම් එකෙන් තමා වැඩේ යන්නේ.
| අංකය | කතාව | දිනය |
|---|---|---|
| පළමු වැනි | යටත්විජිත සිස්ටම් එක | 2025 නොවැම්බර් 07 සිකුරාදා |
| දෙවැනි | අවුරුදු විස්සක බල අරගලයක් | 2025 නොවැම්බර් 14 සිකුරාදා |
| තෙවැනි | ඩොමීනියන් බොරුව සහ ව්‍යාජ නිදහස | 2025 නොවැම්බර් 21 සිකුරාදා |
| සිව් වැනි | බොරුවෙන් උපන් ආරවුල් | 2025 නොවැම්බර් 28 සිකුරාදා |
| පස් වැනි | හමුදා කුමන්ත්රණයේ කතාව | 2025 දෙසැම්බර් 05 සිකුරාදා |
| හය වැනි | ජනරජ ව්‍යවස්ථාවේ ආරවුල | 2025 දෙසැම්බර් 12 සිකුරාදා |
| හත් වැනි | සැබෑ ජනරජයක් වෙනුවෙන් | 2025 දෙසැම්බර් 19 සිකුරාදා |
මේක ජාතික වුමනාවක්. කිසිම අයකිරීමක් නැහැ. ලෝකය දකින්න, තේරුම් ගන්න කැමති සිංහල තේරෙන ඕන කෙනෙකුට වයස් භේදයක් නැතිව මෙරට නොරට කොහේ හිටියත් සම්බන්ධ වෙන්න පුළුවන්. ආයෙත් කිවුවොත් කිසිම සල්ලියක් ගෙවන්න ඕන නැහැ. කැමති කෙනෙකුට කැමැත්තෙන් සංවිධාන ශක්තිය සඳහා සම්මාදම් වෙන්න පුළුවන්.
ඉතිං එහෙනම් ඔන්න මේ වැඩේට කැමති අය පහත දිගුවෙන් ගිහිං විස්තර ලබාදීල අපිත් සමඟ වැඩේට සම්බන්ධ වෙන්න.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති තුමා සමඟ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

