‘උරුම කළමනාරණය’ – මාර්ගගත කථිකාවක්

2023-02-22T11:59:38+05:30

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, ICOMOS - Sri Lanka ආයතනය සමඟ එක්ව සංවිධානය කරනු ලබන  'උරුම කළමනාකරණයට හැඳින්වීමක්' පාඨමාලාවට සමගාමීව 'උරුම කළමනාරණය' යන මාතෘකාව ඔස්සේ මාර්ගගත කථිකාවක් 2021 අගෝස්තු මස 30 වන දින ප.ව. 8.00 - 10.00 දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. සමාජයේ විවිධ පැතිකඩවල් ආවරණය කරමින් සම්පත් දායකයින් මෙම අවස්ථාවට සහභාගී වන අතර ඔවුන් 'උරුම කළමනාකරණය' පිළිබඳ ඔවුනගේ ඇසින් අදහස් දක්වනු ඇත. මේ විවෘත කථිකාවට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු. සම්පත් දායකයින්ගේ අදහස් දැක්වීමෙන් පසු ඔබට ද අදහස් දැක්වීමට හා සංවාදයට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙහෙයවීම ආචාර්ය ගාමිණී විජේසූරිය - සභාපති, ස්මාරක හා ක්ෂේත්‍ර පිළිබඳ [...]