වැදගත් කරුණු

හැඳින්වීම

පුරාවිද්‍යා හා ඉතිහාසය යන ක්ෂේත්‍ර වල  වැදගත් සංදිස්ථානයක් වන කෞතුකාගාර, මානව වර්ගයා සහ පරිසරය පිළිබඳ මූලික පැහැදිලි සාක්ෂි සංරක්ෂණය හා අර්ථ නිරූපණය කිරීම සඳහා කැප වූ ආයතනයකි. අතීතයේ කෞතුකාගාර යන්න පැරණි භාණ්‌ඩ එකතුන් රැසක්‌ එක්‌රැස්‌ කොට තිබෙන ස්‌ථානයක්‌ වුවත් වර්තමානය වන විට කෞතුකාගාර සමාජ ක්‍රියාවලිය හා බද්ධ වී ක්‍රියාකරන ඉතා වැදගත් ආයතනයක්‌ බවට පත් වී ඇත. අද කෞතුකාගාර ඒ ඒ රටවල සංස්‌කෘතික අධ්‍යාපනික හා විද්‍යාත්මක සංවර්ධනයට ද විනෝදාස්‌වාදය සඳහා ද පවත්වා ගෙන යනු ලබයි. මේ අනුව ඒ හා බැඳුණු විශාල කාර්යභාරයක්‌ කෞතුකාගාර මගින් සිදුවේ. කෞතුකාගාර විද්‍යාව තුළින් ප්‍රධාන වශයෙන් කෞතුකාගාර භාවිතයන් පිළිබඳ න්‍යායාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙන අතර කෞතුකාගාර හා සමාජය අතර තිබිය යුතු සම්බන්ධය ශක්තිමත් කිරීමට වෑයම් කරයි.

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් ආරම්භ කරන ‘කෞතුකාගාර විද්‍යාව’ පාඨමාලාව කෞතුකාගාරය නම් ආයතනය හා එහි කාර්යභාරය පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා හට වටිනා අවස්ථාවක් වේ. මෙම පාඨමාලාව තුළින් කෞතුකාගාර ලෝකයට පුළුල්, න්‍යාය පදනම් කරගත් හැඳින්වීමක් සැපයීම අරමුණු කරගන්නා අතර දේශන තුළින් සිසුන්ට කෞතුකාගාර සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග සහ වගකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. කෞතුකාගාරයක් යනු කුමක්ද, විවිධ වර්ගයේ කෞතුකාගාර සහ ප්‍රජාව තුළ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාලනය, කළමනාකරණය, ප්‍රදර්ශන සහ කෞතුකාගාර රැකියා සහ වගකීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කෞතුකාගාරවල වර්තමාන හා මතුවෙමින් පවතින ගැටළු මෙහිදී සාකච්ඡා කෙරේ. කෞතුකාගාර නැරඹීමෙන් සිසුන්ට ක්‍ෂේත්‍රයේ ප්‍රායෝගික ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි අතර කෞතුකාගාර න්‍යායන් වර්තමාන උදාහරණ සහිතව විස්තර කෙරෙනු ඇත.

කෞතුකාගාර ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පළපුරුද්ද ඇති එමෙන්ම කෞතුකාගාර විද්‍යාව විෂයෙහි ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට කෞතුකාගාර පිළිබද අධ්‍යනයට ඇති අඩුපාඩුව මකා දැමීමට උත්සාහ දරයි.

පාඨමාලාවේ සම්පත් දායකයින් :

ඉන්දිය අර්ධද්වීපක කලාපයේ විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් හා පරිචයක් ලබා දීම අරමුණු කරමින් මාර්ගගත ආකාරයන් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. දශකයකට වැඩි කාලයක් තුළ මාර්ගගත ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්‍රමුඛ ආයතනය වන archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය [Institute of Archaeology and Heritage Studies (IAHS)] විසින් මෙම පාඨමාලාව සම්බන්ධිකරණය කොට ඉදිරිපත් කරනු ලැබේ. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය මේ වන විට පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත දැනුම මාර්ගගත ආකාරයෙන් බෙදාහරින දිවයිනේ ප්‍රමුඛ ආයතනය වේ.

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරේෂකයන් හා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ඉගැන්වීමෙහි නියුතු ඒ විෂය පරාසය පිළිබඳ පර්යේෂණාත්මක නැඹුරුවක් සහිත ශාස්ත්‍රාලීය විද්වතුන් විසින් මෙම කෞතුකාගාර විද්‍යාව පාඨමාලාවේ සම්පත් දායකත්වය දරනු ලැබේ. මෙම සම්පත් දායකයින් වසර ගණනාවත් තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රම මෙන් ම ජනමාධ්‍යය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට විධිමත් පුරාවිද්‍යා දැනුම සාමාජගත කිරීමේ කාර්යයේ දී ප්‍රමුඛ කාරයභාරයක් සිදුකළ විද්වතුන් වීම ද විශේෂත්වයකි.

කෞතුකාගාර විද්‍යාව සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ.
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය.
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල.
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව.
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම.
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම.
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්.
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය.
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම.
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් / සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. මාර්ගගත පාඨමාලා ව සමඟ සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ කෞතුකාගාර පිළිබඳ උනන්දු හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් පැවතීම මෙම විෂය මැනවින් ග්‍රහණය කරගැනීම සඳහා හේතු වනු ඇත.

පාඨමාලාවේ අරමුණු :

  • කෞතුකාගාරය නම් ආයතනය පිළිබද මූලික අවබෝධයක් ලබා දීම.
  • කෞතුක විද්‍යාව හා කෞතුකාගාර ආචාරධර්ම පිළිබඳ මූලික න්‍යායන් භාවිතා කරමින් විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් ලබා දීම.
  • කෞතුකාගාරවල සංවර්ධනය හා කාර්යයන් පිළිබඳ දැනුමක් දීම.
  • කෞතුකාගාර හා සමාජය අතර ඇති සැබැදියාව ශක්තිමත් කිරීම.

ඉලක්කගත කණ්ඩායම් :

මාර්ගගත ආකාරයෙන් සතියකට දින දෙක බැගින් වූ සති 8ක කාලයක පවත්වනු ලබන මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීමේ දී විශේෂයෙන් පහත දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් අරමුණුකර ඇත.

  • බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරනු ලබන විද්‍යාර්ථීන්,
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සමගාමි වෙනත් ආයතනයන්ගේ සේවය කරනු ලබන පුරාවිද්‍යා උපාධිධාරින් නොවන කාර්‍ය මණ්ඩල සාමාජිකයින්,
  • විනෝදාස්වාදය සහ වෘත්තීමය වශයෙන් කෞතුකාගාර කටයුතුවල නියැලෙන හා උනන්දුවක් දක්වන්නන්,
  • පාසල් තුළ ඉතිහාසය විෂය උගන්වනු ලබන ගුරුභවතුන්,
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය ඉගෙන ගන්නා සිසුන්,
  • විශ්වවිද්‍යාලයන්හි දී පුරාවිද්‍යාවව හැදෑරීම සඳහා අපේක්ෂිත විද්‍යාර්ථීන්,
  • විශ්වවිද්‍යාලීය මට්ටමෙන් පුරාවිද්‍යා උපාධිය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින්  කෞතුකාගාර විද්‍යාව හදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්,
  • කෞතුකාගාර විද්‍යාවපිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම  පුරවැසියන්.

අධ්‍යයන ඵල :

  • කෞතුකාගාරය නම් ආයතනය පිළිබද මූලික අවබෝධයක් ලබා දීම.
  • කෞතුක විද්‍යාව හා කෞතුකාගාර ආචාරධර්ම පිළිබඳ මූලික න්‍යායන් භාවිතා කරමින් විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් ලබා දීම.
  • කෞතුකාගාරවල සංවර්ධනය හා කාර්යයන් පිළිබඳ දැනුමක් දීම.
  • කෞතුකාගාර හා සමාජය අතර ඇති සැබැදියාව ශක්තිමත් කිරීම.

පාඨමාලා අන්තර්ගතය :

පාඨමාලා කාලසටහන

කෞතුකාගාර විද්‍යාව – 2026

දේශන පැවැත්වෙන දින : සෑම සතියකම අඟහරුවාදා සහ සිකුරාදා

දේශනය පැවැත්වෙන වෙලාව : රාත්‍රී 8.00 සිට 10.00

මෙම සියළු දේශන Zoom මෘදුකාංගය ඔස්සේ පැවැත්වෙයි

අංකය මාතෘකාව කාලය (පැය) දේශකවරයා දිනය සහ වේලාව
1 කෞතුකාගාර විද්‍යාව පාඨමාලාව හඳුන්වා දීම (පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය) 1 IAHS කණ්ඩායම සහ සම්පත් දායකයින් 2026 ජනවාරි 06 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
2 කෞතුකාගාර විද්‍යාව පිළිබඳ හැඳින්වීම (I)
(කෞතුකාගාරය හඳුන්වාදීම, එහි කාර්යභාරය හා කෞතුකාගාර වර්ග, කෞතුකාගාර දර්ශනය)
2 සංජීවනී විද්‍යාරත්න 2026 ජනවාරි 09 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
3 කෞතුකාගාර විද්‍යාව පිළිබඳ හැඳින්වීම (II) 2 සංජීවනී විද්‍යාරත්න 2026 ජනවාරි 13 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
4 එක්රැස් කිරීම සහ භාරකාරත්වය (I) 2 සදුන් කුඩලිගම 2026 ජනවාරි 16 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
5 එක්රැස් කිරීම සහ භාරකාරත්වය (II) 2 සදුන් කුඩලිගම 2026 ජනවාරි 20 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
6 කෞතුකාගාරවල ලේඛනගත කිරීම (I) 2 සදුන් කුඩලිගම 2026 ජනවාරි 23 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
7 කෞතුකාගාරවල ලේඛනගත කිරීම (II) 2 සංජීවනී විද්‍යාරත්න 2026 ජනවාරි 27 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
8 කෞතුකාගාර අධ්‍යාපනය 2 සංජීවනී විද්‍යාරත්න 2026 ජනවාරි 30 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
9 කෞතුකාගාර ප්‍රදර්ශනය (I) 2 සදුන් කුඩලිගම 2026 පෙබරවාරි 03 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
10 කෞතුකාගාර ප්‍රදර්ශනය (II) 2 සංජීවනී විද්‍යාරත්න 2026 පෙබරවාරි 06 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
11 කෞතුකාගාර කළමනාකරණය / අලෙවිකරණය සහ මහජන සම්බන්ධතා 2 සංජීවනී විද්‍යාරත්න 2026 පෙබරවාරි 10 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
12 කෞතුකාගාර ගෘහ නිර්මාණ ශිල්පය 2 සදුන් කුඩලිගම 2026 පෙබරවාරි 13 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
13 සංරක්ෂණය, හැසිරවීම සහ ගබඩා කිරීම (I) 2 සදුන් කුඩලිගම 2026 පෙබරවාරි 17 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
14 සංරක්ෂණය, හැසිරවීම සහ ගබඩා කිරීම (II) 2 සංජීවනී විද්‍යාරත්න 2026 පෙබරවාරි 20 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
15 Eco Museum සහ නව කෞතුකාගාර විද්‍යාවෙහි න්‍යායන් 2 සදුන් කුඩලිගම 2026 පෙබරවාරි 24 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00
16 කෞතුකාගාර ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය 2 සංජීවනී විද්‍යාරත්න 2026 පෙබරවාරි 27 – සිකුරාදා
රාත්‍රී 8.00 – 10.00
17 පොදු සාකච්ඡාව 2 IAHS කණ්ඩායම සහ සම්පත් දායකයින් 2026 මාර්තු 03 – අඟහරුවාදා
රාත්‍රී 8.00 – 10.00

දේශන පැවැත්වෙන ආකාරය :

මාර්ගගත දේශන කාලය පැය 20කි.

මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා ZOOM මෘදුකාංගය භාවිතා කෙරෙයි. මෙම දේශන අගහරුවාදා හා සිකුරාදා රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කෙරෙන අතර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක දී වුවද නැවත නැරඹීමේ පහසුකම අප විසින් සලසා දෙනු ලැබේ. එසේ නැරඹීමේ දී එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් අප හට යොමු කළ හැකි අතර එම දේශනය පැවැත්වූ දේශකයාගෙන් ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාගෙන ඔබ වෙත දැනුම් දීම අප සිදුකරයි.

මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලැබේ.

ප්‍රායෝගික :

පාඨමාලාවට අදාල ප්‍රායෝගික පුහුණුව දේශන අවසානයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. දේශන සඳහා සහභාගිවන විද්‍යාර්ථීන්ගේ සූදානම සහ අවශ්‍යතාවය අනුව වැඩමුළුව සැලසුම් කරනු ලැබේ. බොහෝවිට කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ ක්ෂේත්‍ර චාරිකාවක් මේ සඳහා සැලසුම් කරනු ලැබේ.

මේ සඳහා පාඨමාලා ගාස්තුවට අමතරව ගෙවීමක් කිරීමට සිදු වේ.

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාවේ දී දේශකයාගේ අවධානය සිසුන් වෙනුවෙන් වැඩිපුර යෙදවීමට සිදු වන බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 02 වැනිදා දක්වා වේ. 2026 ජනවාරි 05 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාර අමතන්න.

2026 ජනවාරි 06 වන දින පාඨමාලාව ආරම්භ වේ.

ශිෂ්‍ය ඇඟයීම :

මෙම කෞතුකාගාර විද්‍යාව පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දි දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ හා සක්‍රීය දායත්වය සැලකිලිමත් වනු ඇත.

අයදුම් පත :

සහතික පත්‍රය මේ ලිපිනයට එවනු ඇත.

සම්පත් දායකයින් :

සදුන් බණ්ඩාර කුඩලිගම මයා
සදුන් බණ්ඩාර කුඩලිගම මයාබාහිර කථිකාචාර්ය
Your Content Goes Here
සංජීවනි විද්‍යාරත්න මිය
සංජීවනි විද්‍යාරත්න මියබාහිර කථිකාචාර්ය
Your Content Goes Here

පාඨමාලා කළමනාකරණය :

ඉංජිනේරු අනුරාධ පියදාස
ඉංජිනේරු අනුරාධ පියදාසඅධ්‍යක්ෂ, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
දු.ක. අංකය – 0777428282
Email – anuradha@iahs.lk

පාඨමාලා සම්බන්ධීකරණය

සිතුමි බොතේජු
සිතුමි බොතේජුපාඨමාලා සම්බන්ධිකරණය
දු.ක. අංකය – 0717464080 / 0767843428 (WhatsApp)

Email – sithumi@iahs.lk