ජනරජවංශය : වරුණගේ කතා හතක්
anuradha2025-10-29T13:34:20+05:30ජනරජවංශය : වරුණගේ කතා හතක් අපව පීඩාවට පත්කරලා තියෙන දේවල් අතර මේ රට පාලනය කරන නැත්නම් කරවන ක්‍රමය ඉස්සරහින් ම තියෙනවා. මේ අපි ම හදාගත්ත දෙයක් නෙවෙයි. උපදින්නේ 1833 දී ඉංග්‍රීසි යටත්විජිත පාලකයා විසින් බලගන්වපු කෝල්බෲක් ව්‍යවස්ථාවෙන්. එදා ඉඳලා මේ දක්වා අවුරුදු 190කට වැඩි කාලයක් ගිහිල්ලත් මේ යටත්විජිත සිස්ටම් එක අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න අපිට පුළුවන් වෙලා නැහැ. ඇත්ත කතාව නම් මේ යටත්විජිත සිස්ටම් එක වෙනස් කරගන්න තෙක් සැබෑ නිදහසක් නම් අපට ලබාගන්න බෑ. එහෙම නිදහසක් උදාකරගන්නේ නැතිව අපේ උරුමය තහවුරු කරගන්න කොහොමත් බෑ. ඒ කියන්නේ අපේ උරුමය පාදා ගන්න නම් මුළින් ම අපි අපේ සිත ගත පාලනය [...]


