‘උරුම කළමනාරණය’ – මාර්ගගත කථිකාවක්
පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනය, ICOMOS – Sri Lanka ආයතනය සමඟ එක්ව සංවිධානය කරනු ලබන ‘උරුම කළමනාකරණයට හැඳින්වීමක්‘ පාඨමාලාවට සමගාමීව ‘උරුම කළමනාරණය’ යන මාතෘකාව ඔස්සේ මාර්ගගත කථිකාවක් 2021 අගෝස්තු මස 30 වන දින ප.ව. 8.00 – 10.00 දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. සමාජයේ විවිධ පැතිකඩවල් ආවරණය කරමින් සම්පත් දායකයින් මෙම අවස්ථාවට සහභාගී වන අතර ඔවුන් ‘උරුම කළමනාකරණය’ පිළිබඳ ඔවුනගේ ඇසින් අදහස් දක්වනු ඇත. මේ විවෘත කථිකාවට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු. සම්පත් දායකයින්ගේ අදහස් දැක්වීමෙන් පසු ඔබට ද අදහස් දැක්වීමට හා සංවාදයට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.
Table of Contents
මෙහෙයවීම
ආචාර්ය ගාමිණී විජේසූරිය – සභාපති, ස්මාරක හා ක්ෂේත්‍ර පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICOMOS) – ශ්‍රී ලංකාව,
ඉතාලියේ රෝමයේ ICCROM හි අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ උපදේශක, චීනයේ WHITRAP ෂැංහයි හි අධ්‍යක්ෂගේ විශේෂ උපදේශක
සම්පත්දායකයින්
පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධිහිමි – සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජ මහා විහාරයේ විහාරාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ – පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැළණිය
ආචාර්ය විජේරත්න බෝහිංගමුව – ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, ඉතිහාසය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,රුහුණු විශ්ව විද්‍යාලය
ආචාර්ය අරුණ රාජපක්ෂ – ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල – පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
මාධ්යවේදී අමා වන්නිආරච්චි
ස්වාධීන පර්යේෂක ඉර්ෂාඩ් මොහොමඩ්
Zoom හරහා සම්බන්ධ වීමට පහත තොරතුරු භාවිතා කරන්න.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/85044933968
Meeting ID: 850 4493 3968
Passcode: 855022
YouTube Live හරහා සම්බන්ධ වීමට
වැඩි විස්තර සඳහා 070 789 9 789 අමතන්න.