වැදගත් කරුණු

හැඳින්වීම :

ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ දැනගැනීම මෙන්ම ඒ පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කිරීමේ උනන්දුවක් මෑත කාලීනව වර්ධනය වී පවති. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යය ඔස්සේ ඉතිහාසය පිළිබඳ විවිධ කරුණු සමාජගත වීම හා සංවාද ඇතිවීම මෙම උනන්දුව ඇති වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. මීට සමාන්තරව වැදගත් ඉතිහාස මූලාශ්‍රයක් වන සෙල්ලිපි ඇතුළු අභිලේඛන පිළිබඳ සාවධ්‍ය අදහස් සමාජගත වන ආකාරය ද දැකගත හැකි වේ. මෙම මිත්‍යා අදහස් වැපිරීම සඳහා විවිධ පුද්ගලයින් හා සංවිධාන යුහුසුළු වන ආකාරයත් දැකගත හැකි වේ. ජාතික උරුමයේ වැදගත් ශාඛාවක් වන සෙල්ලිපි ඇතුළු අභිලේඛන මූලාශ්‍රය විනාශ කිරීම හා විකෘති කිරීම ද සැලකිය යුතු මට්ටමේ ගැටලුවකි. මෙම අගනා ඓතිහාසික මූලාශ්‍රය පිළිබඳ සමාජය සතු දැනුවත් බවේ අඩුලුහුඩුකම් ද මෙම තත්ත්ව ඇති වීමටත් එවැනි දෑ තීව්‍ර වීමටත් හේතුවී ඇති බවත් ඒ පිළිබඳ සොයාබලන විට පැහැදිලි වේ. ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයන්හි මානවශාස්ත්‍ර පීඨයන්හි විද්‍යාර්ථින් සුළු පිරිසකට හා පිරිවෙන්හි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරාක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ දැනුම සිංහල බස වහරනු ලබන පුරවැසියනට ලබාදීමේ අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. එමඟින් ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කිරීමත් මෙම ප්‍රකට මූලාශ්‍රය හැසිරවීමේ බුහුටියාවක් ඇති කිරීමත් අපේක්‍ෂා කරනු ලැබේ. එමඟින් අභිලේඛන මූලාශ්‍රයේ සුරක්‍ෂිත බව ඇති කිරීම සඳහා දායක වීමත් මෙම පාඨමාලාවේ පුළුල් අරමුණකි.

පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

මෙම පාඨමාලාව කා සඳහා ද?

ඉන්දිය අර්ධද්වීපික කලාපයේ භාවිත කරන ලද ප්‍රමුඛ පැරණි අක්‍ෂර පද්ධතියක් වූ බ්‍රාහ්මී අක්‍ෂර මාලාව හා පැරණිම බ්‍රාහ්මී ලේඛන පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් සහිත අයවලුන් සඳහා ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසින් පසු මෙරට භාවිත වූ අක්ෂර පද්ධතිය හා අභිලේඛන පිළිබඳ අවබෝධයක් හා පරිචයක් ලබා දීමේ අරමුණින් මාර්ගගතව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

  • කිතුවසින් තුන්වැනි සියවසින් පසු ශ්‍රී ලංකාවේ දැකගත හැකි අභිලේඛන පිළිබඳ අවබෝධයක් හා ඒවා විධිමත්ව පරිශීලනය කිරීමේ ශක්‍යතාවත් ලබාදෙනු ලබන මෙම මාර්ගගත කෙටිකාලීන පාඨමාලාව තුළින් පහත දැක්වෙන පාර්ශවයන් වෙත විධිමත් දැනුමක් හා පරිචයක් ලබා දීම ඉලක්ක කර ඇත.
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ විධිමත් හා නිවැරදි දැනුමක් ලබා ගැනීම සඳහා උනන්දු වන්නන්
  • විනෝදාංශයක් වශයෙන් ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ හදාරණ විවිධ වෘත්තිකයින්
  • විනෝදාංශයක් වශයෙන් හෝ සංචාරක අරමුණින් පුරාවිද්‍යා සංචරණයන්හි නියැලෙන්නන්
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ උනන්දු දිවයිනෙන් බැහැරව සිටින්නන්
  • වෘත්තීය සංචාරක මඟපෙන්වන්නන්
  • නව්‍ය දැනුමක් ලබාගැනීමේ කැමැත්තෙන් සිටින ගවේෂණශීලි අයවලුන්
  • ඉතිහාස හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි අපේක්‍ෂකයින්
  • විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හා ඉතිහාසය පාඨමාලා හදාරණු ලබන උපාධි අපේක්‍ෂකයින් හා ඉදිරියේ දී එවැනි පාඨමාලා හැදෑරීමට අපේක්ෂිත පිරිස
  • බාහිර උපාධි පාඨමාලා සඳහා අභිලේඛන හා පුරාක්‍ෂර විද්‍යාව, පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂයන් හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • ඉතිහාස විෂය උගන්වනු ලබන පාසල් ගුරුවරුන්

සම්පත් දායකයින් කවුද?

වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ සයිබර් අවකාශය මාධ්‍ය කොටගෙන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්‍රමුඛ ආයතනය වන archaeology.lk හා අනුබද්ධ ශ්‍රාස්ත්‍රීය කටයුතු මෙහෙයවනු ලබන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය පුරාවිද්‍යාව මෙන්ම ඒ හා සමගාමි විෂයයීක දැනුම මාර්ගගතව බෙදාහරින දිවයිනේ ප්‍රමුඛ ආයතනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ පුරාක්‍ෂර හා අභිලේඛන විද්‍යාව පිළිබඳ ඉගැන්වීම පිළිබඳ දිගුකාලීන පරිචයක් සහිත ඒ විෂය පරාසය පිළිබඳ පර්යේෂණාත්මක නැඹුරුවක් සහිත ප්‍රමුඛ ශාස්ත්‍රාලීය විද්වතුන් විසින් මෙම පාඨමාලාවේ සම්පත් දායකත්වය දරනු ලැබේ. මෙම සම්පත් දායකයින් වසර ගණනාවත් තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රම මෙන්ම ජනමාධ්‍යය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට විධිමත් පුරාවිද්‍යා දැනුම සාමාජගත කිරීමේ කාර්යයේ දී සැලකිය යුතු කාරයභාරයක් සිදුකළ විද්වතුන් වීම ද විශේෂත්වයකි.

නම තනතුර
1 පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුරය.
2 පූජ්‍ය ගිනිකටුවැවේ විපුල හිමි කථිකාචාර්ය (තාවකාලික), ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ
3 චන්දිම බණ්ඩාර අඹන්වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ
4 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලය, හෝමාගම
5 ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු ස්වාධීන පුරාවිද්‍යා පර්යේෂක
6 දීපාංජනී ඇල්ලෙපොල පර්යේෂණ නිලධාරිණී, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

පූර්ව සුදුසුකම් :

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඉදිරිපත්වන විද්‍යාර්ථින් පහත දැක්වෙන පූර්ව අවශ්‍යතාවන් සපුරා තිබිය යුතු වේ.

හෝ

හෝ

  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් තුළ අභිලේඛන විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම

හෝ

  • ස්වයං අධ්‍යයන තුළින් හෝ ශ්‍රී ලංකාවේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර හඳුනා ගැනීමේ හැකියාව හා පැරණිම බ්‍රාහ්මි අභිලේඛන කියවා ගත හැකි වීම

පාඨමාලාවේ අරමුණ :

ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය : දෙවැනි කොටස මාර්ගගත (කෙටි කාලින) පාඨමාලාවෙන් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මී යුගයේ සිට (ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසින් පසු ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවස දක්වා) සෙල්ලිපි හා වෙනත් අභිලේඛන කියැවීමේ හැකියාව ලබා දීම
  • ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මී යුගයේ සිට (ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසින් පසු ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවස දක්වා) සෙල්ලිපි හා වෙනත් අභිලේඛන අවබෝධ කරගැනීමේ හැකියාව ලබා දීම
  • ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසින් පසු කාලයේ මෙරට භාවිත වූ විවිධ අභිලේඛන පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • මුල් කාලීනව භාවිත කරන ලද පූර්ව බ්‍රාහ්මී අභිලේඛන වර්තමානයේ භාවිත කරන සිංහල අකුරු දක්වා පරිණාමය වූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා කාලයට අයත් බ්‍රාහ්මී අභිලේඛන වටහා ගැනීම හා අර්ථකතනය කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දීම

අධ්‍යයන ඵල :

ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය : දෙවැනි කොටස කෙටි කාලීන (මාර්ගගත) පාඨමාලාව හදාරණ විද්‍යාර්ථිනට පාඨමාලා කාලය සාර්ථක ව අවසන් කිරීමෙන් පසු ව;

  • ශ්‍රී ලංකාවේ ඇති අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පැරණිම සිංහල අක්ෂරයන්ගෙන් සමන්විත සෙල්ලිපි හා වෙනත් අභිලේඛන කියවාගත හැකි වේ.
  • කිතු වසින් තෙවැනි සියවසින් පසු මෙරට ඇති සෙල්ලිපි හා වෙනත් අභිලේඛනයන්ගේ අර්ථ පැහැදිලි කරගත හැකි වේ.
  • ශ්‍රී ලංකාව තුළ බ්‍රාහ්මි අක්ෂර මාලාවේ සිදුවූ විකාශය පැහැදිලි කළ හැකි වේ.
  • ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පැරණි හා මැදිකාලීන ඉතිහාසය හැදෑරීම සඳහා සෙල්ලිපි හා අනෙකුත් අභිලේඛන මූලාශ්‍රය යොදාගත හැකි වේ.
  • සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා පරිණාමය පිළිබඳ අදහස පැහැදිලි කළ හැකි වේ.
  • ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන කලාව හා එහි භාවිතය පැහැදිලි කළ හැකි වේ.

පාඨමාලා අන්තර්ගතය :

නම අන්තර්ගතය දේශන කාලය (පැය) සම්පත් දායකයින්
1 පාඨමාලාව හඳුන්වා දීම
(පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය, සහභාගී වන්නන් හඳුනා ගැනීම)
2 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඩුල්ල
2 ක්‍රිස්තුපූර්ව 3 සි – ක්‍රිස්තු වර්ෂ 3 සියවස දක්වා ලිපි 2 චන්දිම අඹන්වල
3 ක්‍රිස්තුවර්ෂ 3-7 සියවස්වල ලිපි I 2 චන්දිම අඹන්වල
4 ක්‍රිස්තුවර්ෂ 3-7 සියවස්වල ලිපි II 2 චන්දිම අඹන්වල
5 වහරල ලිපි 2 ඩබ්ලියු. ඉශංඛ මල්සිරි
6 සීගිරි කුරුටු ගී 2 ඩබ්ලියු. ඉශංඛ මල්සිරි
7 අත්තාණි පරිහාර 2 ඩබ්ලියු. ඉශංඛ මල්සිරි
8 ක්‍රිස්තු වර්ෂ 8/9/10/11/12/13 සියවස්වල ලිපි 2 චන්දිම අඹන්වල
9 ක්‍රිස්තු වර්ෂ 8/9/10/11/12/13 සියවස්වල ලිපි 2 චන්දිම අඹන්වල
10 ක්‍රිස්තු වර්ෂ 8/9/10/11/12/13 සියවස්වල ලිපි 2 ඩබ්ලියු. ඉශංඛ මල්සිරි
11 සංඛ්‍යා භාවිතය හා කටපයාදි ක්‍රමය 2 කුසුම්සිරි කොඩිතුවක්කු
12 ක්‍රිස්තු වර්ෂ 14/15 සියවස්වල ලිපි 2 චන්දිම අඹන්වල
13 සිංහල භාෂාවේ ප්‍රභවය හා පෞරාණිකත්වය 2 ගිනිකටුවැවේ විපුල හිමි
14 ශ්‍රී ලංකාවේ පුස්කොල ලේඛන කලාව 2 දීපාංජනී ඇල්ලෙපොල
15 විශේෂ දේශනය : 2
16 පොදු සාකච්ඡාව
(දේශන මාලාවේ දී ඉදිරිපත් කළ මාතෘකා හා අදාළ පොදු සාකච්ඡාවකි. විද්‍යාර්ථින්ගේ හා සම්පත් දායකයින්ගේ අදහස් සඳහා ද මෙම සැසියේ දි අවස්ථාව ලැබේ.)
2 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඩුල්ල
32

දේශන පැවැත්වෙන ආකාරය :

මාර්ගගත දේශන කාලය පැය 32කි.

මෙම ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා MS Teams මෘදුකාංගය භාවිතා කරනු ඇත. මෙම දේශන අඟහරුවදා හා සිකුරාදා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක.මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

ප්‍රායෝගික :

සහභාගි වන විද්‍යාර්ථින්ගේ කැමැත්ත අනුව ක්‍ෂේත්‍ර සංචාර සිදුකළ හැකි වේ. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවේ.)

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න. දේශකයාගේ අවධානය සිසුන් වෙනුවෙන් වැඩිපුර යෙදවීමට සිදු වන බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2024 ජනවාරි 04 දින සිට 2024 ජනවාරි වැනිදා 24 දක්වා වේ. 2024 ජනවාරි 26 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2024 ජනවාරි 26 වන දින පාඨමාලාව ආරම්භ වේ.

අයදුම්පත

සහතික පත්‍රයේ සඳහන් විය යුතු ආකාරයට සම්පුර්ණ නම.
සහතික පත්‍රය මේ ලිපිනයට එවනු ඇත.

ශිෂ්‍ය ඇඟයීම :

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).

පාඨමාලා කළමනාකරණය / සම්බන්ධිකරණය :

ඉංජිනේරු අනුරාධ පියදාස
ඉංජිනේරු අනුරාධ පියදාසපාඨමාලා කළමනාකරණය
සිතානි ජයතිස්ස
සිතානි ජයතිස්සපාඨමාලා සම්බන්ධිකරණය
වැඩි විස්තර සඳහා අමතන්න. +94 70 789 9 789