වැදගත් කරුණු

හැඳින්වීම :

පුරාවිද්‍යා විෂය වනාහි වර්තමානය වන විට ශීඝ්‍ර ජනප්‍රියතාවක් අත්කරගෙන ඇත්තා වූත්, මහජන ආකර්ශනයට පත් වන්නා වූත් විෂයකි. මේ සඳහා සමාජ මාධ්‍යය හා විවිධ ජනමාධ්‍යය තුළින් ලැබී ඇති දායකත්වය ද හේතු වී ඇත. එකී ජනප්‍රියතාවට තදානූරූපීව ශ්‍රී ලාංකේය ඉතිහාසය හා පුරාවිද්‍යාව වැනි විෂය පරාසයන් තුළින් පසුගිය කාලයේ දී නිර්මාණය කර ඇති දැනුම සම්බන්ධ ව්‍යාජ හා මිත්‍යාසහගත නොමැති නම් සාධක සමඟ තදානුරූපී නොවන විප්‍රකාර ද සමාජගතවන බව දැකගත හැකි වේ. ඊට සමාන්තරව, මෙරට පැරණිම අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ විවිධ අශාස්ත්‍රීය පුද්ගලයින් හා සංවිධාන විසින් ලබා දී ඇති ව්‍යාජ මුහුණුවරයන් ද දැකගත හැකි වේ.

අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ සමාජයේ බහුතර පුරවැසින්ගේ අවම දැනුවත් බව හේතුවෙන් පුරාකෘති හා අභිලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිනෙන් දින සමාජයට අහිමි වීම ද මෙම නොදැනුවත් බවේ තවත් ඛේදනීය පැතිකඩකි. අභිලේඛන හා අභිලේඛනයන්ගේ අන්තර්ගතයන් පිළිබඳ ලබා දී ඇති ව්‍යාජ අර්ථකථන හා වරදවා වටහා ගැනීමේ හේතුවෙන් මෙරට ඉතිහාසය මෙන් ම පැරණි සමාජය පිළිබඳ ලබාදෙන අර්ථදැක්වීම් ද තදබල ආකාරයෙන් විකෘති වීම ද තවත් සැලකිය යුතු ඛේදවාචකයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පීඨ හා මානවශාස්ත්‍ර පීඨයන් හි විද්‍යාර්ථිනට හා පිරිවෙන් විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරා අක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ සිංහල බස වහරනු ලබන පුරවැසියනට අවබෝධයක් ලබා දීමේ පොදු අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. මාර්ගගත ආකාරයෙන් පැවැත්වෙන මෙම කෙටිකාලීන පාඨමාලාව පහත දැක්වෙන විවිධ කණ්ඩායම් නියෝජනය කරන සාමාජිකයින් වෙත විධිමත් දැනුමක්, අවබෝධයක් හා විෂය පිළිබඳ පරිචයක් ලබා දීම ඉලක්ක කර ඇත.

පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

මෙම පාඨමාලාව කා සඳහා ද?

  • බාහිර උපාධි පාඨමාලා සඳහා අභිලේඛන විද්‍යාව හා පුරා අක්‍ෂර විද්‍යාව, පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • පශ්චාත් උපාධි අපේක්‍ෂකයින් විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හා ඉතිහාසය පාඨමාලා හැදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්
  • ශ්‍රී ලංකාවේ සංචාරක මඟපෙන්වන්නන්, ඉතිහාස විෂය උගන්වනු ලබන පාසල් ගුරුවරුන්
  • විනෝදාංශයක් වශයෙන් හෝ සංචාරක අරමුණින් පුරාවිද්‍යා සොයාබැලීම් කටයුතුවල නියැලෙන පුරවැසියන්
  • ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ විධිමත් හා නිවැරදි කරුණු පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීම සඳහා උනන්දු පුරවැසියන්
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ නිවැරදි විෂය දැනුමක් ලබා ගැනීමට උනන්දු දිවයිනෙන් බැහැරව සිටින අයවළුන්

සම්පත් දායකයින් කවුද?

ඉන්දිය අර්ධද්වීපක කලාපයේ විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ භාවිත ප්‍රමුඛ අක්‍ෂර පද්ධතියක් වූ බ්‍රාහ්මී අක්‍ෂර මාලාව හා පැරණිම බ්‍රාහ්මී ලේඛන පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් හා පරිචයක් ලබා දීම අරමුණු කරමින් මාර්ගගත ආකාරයන් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. වසර දශකයකට වැඩි කාලයක් තුළ මාර්ගගත ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්‍රමුඛ ආයතනය වන archaeology.lk/Institute of Archaeology and Heritage Studies (IAHS) ආයතනය විසින් මෙම පාඨමාලාව සම්බන්ධිකරණය කොට ඉදිරිපත් කරනු ලැබේ. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය මේ වන විට පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත දැනුම මාර්ගගත ආකාරයෙන් බෙදාහරින දිවයිනේ ප්‍රමුඛ ආයතනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ පුරා අක්‍ෂර හා අභිලේඛන විද්‍යාව පිළිබඳ ඉගැන්වීම පිළිබඳ පරිචයක් සහිත ඒ විෂය පරාසය පිළිබඳ පර්යේෂණාත්මක නැඹුරුවක් සහිත ශාස්ත්‍රාලීය විද්වතුන් විසින් මෙම ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාවේ සම්පත් දායකත්වය දරනු ලැබේ. මෙම සම්පත් දායකයින් වසර ගණනාවත් තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රම මෙන් ම ජනමාධ්‍යය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට විධිමත් පුරාවිද්‍යා දැනුම සාමාජගත කිරීමේ කාර්යයේ දී ප්‍රමුඛ කාරයභාරයක් සිදුකළ විද්වතුන් වීම ද විශේෂත්වයකි.

නම තනතුර
1  චන්දිම බණ්ඩාර අඹන්වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ
2 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලය, හෝමාගම

පූර්ව සුදුසුකම් :

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් / සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. මාර්ගගත පාඨමාලා ව සමඟ සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ අභිලේඛන/සෙල්ලිපි පිළිබඳ උනන්දු හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් පැවතීම මෙම විෂය මැනවින් ග්‍රහණය කරගැනීම සඳහා හේතු වනු ඇත.

පාඨමාලාවේ අරමුණ :

මාර්ගගත (කෙටි කාලින) මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීම මඟින් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ශ්‍රී ලංකාවේ අභිලේඛන අධ්‍යයනයන්ගේ ආරම්භය හා විකාශය පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ඉන්දීය උප මහාද්වීපික කලාපයේ භාවිත පැරණිම බ්‍රාහ්මි අක්ෂර මාලාව පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ඉන්දීය උප මහාද්වීපික කලාපයේ හා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද බ්‍රාහ්මි අක්ෂර මාලාව පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ඉන්දීය උප මහාද්වීපික කලාපයේ හා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද බ්‍රාහ්මි අක්ෂර මාලාව පිළිබඳ පරිචයක් ලබා දීම
  • ශ්‍රී ලංකාවේ ආරම්භ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා කාලසීමාවට අයත් බ්‍රාහ්මී අභිලේඛන කියවීම පිළිබඳ පුහුණුවක් ලබා දීම
  • ශ්‍රී ලංකාවේ ආරම්භ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා කාලසීමාවට අයත් බ්‍රාහ්මී අභිලේඛන වටහා ගැනීම හා අර්ථකතනය කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දීම

අධ්‍යයන ඵල :

මෙම කෙටි කාලීන (මාර්ගගත) පාඨමාලාව හදාරණ විද්‍යාර්ථිනට අදාළ පාඨමාලා කාලය සාර්ථක ව අවසන් කිරීමෙන් පසු ව;

  • ශ්‍රී ලංකාවේ අභිලේඛන අධ්‍යයනයන්ගේ ආරම්භය, විකාශය හා මෙරට අභිලේනඥයින් පිළිබඳ විස්තර කළ හැකි වේ
  • බ්‍රාහ්මි අක්ෂර මාලාවේ ප්‍රභවය හා විකාශය පැහැදිලි කළ හැකි වේ.
  • බ්‍රාහ්මි අක්‍ෂර හඳුනා ගැනීම, කියවීම හා එම අක්‍ෂර භාවිතයෙන් වාක්‍ය ගොඩනැඟිය හැකි වේ.
  • මෞර්ය අසෝක අධිරාජ්‍යයා විසින් ලියවන ලද සෙල් ලිපි කියවීමේ හැකියාව ලැබේ
  • ශ්‍රී ලංකාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන (ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා) කියවීමේ හැකියාව ලැබේ
  • ශ්‍රී ලංකාවේ පැරණිම බ්‍රාහ්මී අභිලේඛන වටහා ගැනීමේ හැකියාව හා ඒවා අර්ථකථනය කිරීමේ හැකියාව ලැබේ

පාඨමාලා අන්තර්ගතය :

අන්තර්ගතය දේශන කාලය (පැය) සම්පත් දායකයින්
1 ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව හඳුන්වා දීම (පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය) 2 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල
2  පුරාඅක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව 2 චන්දිම අඹන්වල
3 ඉතිහාස මූලාශ්‍රයක් වශයෙන් අභිලේඛන හැදැරීමේ වැදගත්කම 2 ඉශංඛ මල්සිරි
4 ශ්‍රී ලංකාවේ අභිලේඛන හැදෑරීමේ අතීතය 2 චන්දිම අඹන්වල
5 බ්‍රාහ්මි අක්ෂර මාලාවේ ප්‍රභවය හා විකාශය 2 ඉශංඛ මල්සිරි
6 බ්‍රාහ්මි අක්ෂර මාලාව : බ්‍රාහ්මි හෝඩිය 2 චන්දිම අඹන්වල
7 බ්‍රාහ්මි අක්ෂර මාලාව : පිළි භාවිතය 2 චන්දිම අඹන්වල
8  බ්‍රාහ්මි අක්ෂර මාලාව : චවන තැනීම 2 චන්දිම අඹන්වල
9 ඉන්දියාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන – I 2 චන්දිම අඹන්වල
10 ඉන්දියාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන – II 2 චන්දිම අඹන්වල
11 ශ්‍රී ලංකාවේ පැරණිම බ්‍රාහ්මි ලේඛන (ක්‍රි.පූ. 3 සි. – 1 සි. දක්වා) 2 චන්දිම අඹන්වල
12  ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මි ලේඛන (ක්‍රි.ව. 1 සි. – 3 සි. දක්වා ලිපි) – I 2 චන්දිම අඹන්වල
13 ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මි ලේඛන (ක්‍රි.ව. 1 සි. – 3 සි. දක්වා ලිපි) – II 2 චන්දිම අඹන්වල
14 විශේෂ දේශනය 2 චන්දිම අඹන්වල
15 පොදු සාකච්ඡාව (දේශන මාලාවේ දී ඉදිරිපත් කළ මාතෘකා හා අදාළ පොදු සාකච්ඡාවකි. විද්‍යාර්ථින්ගේ හා සම්පත් දායකයින්ගේ අදහස් සඳහා ද මෙම සැසියේ දි අවස්ථාව ලැබේ.) 2 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල
සම්පුණ දේශන කාලය 30

දේශන පැවැත්වෙන ආකාරය :

පාඨමාලාවේ සියලුම දේශන මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර සමස්ත දේශන කාලය පැය 30කි. දේශන සෑම සතියක අඟහරුවදා හා සිකුරාදා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. ඔබට සජීවීව දේශන වලට සම්බන්ධ නොහැකි වේ නම් පටිගත කරන ලද සියලු දේශන අප ආයතනයේ Learning Management System (LMS) එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. පසුව නරඹන එම දේශන පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක.මෙම පටිගත කළ දේශන අප ආයතනයේ ප්‍රතිපත්ති වලට අනුකූලව හා දේශකවරුන්ගේ ඉල්ලීම මත කරගැනීමට අවසර නොදෙන නමුත් පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

ප්‍රායෝගික පුහුණුව:

සහභාගි වන විද්‍යාර්ථින්ගේ කැමැත්ත අනුව ක්‍ෂේත්‍ර සංචාර සිදුකළ හැකි වේ. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවේ.)

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න. දේශකයාගේ අවධානය සිසුන් වෙනුවෙන් වැඩිපුර යෙදවීමට සිදු වන බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000/= ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2024 අප්‍රේල් මස 26 දින සිට 2024 මැයි මස 12 වැනිදා දක්වා වේ. 2024 මැයි මස 13 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ මීට පෙර පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2024 මැයි මස 14 වන දින පාඨමාලාව ආරම්භ වේ.

අයදුම්පත

ශිෂ්‍ය ඇඟයීම :

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).

පාඨමාලා කළමනාකරණය / සම්බන්ධිකරණය :

ඉංජිනේරු අනුරාධ පියදාස
ඉංජිනේරු අනුරාධ පියදාසපාඨමාලා කළමනාකරණය
Your Content Goes Here
සිතානි ජයතිස්ස
සිතානි ජයතිස්සපාඨමාලා සම්බන්ධිකරණය
වැඩි විස්තර සඳහා අමතන්න. +94 70 789 9 789 (Whatsapp)