ජාතික උරුමයේ අයිතිය මෙන්ම වගකීමක් සැමටයි…

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව

ජාතික උරුමය වනාහි ජාතියේ හෘදසාක්ෂියයි. හෘදසාක්ෂිය පිළිබඳ වගවීම සැමගේ යුතුකමකි, වගකීමකි. එබැවින් ම මෙම ජාතික උරුමය පිළිබඳ කථිකාව ශික්ෂිත සමාජයේ සියලු පාර්ශවවල අනුලංඝනීය වුවමනාවක් විය යුතු බව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයනයේ අදහසයි, අපේක්ෂාවයි.

එබැවින් වත්මන් ලක්දිව උද්ගත වී ඇති උරුම කථිකාව සමඟ ඓන්ද්‍රීය සහසම්බන්ධය ශ්‍රී ලාංකික ජාතියේ සැමගේ යුතුකමක් වශයෙන් සලකා ඊට අදාළ වේදිකාවක් සැපයීම සඳහා ජාතික උරුමය පිළිබඳ සංවාදාත්මක කථිකාව දියත් වේ.මෙරට ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරික් සය දෙනෙකුගේ අදහස් ඔස්සේ මෙරට උරුම කථිකාව පෝෂණය කිරීමේ සුබවාදි බලාපොරොත්තුවෙන් මහාචාර්ය ජගත් වීරසිංහ, අරුන් සිද්ධාර් ථන්, මතුගම සෙනෙවිරුවන්, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුෆිසල් අබුබකර් හා ආචාර්ය ගාමිණි විජේසූරියගේ අදහස් සඳහා මෙම සංවාදාත්මක කථිකා දියත් වේ.

මෙම වැඩසටහන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක වරුන් වන අනුරාධ පියදාස හා චන්දිිම අඹන්වල විසින් ‌මෙහෙයවනු ලබයි.

මෙම දේශන මාලාව 2023 ජුලි 07 සිට 2023 ජුලි 25 දක්වා සෑම අගහරුවාදා හා සිකුරාදා ම රාත්‍රී 08.00 සිට 10.00 දක්වා පැවැත් වේ.

දේශන පෙල ගැස්ම

දේශක දිනය හා වේලාව දේශනයට සවන් දීමට පිවිසෙන්න
ජගත් විරසිංහ 2023 ජුලි 07

රාත්‍රී 08.00 සිට 10.00 දක්වා

YouTube

https://youtube.com/live/z6YZeBLbuc0

අරුන් සිද්ධාර්ථථන් 2023 ජුලි 11 YouTube

https://youtube.com/live/6ZNFPLjOjUE

මතුගම සෙනෙවිරුවන් 2023 ජුලි 14 YouTube

https://youtube.com/live/gi9RBRvsYEs

නිර්මාල් දේවසිරි 2023 ජුලි 18 YouTube

https://youtube.com/live/SCBN06KOigw

මුෆිසාල් අබූබුකර් 2023 ජුලි 21
ගාමිණි වි‌ජේසුරිය 2023 ජුලි 25