ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව - හැඳින්වීම

පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව අප ආයතනය ක්‍රියාත්මක කරයි.

පුරාවිද්‍යාව වනාහි මහජනයාගේ ආකර්ශයක් ලබාගැනීමට සමත් වූ විෂයකි. තදාසන්න පසුගිය කාලය තුළ ශක්තිමත් න්‍යායාත්මක පදනමක් ගොඩනඟා ගනිමින්, විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා ඉමහත් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ මානව අතීතය පිළිබඳ සොයා බලන විෂය ක්‍ෂේත්‍රයකි. ජාත්‍යන්තර වශයෙන් සැලකුව ද ආකර්ෂණීය විෂයක් වන පුරාවිද්‍යාව අන්තර් හා බහු ආකාරයෙන් විෂයයන් ගණනාවක් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් මෙන් ම, මානව රුචිකත්වය සමඟ ඇති අත්‍යාසන්න සබඳතාව හේතුවෙන් නිරන්තර මහජන අවධානයට ද පත් වන්නා වූ විෂයයකි.

ඒ නමුත්, දේශීය තත්ත්වය අනුව, මෙම ආකර්ෂණීය විෂය උගැන්වීම හා ඉගෙනීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයනට පමණක් සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත.

මෙ වැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, ඒ මෙන් ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත (online) පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් පැය 30ක දේශන කාලයක දී මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. සතියේ දින දෙකක දී රාත්‍රී කාලයේ පැය 2 බැගින් වූ දේශන සැසි 15කින් මෙම පාඨමාලාව සමන්විත වන අතර අදාළ විෂයක්‍ෂේත්‍ර පිළිබඳ දිගු කාලීන අත් දැකීම් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්යවරු, ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරු ඇතුළු ව පුරාවිද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.

Table of Contents

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව පිළිබඳ හැඳින්වීමේ වීඩියෝව

වැදගත් කරුණු

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව

අයැදුම් පත

[wpforms id=”3183″]

මෙම පාඨමාලාව කවුරුන් සඳහා ද?

මාර්ගගත ආකාරයෙන් සතියකට දින දෙක බැගින් වූ සති 8ක කාලයක් පුරා පවත්වනු ලබන මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීමේ දී විශේෂයෙන් පහත දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් අරමුණු කර ඇත.

  • බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සමගාමි වෙනත් ආයතනයන්ගේ සේවය කරනු ලබන,
  • පුරාවිද්‍යා උපාධිධාරින් නොවන කාර්ය මණ්ඩල සාමාජිකයින්
  • පාසල් තුළ ඉතිහාසය විෂය උගන්වනු ලබන ගුරුභවතුන්
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය ඉගෙන ගන්නා සිසුන්
  • විශ්වවිද්‍යාලයන්හි දී පුරාවිද්‍යාව හැදෑරීම සඳහා අපේක්‍ෂිත විද්‍යාර්ථින්
  • විශ්වවිද්‍යාලීය මට්ටමෙන් පුරාවිද්‍යා උපාධිය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින්
  • පුරාවිද්‍යාව හැදෑරීමට අපේක්‍ෂිත විද්‍යාර්ථීන්
  • පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු, එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම පුරවැසියන්
  • විදේශ රට වල සිටිනා පුරාවිද්‍යා විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම ශ්‍රී ලංකිකයන්

පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම්

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්‍ෂා කරනු නොලැබේ. සිංහල බස අසා අවබෝධ කර ගැනීමේ හැකියාව ප්‍රමාණවත් වේ.

පාඨමාලාවේ සම්පත් දායකයින්

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ විධිමත් අවබෝධයක් සහිත හා ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයෙන් යුතු ශාස්ත්‍රාලීය පසුබිමක් සහිත අයවලුන් පමණක් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලබයි. මෙරට පිළිගත් විශ්වවිද්‍යාලීය මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආදි පුරාවිද්‍යා විද්වතුන් මෙන් ම පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ ක්‍ෂේත්‍රයන් හී දීර්ඝ කාලීන අද්දැකීම් සහිත විද්වතුන් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලැබේ.

පාඨමාලාවේ අරමුණු

මෙම මාර්ගගත (කෙටි කාලීන) ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව තුළින් පහත දැක්වෙන අරමුණු ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරනු ලැබේ.

  • පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් පවතින අර්ථකතන පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • පුරාවිද්‍යාව ක්‍රමවත් ව වර්ධනය වූ ආකාරය හඳුන්වා දීම
  • මානව අතීතය හදාරණ ලබන විෂය ධාරාවක් වශයෙන් පුරාවිද්‍යාව හා එම විෂයේ ස්වභාවය හඳුන්වා දීම
  • පුරාවිද්‍යා මූලාශ්‍රය හා පුරාවිද්‍යාවේ දී යොදාගන්නා ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • මිනිසාගේ අතීතය අධ්‍යයනය කරන විෂයයක් වශයෙන් පුරාවිද්‍යාවේ විශේෂතා හා එහි පවතින සීමා හඳුන්වා දීම
  • පුරාවිද්‍යාව හා සම්බන්ධ තෝරාගත් අනුවිෂය පරාසයන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම
  • සමාජීය මතවාද ක්‍ෂේත්‍රයේ හා ආර්ථික උත්පාදන ක්‍රියාවලියේ දායකයෙක් වශයෙන් පුරාවිද්‍යාවේ පවතින ශක්‍යතාවන් හඳුන්වා දීම

ඉගෙනුම් ඵල

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව සාර්ථක ව සම්පූර්ණ කරන විද්‍යාර්ථිනට පහත දැක්වෙන ඉගෙනුම් ඵල කරා ලඟා විය හැකි වේ.

  • පුරාවිද්‍යාව හා පුරාවිද්‍යා විෂයේ ස්වභාවය පැහැදිලි කළ හැකි වේ
  • පුරාවිද්‍යා විෂයේ ආරම්භය හා එහි විකාශනය පැහැදිලි කළ හැකි වේ
  • පුරාවිද්‍යාව හා සම්බන්ධ මූලික සංකල්ප පැහැදිලි කළ හැකි වේ
  • පුරාවිද්‍යාවේ දී යොදාගන්නා ක්‍රමවේදය පැහැදිලි කළ හැකි වේ
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා පුරාවිද්‍යා නීතිය පැහැදිලි කළ හැකි වේ
  • පුරාවිද්‍යා ස්ථාන විධිමත් ව හඳුනා ගත හැකි වේ
  • අංකිත තාක්‍ෂණය පුරාවිද්‍යාව සමඟ සම්බන්ධ වන ආකාරය පැහැදිලි කළ හැකි වේ
  • පුරාවිද්‍යා අධ්‍යයන හා දැනුම බෙදා දීම සඳහා නූතන විවෘත මූල තාක්‍ෂණය යොදාගත හැකි වේ
  • ආර්ථික උත්පාදන ක්‍රියාවලිය තුළ පුරාවිද්‍යාවේ දායකත්වය පැහැදිලි කළ හැකි වේ
  • පුරාවිද්‍යා දැනුම තුළින් ගොඩනැඟෙන සමාජ කථිකාව හා සම්බන්ධ විය හැකි වේ

පාඨමාලා ඉදිරිපත් කිරීම හා කළමනාකරණය

දස වසරකට වැඩි කාලයක් තිස්සේ මෙරට පුරාවිද්‍යා දැනුම ක්‍රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්ව ව්‍යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies – IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේ දී මෙම ශීර්ෂය යටතේ ම මෙම පාඨමාලාව පළමු වැනි වරට මාර්ගගත ආකාරයෙන් අති සාර්ථකව ඉදිරිපත් කළ අතර කාලානූරුපීව වැඩි වර්ධනය කරන පද විෂය මාලාවකට අනුව, මෙම පාඨමාලාව මෙවර ඉදිරිපත් කරනු ලැබේ.

පුරාවිද්‍යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළුමහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්‍යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ සද් අරමුණින් කටයුතු කළ, ඒ පිළිබඳ පුරෝගාමි ආයතනය වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනතේ 34 වන වගන්තිය සමඟ කියවිය යුතු 5 වන වගන්තිය යටතේ ලියාපදිංචි කළ (GA 00219285), ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්‍යාර්ථින් 450 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා කළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ලාභයක් වේ නම් එය නැවත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා ම කැප කරනු ලබයි.

අප ආයතනය පිළිබඳ කෙටි වීඩියෝවක්...

2021 වර්ෂයේ ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව හැදැරු සිසුන් කිහිප දෙනෙකු ගේ අදහස්

අධ්‍යයන කාලය: දේශන හා ප්‍රායෝගික

දේශන මාර්ගගත (Online) දේශන කාලය පැය 30කි (සඳුදා හා බ්‍රහස්පතින්දා රාත්‍රි 08.00-10.00 කාලයේ දි Microsoft Teams යෙදවුම ඔස්සේ දේශන පැවැත් වේ. පාඨමාලා කාලය මාස 2කි. ඊට අදාළ මෘදුකාංග හා ඒවාට පිවිසීමේ පහසුකම් ආයතනය විසින් නොමිලේ ලබාදෙනු ලැබේ. රට තුළ වර්තමානයේ ඇතිවන තත්ත්ව අනුව මෙම සැලසුම් සුළු වශයෙන් වෙනස්විය හැකි වේ.)
ප්‍රායෝගික සහභාගි වන විද්‍යාර්ථින්ගේ රුචිකත්වය මත අනුරාධපුර / පොළොන්නරු ඓතිහාසික ප්‍රදේශ අළලා ක්‍ෂේත්‍ර සංචාරය. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවන බව කාරුණිකව සලකන්න.)

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාවේ අන්තර්ගතය

අංකය මාතෘකාව කාලය පැය දේශකවරයා
1 හැඳින්වීම : පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය,  පාඨමාලාවේ අරමුණු අධ්‍යයන ඵල, අන්තර්ගතය හා ව්‍යුහය ඇතුළු පාඨමාලාව සම්බන්ධ විස්තර හඳුන්වා දීම, සහභාගීවන්නන් හඳුනා ගැනීම 1 සම්පත් දායකයින් හා IAHS නිළධාරින්
2 පුරාවිද්‍යාව හඳුනා ගනිමු : අර්ථ දැක්වීම්, විෂය ස්වභාවය, මූලාශ්‍රය, අධ්‍යයන ක්‍රියාවලිය, ඉතිහාසය හා පුරාවිද්‍යාව, පුරාවිද්‍යාව හා අනෙකුත් සමගාමි විෂයයන් අතර ඇති සම්බන්ධතාව, සම්භාව්‍ය හා නව පුරාවිද්‍යාව, න්‍යායාත්මක පුරාවිද්‍යාව, ප්‍රායෝගික පුරාවිද්‍යාව ඇතුළු තවත් උප මාතෘකා 2 චන්දිම අඹන්වල
3 ලෝක පූරාවිද්‍යාවේ ආරම්භය හා විකාශය : ගෝලීය වශයෙන් පුරාවිද්‍යා විෂය ආරම්භ වීමේ පසුබිම, පුරාවිද්‍යා විෂයේ බිහිවීම හා විකාශය, ලෝක පුරාවිද්‍යාවේ වැදගත් පුද්ගලයින්, වර්තමාන ප්‍රවනතා හා ස්වභාවය  2 ආචාර්ය ඉශංඛ මල්සිරි
4 මිනිස් අතීතයේ යුග බෙදීම : දීර්ඝ මානව අතීතය අධ්‍යයනය කිරීම සඳහා සිදුකර ඇති විවිධ යුග බෙදීම් හෙවත් කාල පරිච්ඡේදකරණ 2 නදීර හර්ෂජිත් දිසානායක
5 ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නෛතික තත්ත්වය : ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සඳහා ඍජුව මැදිහත් වන ආයතන හා පුරාකෘති සම්බන්ධ ව ක්‍රියාකිරීමේ දී පවතින නිතිමය පසුබිම 2 මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල
6 පුරාවිද්‍යා ගවේෂණය : පුරාවිද්‍යා ගවේෂණය අර්ථ දැක්වීම, ගවේෂණයේ අරමුණු, විවිධ ගවේෂණ ක්‍රම, එක් එක් ගවේෂණ ක්‍රමයන් හි ලක්‍ෂණ හා සීමා, ගවේෂණයේ දත්ත වාර්තා කිරීම 2 ආචාර්ය ඉශංඛ මල්සිරි
7 පුරාවිද්‍යා කැනීම : පුරාවිද්‍යා කැනීම අර්ථ දැක්වීම, පුරාවිද්‍යා කැනීමේ අතීතය, විවිධ කැනීම් වර්ග, කැනීමේ අරමුණු, කැනීම් සඳහා සූදානම, පස් ඉවත් කිරීමේ විධික්‍රම, දත්ත වාර්තා කිරීම  2 චන්දිම අඹන්වල
8 පුරාවිද්‍යා කාලනීර්ණය : පුරාවිද්‍යා කාලනීර්ණය අර්ථදැක්වීම, කාලනීර්ණයේ අවශ්‍යතාව, කාලනීර්ණ ක්‍රම : සාපේක්ෂ හා නිරපේක්ෂ, කාලනීර්ණ සඳහා නියැදි ලබාගැනීම 2 නදීර හර්ෂජිත් දිසානායක
9 පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර, ස්වභාවය හා හඳුනා ගැනීම : විවිධ වර්ගයේ පුරාකෘති, පුරාකෘති විසිරී පවතින ස්ථාන හා ස්වභාව, පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර හඳුනා ගැනීම 2 නදීර හර්ෂජිත් දිසානායක
10 පුරාවිද්‍යා ඡායාරූපකරණය : දත්ත වාර්තාකරණ හා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් ඡායාරූප ශිල්පය හා එහි ශිල්පීය ක්‍රමවේද 2 ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර
11 දියයට පුරාවිද්‍යාව : ජලාශ්‍රිත හා ජලය යට පුරාවිද්‍යාව හඳුන්වා දීම, දියයට පුරාවිද්‍යාවේ මූලිකාංග, ක්‍රමවේද, උපකරණ හා මෙවළම්, හැකියාවන් හා සීමාකම්, ශ්‍රී ලංකාවේ දියයට පුරාවිද්‍යා කටයුතු වල නියැලෙන ආයතන හා ක්‍රියාකාරකම් 2 රසික මුතුකුමාරණ
12 පුරාවිද්‍යාව හා අංකිත තාක්‍ෂණය : පුරාවිද්‍යා කටයුතු (දත්ත හඳුනාගැනීම, වාර්තාකරණය, විශ්ලේෂණ හා ඉදිරිපත් කිරීම) සඳහා නොමිලේ ලබාගත හැකි මෘදුකාංග, මෙවළම් හා උපකරණ, පුරාවිද්‍යා කටයුතු සඳහා ඒවා යොදාගැනීම 2 අනුරාධ පියදාස
13 වාස්තුවිද්‍යා සංරක්‍ෂණය : පෞරාණික වාස්තු නිර්මාණ සංරක්‍ෂණය පිළිබඳ අර්ථදැක්වීම්, වාස්තු සංරක්‍ෂණ ක්‍රියාවලියේ ආරම්භය හා විකාශය, වාස්තු නිර්මාණයන් හා සම්බන්ධ උරුම අගයන්, මැදිහත්වීම් මට්ටම්, සංරක්‍ෂණ ක්‍රියාවලිය, වාස්තු සංරක්‍ෂණය පිළිබඳ නූතන කථිකාව 2 වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බී. රත්නායක
14 සංස්කෘතික සංචරණය : සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංචරණය, සංස්කෘතික සංචරණයේ වර්තමාන තත්ත්වය හා ස්වභාවය, සංස්කෘතික සංචරණයේ මූලිකාංග, සංස්කෘතික සංචරණය හා සම්බන්ධ ආර්ථික උත්පාදන අවස්ථා 2 ආචාර්ය චන්දිම බෝගහවත්ත
15 පුරාවිද්‍යාව, නව ප්‍රවණතා හා සමාජය :  පුරාවිද්‍යාව සඳහා සමාජ සංවේදිතාව, අධි අර්ථකතන, ව්‍යාජ හා මිත්‍යා අර්ථකථන, පුරාවිද්‍යාවේ සමාජ භාවිතය හා බලපෑම, පුරාවිද්‍යාව හා දේශපාලනය, පුරාවිද්‍යාව හා සමාජ ගතිකතාව, ගෝලීය ප්‍රවනතා 2 ආචාර්ය විජේරත්න බෝහිංගමුව
16 පොදු සාකච්ඡාව : දේශන පිළිබඳ පොදු සාකච්ඡාව, අදහස් හා යෝජනා, පාඨමාලාව අවසන් කිරීම 1 සම්පත් දායකයින් හා IAHS නිළධාරින්

දේශන පැවැත් වෙන ආකාර

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව මාර්ග ගත ක්‍රමයට පැවැත්වේ.  මේ සඳහා Microsoft Teams මෘදුකාංගය භාවිතා කරනු ඇත.  සාමාන්‍යයෙන් මෙම දේශන සඳුදා හා බ්‍රහස්පතින්දා රාත්‍රි 8 සිට 10 දක්වා  පැවැත්වේ.  මේ දිනවල පවතින විදුලි කප්පාදුව අනුව මෙම දේශන පැවැත්වෙන වේලාව වෙනස් විය හැක.  මෙහි දී දේශකයාට විදුලිය ඇති අවස්ථාවක දේශන ත් වනු ඇත.  ඒ පිළිබඳ ව අඩු ම වශයෙන් එක් දිනකට පෙර ඔබ ව දැනුවත් කරනු ඇත. සෑම දේශනයක් ම පටි ගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් කරුණාකර අප හට යොමු කරන්න. අප එම දේශනය පැවැත්වූ දේශකයාගෙන් එම ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාගෙන ඔබ වෙත දැනුම් දෙනු ඇත.

මෙම පටි ගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

සටහන – රටේ පවතින වාතාවරණය අනුව මෙම දේශන පැවැත් වෙන දින වල වෙනසක් ඇති විය හැක. සෑම විටම එවැනි වෙනස් විම් කල් ඇතුව ඔබට දැනුම් දීම ට අප උත්සහ කරමු.

අප ආයතනයේ ලියාපදිංචි වන සිසුන්ට ලැබෙනා අමතර වාසි

අප ආයතනයේ ලියාපදිංචි වන සියලු ම සිසුන් සඳහා අප ආයතනය මගින් ඊමේල් ලිපිනයක් ලබා දෙනු ඇත. මෙම ඊමේල් ලිපිනය භාවිතා කර Microsoft Team මෘදුකාංගය හරහා අපගේ දේශන වලට සම්බන්ධ විය හැක.

මෙයට අමතරව Micorsoft Word, Microsoft Excel හා Microsoft PowerPoint යන මෘදුකාංග වල වෙබ් භාවිතයන් සඳහා බලපත්‍රයක් ලෙස නිම ඊමේල් ලිපිනය භාවිතා කළ හැක.

මෙම ලියාපදිංචිය හරහා ඔබට අපගේ ඉගනුම් කළමනාකරණ පද්ධතියට(Learning Management System) සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලැබෙන අතර එමගින් පාඩම් වල පටි ගත කළ වීඩියෝ, පාඩම් වලට අදාළ ඉදිරිපත් කිරීම්, හා අමතර සටහන් ඔබ හට ලබාගත හැකි වනු ඇත. තවද මේ හරහා ඔබට ඇති ගැට‍ළු ද ඉදිරිපත් කළ හැක.

පාඨමාලා ගාස්තුව හා අයැදුම් කිරීම

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 10,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2022 නොවැම්බර් මස 03 වන දින සිට 2022 නොවැම්බර් මස 24 වැනිදා දක්වා වේ. 2022 නොවැම්බර් මස 27 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතු ය.

ශිෂ්‍ය ඇගයීම

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දි දේශන සඳහා ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වනු ඇත.

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලා කළමනාකරණය

ඉංජිනේරු අනුරාධ පියදාස, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.

0777428282 / 0707428282

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලා සම්බන්ධීකරණය

ජනීනා නෝනිස්, පර්යේෂණ සහකාර, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.

janeena@iahs.lk

සිතානි ජයතිස්ස, පර්යේෂණ සහකාර, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර.

070 789 9 789 / sithani@iahs.lk

තෝරාගත් ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • ඇඩ්කින්ස්, ලෙස්ලි හා රෝයි ඇඩ්කින්ස් (1999), පුරාවිද්‍යා විධිනියම, පරිවර්තනය විජය දිසානායක, අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ.
  • කුරුගල, උදිත එස්. (2003), පුරාවිද්‍යාවේ ඈතකාලීන ඉතිහාසයක්, සමන් ප්‍රකාශකයෝ, නුගේගොඩ.
  • ගුණවර්ධන, ප්‍රිශාන්ත (2007), පුරාවිද්‍යාව හැඳින්වීම සහ මූලික සංකල්ප, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජා-ඇල.
  • චක්‍රභාර්තී, දිලිප් (2001), ඉන්දීය පුරාවිද්‍යාවේ ඉතිහාසය, පරිවර්තනය ඩී.එල්. අබේවර්ධන, සමන් ප්‍රකාශකයෝ, නුගේගොඩ
  • දිසානායක, සෙනරත් (2021), නව පුරාවිද්‍යාව එහි මූලධර්ම හා ශ්‍රී ලාංකේය භාවිතය, කර්තෘ ප්‍රකාශන, කෝට්ටේ.
  • බස්නායක, එච්.ටී. හා යූ. හෙට්ටිගේ (2008), පුරාවිද්‍යා ප්‍රවේශය, විස්තෘත නව සංස්කරණය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • රීඩර්, යොසෙෆ් (1991), ප්‍රකෘතිකරණය සහ සංරක්‍ෂණය, පරිවර්තනය ප්‍රේමලාල් කුමාරසිරි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.
  • රෙන්ෆ්‍රෑ, කොලින් හා පෝල් බාන් (2000), පුරාවිද්‍යාවේ සිද්ධාන්ත, ක්‍රම හා භාවිතය, අනුවාදක. රාජ් සෝමදේව, අනුවාදකගේ ප්‍රකාශනයකි.
  • ලගමුව, ඒ. (2000), ප්‍රායෝගික ක්‍ෂේත්‍ර පුරාවිද්‍යාව, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
  • වත්තල, ශරත් (2016), පුරාවිද්‍යාව හැදෑරීම, සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, කොළඹ. (ප්‍රථම මුද්‍රණය 1965)
  • විජේසූරිය, ගාමිණි (2021), සංස්කෘතික උරුමයන් සංරක්‍ෂණය හා කළමනාකරණය : නව ප්‍රවනතා, ICOMOS Sri Lanka, කොළඹ.
  • Archaeological Site Manual (1990), Edited by Spence Craig, Department of Urban Archaeology Museum of Landon.
  • Archaeology, The Key Concept (2005), Ed.by. Colin Renfrew and Paul Bahn, Routledge, London and New York.
  • Barker, Philip (1993), Techniques of Archaeological Excavation, B.T. Badsford Ltd, London.
  • Harris, Edward C. (1979), Principles of archaeological stratigraphy,
  • Hodder, Ian and Scott Hutson (2003), Reading the past: current approaches to interpretation in Archaeology, Cambridge University Press
  • Renfrew, C. & P. Bahn (2003), Archaeology: an introduction, Thames & Hudson, New York.
  • Renfrew, C. & P. Bahn (2016), Archaeology; theories, methods and practice, 7th edition, Themes & Hudson, New York.
  • Trigger, Bruce (1996), A history of archaeological thought, Cambridge University Press