පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ඉංජිනේරු අනුරාධ පියදාස විසින් 2023.05.16 දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ආරාධනයෙන් එම අධ්‍යයන අංශයේ තෙවන වසර සිසුන් සඳහා මාර්ග දේශනයේ පවත් වනු ලදී. මේ සඳහා සිසුන් 30ක් සහභාගී වු අතර මෙහි Google Earth හා Google My Maps භාවිතා කිරීම පිළිබඳව නිරූපණයක් ද සිදු කරන ලදී.

මෙම වැඩසටහන සමිබන්ධීකරණ කිරීම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල විසින් ද එය ‌මෙහෙය විම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ තුසිත දිසානායක විසින් සිදු කරන ලදී

මෙම වැඩ සටහන එම අධ්‍යයන අංශයේ අවශ්‍යතාව අනුව පැය දෙකහාමාරක් වැනි කෙටි කාලයකදී පහත සඳහන් මාතෘකා ආවරණය වන පරිදි පවත් වන ලදී.

  • ඉතිහාස අධ්‍යයනය සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය
  • GPS තාක්ෂණය පිළිබඳ කෙටි හැඳින්වීමක්
  • ජංගම දුරකථනය භෘවිතා කර අක්ෂාංශ සහ දේශාංශ ලබා ගැනීම
  • ඉතිහාස අධ්‍යයන කටයුතු වල දී Google Earth හා Google My Maps භාවිතය

මාර්ග දේශනයේ පටිගත කල වීඩියෝවට සබැඳිය පහත දක්වා ඇත. මෙය කිසිදු සංස්කරණයකින් තොරව පල කර ඇත.

පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමට සබැඳිය