Courses

Courses

The Institute of Archaeology and Heritage Studies is conducting online courses from 2020. Our aim is to make archaeology and heritage studies in Sri Lanka accessible for everyone. IAHS is the academic arm of prestigious archaeology.lk website. To learn more about our institute, please visit this page.

This page provides the details of our active and archived courses.

If you need to know more about our courses, please feel free to contact us on 070 789 9 789 or drop us an email at info@iahs.lk.

Active Courses

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු – 2022

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු, පුරාවිද්‍යාව පිළිබඳ උනන්දු අය උදෙසා පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් සංවිධානය කරනා මාර්ගගත කෙටි කාලීන පාඨමාලාව

Archived Courses

කෞතුකාගාර විද්‍යාව – කෙටි මාර්ගගත පාඨමාලාව 2021

හැඳින්වීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සංදිස්ථානයක් වන කෞතුකාගාර, මානව වර්ගයා සහ පරිසරය පිළිබඳ මූලික පැහැදිලි සාක්ෂි සංරක්ෂණය හා අර්ථ නිරූපණය කිරීම සඳහා කැප වූ ආයතනයකි. අතීතයේ කෞතුකාගාර යන්න පැරණි භාණ්‌ඩ එකතුන් රැසක්‌ එක්‌රැස්‌ කොට තිබෙන ස්‌ථානයක්‌ වුවත් වර්තමානය වන විට කෞතුකාගාර සමාජ ක්‍රියාවලිය හා බද්ධ වී ක්‍රියාකරන ඉතා වැදගත් ආයතනයක්‌ බවට පත් වී ඇත. අද කෞතුකාගාර [...]

උරුම කළමනාකරණය සඳහා හැඳින්වීමක් – මාර්ගගත කෙටි පාඨමාලාව 2021

උරුම කළමනාකරණය : හැඳින්වීම ‘උරුමය’ යනු ආවේණික හෝ සමාජ ආරෝපිත අගයන් මත පදනම්ව අධ්‍යාපනය, පෙලඹවීම, සැමරීම සහ භාවිත කිරීම වෙනුවෙන් සමාජයන් විසින් ආරක්ෂා කිරීමට තීරණය කරන අනන්‍යතාවේ නිර්වචන සපයන සාධක යි. උරුමය කළමණාකරණය ඉතා සීග්‍රයෙන් ඉදිරියට ඇදෙන විෂයයක් ලෙස ප්‍රචලිත වෙමින් පවතී. වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල පුරාවිද්‍යා ක්ෂේත්‍රය සමග බැඳී පවති නමුත් ගෝලීය වශයේන ලබා [...]

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කෙටි පාඨමාලාව 2021

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව: හැඳින්වීම මිනිස් අතීතය පිළිබඳව භෞතික අවශේෂ තුළින් අවබෝධයක් ලබාගැනීම සඳහා වර්ධනය කර ඇති ශික්ෂණයකි, පුරාවිද්‍යාව. එකී විෂය මඟින් විධිමත් ව හදාරනු ලබන පුරාවිද්‍යා සහ සංස්කෘතික උරුමය බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් හා උද්යෝගයක් මතු කිරීමට හේතු වී ඇත. පුරාවිද්‍යාව විෂය ශුද්ධ විද්‍යාත්මක මෙන් ම සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පදනමක සිට අධ්‍යයනය කළ [...]

GIS for Archaeology

The Institute of Archaeology and Heritage Studies intends to launch an online GIS course entitled 'GIS for Archaeology'. Maps and Geographic Information Systems (GIS) serve a valuable role in Archaeological data management. Archaeology is a field that is closely linked to geographical phenomena, so a thorough knowledge of GIS technology is essential for anyone in [...]

පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධති 2022

සිතියම් සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණයේ දී ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරයි. පුරාවිද්‍යාව යනු භූගෝලීය සංසිද්ධි හා දැඩි ලෙස සම්බන්ධ වන විෂය ක්ෂේත්‍රයක් වන බැවින් GIS තාක්ෂණය විවිධ ආකාරවලින් භාවිතා කළ හැකිය. ක්ෂේත්‍ර කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති උපාංග භාවිතයෙන් ක්ෂේත්‍ර දත්ත රැස් කිරීම වැදගත් වන අතර රැස්කරන ලද දත්ත GIS භාවිතයෙන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට හැකියාව ඇත. ඊට අමතරව චන්ද්‍රිකා ඡායරූප, ගුවන් ඡායාරූප සහ වෙනත් ඓතිහාසික දෘඩ පිටපත් සිතියම් බොහෝ පුරාවිද්‍යාත්මක භාවිතයන් සඳහා ඉතා වැදගත් දත්ත ප්‍රභවයන් වේ. පුරාවිද්‍යාත්මක දත්ත සිතියම්ගත කිරීම පුරාවිද්‍යාත්මකව පමණක් නොව තවත් බොහෝ තිරසාර සංවර්ධන කටයුතු සහ සංරක්ෂණ කටයුතු සැලසුම් කිරීම යනාදිය උදෙසා වැදගත් වෙයි.